Tuesday, July 16, 2024

පළාත් මන්ත‍්‍රීවරයා සමග ප‍්‍රසිද්ධියේ ඇඳුම් ගලවන්න මහ පිරිසක් පෝලිමේ….. – සුනිල් ජයසේකර

අන් බොහෝ කරුණු වලට වඩා වෙනස්ව යමින් එක් කරුණකට අදාළව ශ‍්‍රී ලංකාවේ බහුතර ජන පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අරාජිකත්වයකට පෙම් බ`දිති. අරාජිකත්වය තුළ හෝ තම අරමුණ සඵල කරගත හැකි වෙතොත් ඔවූහූ නිහ`ඩ වෙති. යම් හෙයකින් තම අරමුණ ඒ ආකාරයට ඉටුකරගැනීමට නොහැකි බව පෙනී ගියහොත් පළමුව  ඕනෑම අල්ලසක් දීමට ද ඔවුනට කිසිදු හිරිකිතයක් නැත. එමගින් ද තම අරමුණ ඉටු නොවන්නේ නම් සාධාරණත්වය ඉල්ලා මහපාරේ අරගලද කරති. ඔවුන් එසේ අරගල කරමින් ඉල්ලා සිටින්නේ ද සමාජයක් ලෙස ලැබිය යුතු සාධාරණත්වයක් නොවේ. තමන්ට අදාළ වූ සාධාරණත්වයකි.

ඒ පූර්විකාව රජයේ පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ අරගලයේදී මේ රටේ අති බහුතර ජනතාව අනුගමනය කරන පොදු පිළිවෙතක මතුපිට ස්වභාවය පිළිබ`දවය. මේ තිත්ත ඇත්ත සමාජයක් ලෙස පොදුවේ වටහා ගන්නා තුරු ඒ පිළිබ`දව සැබෑ ප‍්‍රතිකර්මයක් ලබාගැනීමට කිසිදු මා පියෙකුට නොහැකි වනු ඇත.  මන්ද අර්බුදයේ නිර්මාපකයන් කවුරුන් වුවද එහි රැකවලූන් වන්නේ ඔවුන්ම වන නිසාය.

පොදුවේ ගත්කල ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයම පසුගිය දශක කිහිපයක සිට අනුක‍්‍රමිකව අර්බුදයක් වෙත ගමන් කරමින් සිටින ක්ෂේත‍්‍රයකි. එය අර්බුදයක්ව ඇත්තේ අපගේ අධ්‍යාපනයේ අවසන් ඵලය මුහුණ දෙන කරුණු ගණනාවකට අදාළව එමගින් පිළිතුරු සපයනවාද යන ප‍්‍රශ්නය මතය.

එනම්,

නූතන ගෝලියකරණය තුළ වටිනාකම් තහවුරු කරන උසස් අධ්‍යාපනයක් හා වෙළෙ`ද පොළ ආර්ථිකයට සරිලන දැනුවත් පිරිසක් එයින් බිහිකළ හැකිද?

සමාජයට අවශ්‍ය දැනුම හා කුසලතා මත පදනම් වූ ප‍්‍රඥාවන්ත විචාරශීලි උගතුන් එමගින් බිහිකරයිද?

විශාල පාසල් තවදුරටත් විශාල වෙමින් කුඩා පාසල් වැසියාමට ඇති පිළිතුර කුමක්ද, පාසලකට ළමුන් ඇතුළත් කිරීම, ගුරු හි`ගය හා වෘත්තීමය පුහුණුවකින් යුත් විදුහල්පතිවරුන් ඇතු`එ පරිපාලන ගැට`එ වලට ලබාදෙන විසදුම් මොනවාද  සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමකාමි අනාගතයක් පිළිබ`දව හැ`ගීමකින් යුත් පුරවැසියෙකු බිහිකිරීමට සමත් අධ්‍යාපන ක‍්‍රමයක් අප සතුව ඇත්ද යන පිළිතුරු සපයාගත යුතු ප‍්‍රමුඛ ප‍්‍රශ්න ඒ අතර වේ.

එහෙත් ඒ සියල්ල ස`දහා පිළිතුරු සෙවීමේ ප‍්‍රමුඛ වගකීම ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන විශේෂඥයින්ට හා සමාජ විද්‍යාඥයින් ප‍්‍රමුඛ වෘත්තීයවේදී නායකත්වයක් පෙරටුකොටගත් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ටය. රටේ ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි වගකීම ඇති දේශපාලනඥයින්ට එම වගකීම කරමතට එන්නේ විශේෂඥ නිගමන හා නිර්දේශ ඇතුළත් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් තහවුරු කිරීමේදීය. එහෙත් එහිදි රට පාලනය කරන ආණ්ඩුවකට හා දේශපාලකයන්ට ප‍්‍රමුඛ වගකීමක් නොමැති බවක් එයින් අදහස් නොවේ. නමුත් ඒ ස`දහා වූ සමාජ තෙරපුමක් ද අත්‍යවශ්‍යය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත්විට අප රට තුළ දක්නට නොමැත්තේ ද එයයි.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළ අටෝරාශියක් ප‍්‍රශ්න තිබියදීත්, ඊට ගොදුරු වූ සමාජයක් එවැනි තෙරපුමකට නොපිවිසෙන්නේ ඇයි? අමුවෙන්ම කිවහොත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් පිළිබ`දව රාජ්‍ය මට්ටමෙන් ගෙන එන යෝජනාවන් පවා කිසිදු සංවාදයකට නොගනිමින් පරාජය කරන්නට ලාංකීය සමාජය පෙරමුණ ගන්නේ ඇයි? විවිධ ආණ්ඩු පසුගිය කාලය පුරා ගනු ලැබූ එවැනි ඇතැම් උත්සාහයන් තුළ පටු අරමුණු තිබුණේ යැයි සිතුවද අධ්‍යාපන විශේෂඥයන්, සමාජ විචාරකයන්, අධ්‍යාපන වෘත්තිකයන්ගෙන් ඇතැමෙක් මීට අදාළව සමාජය ඉදිරියේ තබන ලද වැදගත් යෝජනා පවා කිසිදු සංවාදයකින් තොරව යටපත්ව ගියේ ඇයි?එය විමසිය යුතුව ඇති ප‍්‍රශ්නයකි.

කටුක යථාර්ථය හෙවත් තිත්තම තිත්ත ඇත්ත නම් පල් වූ වළක් තව තවත් පල් වනු දකින්නට ද පල් වන තරමටම හිතු හිතු ලෙස එය ඉහගන්නට ද අද වනවිට ශ‍්‍රී ලාංකීය සමාජයේ අති බහුතර පිරිසක් පෙළගැසී සිටීමය. නව යුවළක් විවාහ වන දිනයේ විවාහ සහතිකයට සුපිරි පාසලක් ආසන්නයේ ලිපිනයක් ඇතුළත් කරගැනීමේ සිට හොර ඔප්පු, හොර බිල්පත්, එකතු කර ලිපිගොණු සකසා තබාගනිමින් ළමයා පාසල් යන වයසට එළැඹි විට තම දරුවාට ද බොරු කටපාඩම් කරවා සම්මුඛ පරීක්ෂණයට යොමු කරවන්නේ ඔවුන්ය. එයින් ද නොනැවති විදුහල්පතිගේ සිට අවශ්‍ය  ඕනෑම අයෙකුට  ඕනෑම පගාවක් දෙන්නටත් ඒ බොහෝ දෙනෙකු සූදානම්ය. අන් සියල්ලටම වඩා එහි රහසද එම රහසේ රසද දන්නේ විදුහල්පතිවරුන්ය. ඔවුන්ට එය රන් ඉල්ලමකි. දේශපාලකයන්ද ඒ අතරට එක්වේ. ඔවුන්ද තම තමන්ට හිමි කෝටා ඉල්ලා සිටින්නේ ඒ නිසාය. එය නොලැබුණ කළ ඊයේ දිනයේදී බස්නාහිර පළාත් සභා රැස්වීමේදී එක් මන්ත‍්‍රීවරයෙක් සරම ගලවා ඉවතට විසිකර තම වරප‍්‍රසාද නොලැබීම පිළිබ`දව විරෝධය පළකරන ලද්දේ ඒ නිසාය. ඔහු සරම ගලවා දැමුවේ මේ මජර ක‍්‍රමයට එරෙහිව නොවේ. ඒ තුළ තමන්ට ලැබිය යුතු යැයි ඔහු සිතා සිටින වරප‍්‍රසාදය නොලැබීම නිසාය. ඒ අනුව බලන කල අපේ රටේ පුරවැසියන් බොහෝ දෙනෙකු ද ඔහුට වඩා වෙනස් නැත.

මේ රටේ අනාගතය ර`දා පවතිනු ඇත්තේ අද ක‍්‍රියාවට නැගෙන අධ්‍යාපන පිළිවෙත මත යැයි යමෙකු විශ්වාස කරන්නේ නම් රටේ අනාගත යහපත හා ජනජීවිතයේ සුරක්ෂිතභාවය උදෙසා ගතයුතු අත්‍යවශ්‍යම පියරවක් වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ඇති මේ අර්බුදයට දිගු කාලීන විසදුමක් සොයාගැනීමය. නොඑසේනම් වැඩිකල් නොගොස් රටේ පොදු ජනතාවටද සිදුවනු ඇත්තේ ඇ`දිවත ගලවා දමා ඊයේ දිනයේ සමාජයට පූර්වාදර්ශ සැපයූ දේශපාලනඥයා පසුපස යමින් ඔහු අනුගමනය කරන්නටය.

 

 

Archive

Latest news

Related news