Friday, May 3, 2024

ප්‍රෙඞීට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගන්නා ලෙසට බල කෙරෙන උද්ඝෝෂණය 4දා

( ප්‍රෙඩී ගමගේ බැලීමට රෝහලට පැමිණි රංජන් රාමනායක ඇතුලු පිරිස්; පිනතූරය- මීපුර)

මීපුර පුවත්පතේ හා මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඞී ගමගේ මහතාට අද දින මීගමුව මහ නගර සභා භූමියේ දී පහරදුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකෙරෙන උද්ඝෝෂණයක් 4වන සෙනසුරාදා උදේ 11 ට මීගමුව නගරයේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙන බව ජාතික ධීවර සහයෝගීතාවයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා අයිතිය වෙත පැවසීය.

සිවිල් සංවිධාන, වෘත්තීට සමිති හා මාධ්‍ය සංවිධාන ඒකාබද්ධව පැවැත්වෙන මෙම උද්ඝෝෂණය සදහා මෙම මැර ප‍්‍රහාරයට විරෝධය දක්වන සෑම දේශපාලන පක්ෂකටම ආරාධනා කිරීමට බලාපොරොත්තුවන බවත්, දිනෙන් දින මීගමුව තුළ වර්ධනය වන මෙම මැර දේශපාලන සංසකෘතියට එරෙහි සෑම පුරවැසියෙකුටම මෙම උද්ඝෝෂනය සදහා සහභාගීවන ලෙස ආරාධනය කරන බව නිදහසේ වේදිකාවේ හා විදියේ විරෝධය කැදවුම්කාර මණ්ඩල සාමාජික බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අප සමග පැවසීය.

මැර දේශපාලණය අවසන් කිරීමට ශපථ කර පැමිණ නව රජය යටතේ තවමත් පැරණි ආකාරයම මාධ්‍යවේදීන් ඇතුලූ සමාජ කි‍්‍රයාකාරීන්ට එරෙහිව මෙවැනි කෲර ප‍්‍රහාර එල්ල කිරීම ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැප වූ කිසිවෙකු අනුමත නොකරන කි‍්‍රයාවකි.

ජනවාරි 08 ට වෙනසට පෙර දිනක දී මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්තී‍්‍රවරයෙකු වෙත මන්නා පිහි ප‍්‍රහාරයක් එල්ල වී ඔහු බරපතල තුවාල ලැබීය. ප්‍රෙඞී ගමගේ මහතාට පහර දීමට දින කිහිපයකට ප‍්‍රථම මීගමුව නගර සභාවේ ප‍්‍රබල නිලයක් දරන තැනැත්තියකට මෙම මැරයන් විසින් තම රාජකාරී කාලය තුළ සිදු කළ මැර තර්ජනයක් හේතුවෙන් එම තැනැත්තිය රෝගාතූරව නේවාසික ප‍්‍රතිකාර ලබා ගෙන තිබෙන බවද වාර්තා වේ.

මෙම සියලූම මැර කි‍්‍රයාවන් එක කණ්ඩායමක් විසින් සිදු කළ බවට සැක කරනු ලබන අතර, පෙර සිද්ධි වලදී ඔවුන් වෙත ලැබී තිබූ දේශපාලණ බලය මත අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවීය. නමුත් යහපාලන රජය තුළත් මෙම මැරයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවන්නේ නම් එයට එරෙහිව නැවත පාරට බැසීම හැර වෙන විකල්පයක් නොමැති බව බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා තව දුරටත් අප සමග පවසා සිටියාය.
– අයිතිය වෙබ් අඩවිය

Archive

Latest news

Related news