Saturday, July 27, 2024

නිදහස් වෙළෙඳ කළාප අරගලයේ දී දිවි පිදු රොෂේන් කොළඹ දී සිහි කෙරෙයි !

නිදහස් වෙළඳ කළාප සහෝදර සහෝදරියන්ගේ අර්ථසාදක දීමනාව ආරක්‍ෂාකර ගැනිම සඳහා පැවති අරගලයේදි දිවි පිදු රොෂේන් ශානක තරුණ කම්කරුවාගේ 05 වැනි සැමරුම පවුලේ ඥාතීන් ඇතුළු නිදහස් වෙළෙඳ කළාප සහායෝගීතාවයේ සාමාජිකයින් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ද සහභාගි වෙමින් අද එනම් ජුනි මස පළමුවෙනිදා පස්වරුවේදි කොළඹ ගාළුමුවදොර පිටියේදි සමරන්නට විය.  2011 වසරේ මැයි මාසේ දි කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් විසින් නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ත කම්කරුවන්ගේ ඊ පි එෆ් සහ ඊ ටී  එෆ් ඇතුළු ව්‍යවස්ථාපිත අයිතීන් රැකගැනීම සඳහා දින කිහිපයක් මුළුල්ලේ නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවන් දස දහස් ගණනක් ඒකරාශි වෙමින් දැවැන්ත උද්ඝෝෂණ පෙළක් දියත් කළ අතර, මැයි මස 31 වෙනිදා වෙළෙඳ කළාප ප‍්‍රධාන දොරටුව අසළදි පවත්වන්නට යෙදුණු උද්ඝෝෂණයේ දි රොෂේන් ශානක නම් වු කම්කරු තරුණයා අනීතික ලෙස පොලීසිය විසින් වෙඩිතබා මරා දමන ලදී. මැයි මස 31 වෙනිදා තැබු වෙඩි පහරින් බරපතල තුවාල ලත් රොෂේන් රෝහල් ගතකර පසුව, ජුනි මස පළමුවෙනි දා ජීවිතක්‍ෂයට පත්විය.

 රොෂේන් එසේ ජීවිතයෙන් සමුගත් අතර තවත්  සේවක සේවිකාවන් සිය ගණනක්  අමානුෂික පොලිස් ප‍්‍රහාරයන්ට ගොදුරු වුහ. එම පිරිස් අතරින් වර්තමානය වන විට සේවක සේවිකාවන් 13 දෙනෙකු විසින් මුලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණ කි‍්‍රයාවලියක නිරත වන අතර තවත් සේවක සේවිකාවන් 03 නෙකු සදාකාළික අබ්බගාතයින් බවට පත්වි දිවි ගෙවති.

මගේ පුතා මරාදාලා අදට වසර පහයි. තාම මහානාම වාර්තාව නැහැ -  රොෂේන්ගේ මව, මේරි ස්වර්ණකාන්ති
මගේ පුතා මරාදාලා අදට වසර පහයි. තාම මහානාම වාර්තාව නැහැ – රොෂේන්ගේ මව, මේරි ස්වර්ණකාන්ති

“අදට අවුරුදු පහක් වෙනවා මගේ පුතාව මරලා. අපි මහානාම තිලකරත්න වාර්තාව ඉල්ලූවා නමුත් වසර පහක් ගිහිල්ලත් තාමත් ලැබුණෙ නැහැ. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අර්ථසාධකය මංකොල්ලකන්න ගිය නිසා තමයි මගේ පුතා මැරුනෙ. ඒ වෙනුවෙන් අරගල කරන්න ගිහිං. අර්ථසාධකය කියන්නේ ලංකාවේ තිබෙන විශාලම මුදලක්. ඒක මංකොල්ලකෑවනම් පෞද්ගලීක අංශයේ සේවකයින්ට අයිති වෙන්නේ මහපාර. පහුගිය රජයෙන් කරපු අපරාධයක්. මම ඉල්ලා සිටිනවා මේ රජයෙන්වත් මහානාම තිලකරත්න වාර්තාව අපට දෙන්න. ඒ වගේම ගුටිකාපු අයට වන්දි මුදලක් ද ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

රනිල්ගේ පිළිමයවත් මංගලගේ වාර්තාවවත් තවම නැහැ -  බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
රනිල්ගේ පිළිමයවත් මංගලගේ වාර්තාවවත් තවම නැහැ – බි‍්‍රටෝ ප‍්‍රනාන්දු


“2011 දී අර්ථසාධකය ආරක්‍ෂා කිරීම සඳහා කම්කරුවන් ගෙන ගිය අරගලයේදී වෙඩි තියලා ඝාතනය කරන ලද රොෂේන් ශානක කම්කරුවාගේ පස්වැනි සැමරුම තමයි අද අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන්නෙ. ඒ ඝාතනය සිදුවෙලා මාස තුනෙන් කටුණායක පොලීසිය ඉදිරිපිටදි හැම මාසෙම පළමුවෙනිදා මේ උද්ඝෝෂණය කරලා තිබෙනවා 56 වතාවක්. අද අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ මේ මහානාම තිලකරත්න ඒකපුද්ගල ජනාධිපති කොමිසම් වාර්තාව එළිදක්වන්න කියලා කියන්න. එහෙම කියන්නේ රොෂේන්ගෙ අම්මා දරුවාගේ අවසාන මොහොතෙදි සිද්ද වෙච්ච සිදුවීම ඒ වාර්තාවේ අඩංගු වෙලා ඇතැයි කියන විශ්වාසය උඩ, මොකක්ද උණේ කියලා දැනිගැනීමේ ඇති ශුද්ධවු අයිතිය හැටියට සළකලා තමයි ඒ මහානාම තිලකරත්න වාර්තාව එළිදක්වන්න කියලා අපි ඉල්ලා සිටින්නෙ. අපි මේ වන විට ලියුම් ගණනාවක් දීලා තියෙනවා. අවසාන ලිපියට අපිට පිළිතුරු ලැබිලා තිබුණා මේ ගැන සළකාබලලා ඒ වාර්තාව යම් කමිටුවක් විසින් නිරීක්‍ෂණය කරලා ඉන්පසු යම් පියවරක් ගන්නවා කියලා, නමුත් අද වෙනතුරුත් නැහැ.”
    
“නමුත් අපිට තිබෙන ප‍්‍රශ්නෙ, එදා මාස තුනේ සැමරීමට රනිල් වික‍්‍රමසිංහ මහත්මයා ඇවිත් කිව්වා කම්කරුවන්ට මේ අරගලය සිහිවෙන්න රොෂේන්ගෙ පිළිරුවක් හදන්න  ඕනේ කියලා. ඒ වගේම මංගල සමරවීර මහත්මයා ජිනීවා වලදි පොරොන්දු වුනා මේ සියලූ වාර්තා එළිදක්වන්න. අපිට හිතාගන්න බැහැ, පහුගිය රෙජීමය යටතේදි සිද්ධ වෙච්ච ඒ කෲරතර ඝාතනය පිළිබඳව, ඒ රෙජීමය යටතේදී සිදුකළ පරීක්‍ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මහජනයාට දැනගන්න සළස්වන්න මේ ආණ්ඩුවට නොහැකි ඇයි කියලා.”
 
තවදුරටත් ඔවුන්ට ජනාධිපති ලේකම්වරුන් හමුවී සාකච්ඡා කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව පැවසු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහානාම වාර්තාවේ තිබෙන දෑ දැනගැනීම ඔවුන්ගේ අයිතියක් බව පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,” එසේ දැනගැනීමට නොහැක්කේ නම් ජාත්‍යන්තරයේදි වෙච්ච පොරොන්දු කඩකරනවා නම් පසුගිය රෙජිමයේදි වෙච්ච ඝාතන හෙළිදරව් කරන්න අකමැති නම් අපිට හිතාගන්න තිබෙන්නේ මේ අයත් යන්නේ කොයි පැත්තටද කියලා. අපි තවමත් විශ්වාස කරනවා, මේ ආණ්ඩුවට පුළුවන් කියලා ඒ වාර්තාව ඉදිරිපත් කරන්න.” යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

එම අවස්ථාවට පැමිණ සිටි පිරිස් රොෂේන්ගේ ඡායාරූපය අභියස මල් තබා ඉටිපහන් දල්වා රොෂේන් ශානක කම්කරු තරණයාගේ ජීවිත පරිත්‍යාගය සිහිකරන්නට විය.
එම අවස්ථාවට පැමිණ සිටි පිරිස් රොෂේන්ගේ ඡායාරූපය අභියස මල් තබා ඉටිපහන් දල්වා රොෂේන් ශානක කම්කරු තරණයාගේ ජීවිත පරිත්‍යාගය සිහිකරන්නට විය.

 

මෙම අවස්ථාවේ ඡායාරූප පහත දැක්වෙන යොමුවෙන් පිංතුර තීරයෙන් බලන්න 

http://www.aithiya.lk/pictures.php?id=57

සටහන සහ ඡායාරූපය  මෙලනි මානෙල් පෙරේරා

– ස්තුතිය අයිතිය වෙබ් අඩවියට

Archive

Latest news

Related news