Friday, May 3, 2024

ඒ් දූෂිත රණවකත් මේ ලේකම් රණවකත් එක් අයෙක්ද?

(ද්විත්ව රංගනය)

දූෂණ සමබන්දයෙන් චෝදනා ලබා තිබෙන තවත් රාජපක්ෂ හෙංචයියකු යහපාලන ආණ්ඩුවේ සහකාර ලේකම් තනතරක් දරන්නෙද යන්න විමසමින් දූෂණ විරෝධී පෙරමුණ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත ලිපියක යවා තිබේ. එම ලිපිය පහත පළවේ.
2016 මැයි 26

ජිනදාස දඩල්ලගේ මහතා,
ලේකම්,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
කොළඹ 7.

ප්‍රිය ලේකම්තුමනි,

මේ රණවක, ඒ රණවකම ද?

වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) ලෙස ආර්.ඒ.ඒ.කේ.රණවක නම් අයෙකු කටයුතු කරන බව දැනගන්නට ලැබුණි.

පසුගිය ජනාධිපතිවරණයේ දී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස ආර්.ඒ.ඒ.කේ. රණවක නැමැත්තෙකු කටයුතු කළේය. ඔහුට එරෙහිව පහත චෝදනා යටතේ අධිකරණ කටයුත්තක් සිදුවන බව ජනමාධ්‍ය මගින් ද වරින් වර ප්‍ර‍චාරය කොට ඇත.

1. ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ පළමු ප්‍ර‍චාරක රැළිය ලෙස කැම්බල් පිටියේ (දිවි නැගුම සම්මේලනය නමින්) පවත්වන ලද උත්සවයකට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 60 ක මුදලක් වැය කිරීම (මිනිසුන් බස් වලින් රැගෙන ඒම (ප්‍ර‍වාහන), ආහාර සහ බීම සැපයීම සදහා)
2. සමෘද්ධි අධිකාරිය දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් කිරීමේ දී සමෘද්ධි බැංකුවේ මුදල් අව භාවිතය
3. ඡන්ද අල්ලසක් ලෙස රු. 2500 බැගින් (ඉසුරුමත් නිවහනක්) සමෘද්ධි අරමුදලින් බෙදාදීම
4. ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍ර‍තිරූපය නැංවීම සදහා ලිත් ලක්ෂ 50 ක් එකක් රුපියල් 6 බැගින් වැය කිරීම (සැබෑ ලෙසම මුද්‍ර‍ණය කොට ඇත්තේ ලිත් ලක්ෂ 33 ක් බව බවට මුද්‍ර‍ණකරු පවසයි)

පසුගිය ජනාධිපතිවරණයේ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ මුදල් අවභාවිත සදහා පරිපාලන අවශ්‍යතාවන් ඉටු කළ ඒ රණවක, වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන රණවකමද?

ඒ රණවක, මේ රණවකම නම්, ඔහුට ආයතන සංග්‍ර‍හයේ 27.10 ජේදය (සාපරාධී වරදක් සම්බන්ධයෙන් හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ රජයේ නිලධරයකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති අවස්ථාවක දී නියමිත බලධරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධරයාගේ වැඩ තහනම් කළ යුත්තේය) අදාල නොවන්නේ මන්ද යන්න පිළිබද අප සංවිධානය දැනුවත් කරන්නේ නම් ඒ පිළිබදව බෙහෙවින් කෘතඥ වෙමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
පිටපත – රාජ්‍ය සේවා කොමිෂන් සභාවඒ් දදූෂිත ඒණවකත් ෙම්

Archive

Latest news

Related news