Sunday, May 5, 2024

බැසිල් රැක ගැනීමට මාතර සහකාර පොලිස් අධිකාරී මාධ්‍යවේදීන් උසාවියෙන් දොට්ට දමයි!

(බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවට ගෙන ආ අවස්ථාව – ජායාරූපය: දිනමිණ)

පසුගිය 12දා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාතර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙහි සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ විසින් අධිකරණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය වේදීන් ගෙට්ටුවෙන් එළියට දමා ඇති බව වාර්තා වේ. මහෙස්ත්‍රාත් නියමය අනුව එම පියවර ගත් බව මාරසිංහගේ ප්‍රකාශ කළ ද එවැනි නියෝගයක් නිකත් කර නැති බව ද ලංකාදිප සහ දිනමිණ වාර්තා කර තිබේ.

මේ  පිලිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැති වික්‍රමසිංහ විසින් කරන ලද නියෝගය සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා 13 දින පරීක්ෂණ පියවර ගෙන තිබේ.

ජාතික රජයේ ප්‍රතිපත්ති අනුව මාධ්‍යවේදින්ට රටේ ඕනෑම තැනක නිදහසේ රාජකාරි කළ හැකි බවද අගමැතිවරයා එම නිලධාරින්ට දැනුම් දී ඇති බව දිනමිණ වාර්තා කර තිබේ.

Archive

Latest news

Related news