Thursday, April 25, 2024

උඩුවේ ධම්මාලෝක හිමිගේ නොපෙනෙන කුණුහරුප

කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට අලි පැටවා ගෙනත් දැමූ දිනයේ සිඳු වූවා යැයි කියනා සිඳුවීම් පෙල කියවා සිටින්න….
මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.
ඒ කතාව මෙන්න මෙහෙමයි.
මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී ණඩීක Jඅයනත් Wඉජෙවීර ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Mඅදවි ළොකුකරවිඅ නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.
‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්.”

ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.

නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.
ඒ වනවිට මම මගේ මල්ලිටත්, මධුර ද සිල්වා නදීක හපුආරච්චි, ජගත් ගුණවර්ධන, සජීව චාමිකර, තිලක් කාරියවසම්, පුබුදු වීරරත්න වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)
ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.
මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.
ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ නදීක හපුආරච්චි තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.

මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.

වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.

නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.
පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.
මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.
උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.
අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)
මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.

‘‘මේ දරුව කාගෙද ? “

 ‘‘මගේ හාමුදුරුවනේ”

 ‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා.”

මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. – ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම්.”
මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.
මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.
එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.
අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.
මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.
මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.//
උඩුවේ නම් චීවරධාරියා අලි පැටියා පන්සලේ දමා ගිය දිනයේ නැටූ විගටම බොහෝ පැහැදිලිය. තමා බොරු කියන්නේ නැතයි මහ පොළොව දන්නේ යැයි කියනා චීවරධාරියා ඉන් පසු හැසිරෙන්නේ කෙසේද? මුලින්ම කිසිඳු රෝගයක් නැතිව පෞද්ගලික රෝහලක නවතින්නේය. මේවාට අත් අඩංගුවට ගත යුතු වන්නේ මේ චීවරධාරින් නොවේ. දොස්තරහොරුය. අපරාධකරුවන්  මෙන්ම, අපරාධකරුවන්ට රැකවරනය දෙන උන්ද අපරාධකාරයෝය.
ඉන් පසු මාද්දියවේදියෙකුට සඟිස්කුරුතියෙන් ධර්ම දේශනාවක් කල බවද අරාංචි විය. කිරිඇල්ලගේ ඇටවල්ල කඩාගෙන කන්න හදන අති සෙරේස්ඨ මාද්දියවේදියෝ ඒ වෙනුවෙන් නගපු හඬ කුමක්ද? උන් බය චීවරධාරියාටද, චීවරයටද, චීවර පාතාලයටද?
මේ රට කාබාසීනියා කල පසු ගිය රජය මේ රටේ මෙතෙක් නොතිබු සංවිධානාත්මක සංඝ පාතාලයක්ද බිහි කළේය. ඔවුන් කව්දැයි කියා මාතලන් නොකිව්වාට මේ රටේ සියල්ලෝම දන්නවාය. අද අන් සියළුම සමාජ විරෝධි කන්ඩායම් වලට වඩා, මේ රටට, නීතියට හා අධිකරණයට සාපයක් වී ඇත්තේ, මේ සංඝ පාතාලයයි. මුන්ගේ සියළු වැරදි වසා ගන්නේ සිවුරට මුවා වෙලාය. දැන් කතාව යන්නේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනවා කියා නෙමේය. බුද්ධාගමට හා සාසනේට ගහනවා කියාය.
රජගෙදර රිලවා මේ අලි හොරා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ ඒ නිසාය. අත් අඩංගුවට පත් වන වෙලේ රටේ ජනතාව කලබල විය යුතු නැතැයි කියන්නේද අලි හොරාමය. රටේ ජනතාවට මේ හොර දෙටුවන් ගැන ප්‍රශ්ණයක් නැත්තේය. මුන්ව ළොකු වෙලා තියෙන්නේ, රාජපක්ෂ ප්‍රමුඛ හොර නඩයට හා මේ රටේ මදාවියන්ට පමණය. සාධරනය හා යහපාලනය බලාපොරොත්තු වන යුක්ති ගරුක ජනතාව ඉල්ලා සිටින්නේ, කිසිම බේදයක් නැතිව මිනීමරුවන්ට, හොරුන්ට මෙන්ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමය.
මොහුට ඇප ලබා දෙන්නේ අස්ගිරි මහා නායකගේ ආදාහන කටයුතු සංවිධානය කිරීම සඳහා කියාය. එතකොට අනෙක් අපරාධකරුවන්ටත් තම දෙමව්පියන් මිය ගිය විට ඇප ලබා දෙන්නේද? ඇත්තටම අධිකරණයට පිස්සුද? එහෙම නැත්නම් හැටිද? මේ රටේ නීතිය සෑම එකාටම එක සමාන නැද්ද? එසේනම් පොට්ට නවුසර්ට අනිවාර්යයෙන් නිදහස ලබා දිය යුතුය. මන්ද උන්ගේ ආගම ධර්මයට අනුව ප්‍රාණ ඝාතය එතරම් අවුලක් නොවෙන නිසාය.
දැනට ලැබෙන තොරතුරු අනුව තිලින ගමගේ නම් නඩුකාර හාන්දුරුවන්ට අලියා විකුණා තිබෙන්නේද මේ චීවරධාරියාය. මේ චීවරධාරින් අලි ළඟ තබා ගත්තවුන් පමණක් නොවේ අලි බිස්නස්කාරයෝය. ලැබෙන තොරතුරු අනුව බිස්නස් හෙඩ් කුවාටර්ස් එක වී ඇත්තේ මහරගම පැත්තේ පන්සලකි. මාකටින් මැනේජර්ලා වී අත්තේ මේ අලි පචයා සහ දෙව්රම් වෙහෙරේ වැඩ හින්නා මහ රහතන් වහන්සේය. උන්ට එරෙහිව පරීක්ෂන කටයුතු ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මේ කාරනයේදීද අනෙක් සියළුම අපරාධවල මෙන්ම ජලය ගලාගෙන යන්නේ පහත්ම තැනින්ය.
අලි රොෂාන් කියන්නේ මේ අලි මාෆියාවේ සේවකයකු පමනි. ඌ කර තිබෙන්නේ ඇතින්න මරා දමා පැටවුන් ඇල්ලීම පමණය. එයින් පසුව ප්‍රවාහනය, විකීනීම, හා මුදල් ගනුදෙනු සියල්ල සිඳුවී ඇත්තේ සර්වබලධාරි දෙවියන් වහන්සේ හා සංඝ මාෆියාවේ පූරණ සහභාගීත්වයෙන්ය.
පාතලයේද දේශප්‍රේමින් ඉන්නා බව කියමින් ආන්ඩුවට වෝනින් දෙන්නේද කාලකන්නි හාන්දුරුවරුය. උන් හාන්දුරුවරුන් නොව ආලවක යකුන්ය. ඇත්ත කතාව නම් පාතලයේ දේශප්‍රේමින් සිටීම නොව සංඝයා පාතාලයේ ඉන්නා බවය. මුන් අධිකරණවලට ගොඩවී තග දමන්නේ ඒ නිසාය. අධිකරණ තීන්දූ වලට ගෙම්බර් දාන්නේ ඒ නිසාය. ඇත්තටම කතාව නම් ආන්ඩුව මෙන්ම අධිකරණයද මේ සංඝ  මාෆියාවට අම්බානක බය බවය.
දැන් නීතී පති ළඟ කේස් ඇති සියළුම ගිහියන්ට නඩු වලින් ආරක්ෂා වීමට නම් කළ යුතේ එකම එක දෙයකි. වාහම බෞධාගමේ සාමනේර හිමි නමක් වීමය. ජොනීට නම් කියන්නට වන්නේ ෆාදර් කෙනෙක් උනාට වැඩක් නැති නිසා, වහාම ආගම මාරු කරගෙන, සිවුරක් පොරවා ගන්නා ලෙසය. අනික් උන්ට කිරීමට ඇත්තේ සිවුර පෙරවා ගැනිම පමණය. හිරේ ගියද එක දවසෙන් එලියේය. යෝෂිත හා නිශාන්තලාටද ඇප ලබා ගැනීමට නම් ඇතුලේදීම සිවුරක් පොරවා ගත්තා නම් වැඩේ අහවරය.
මොකෝ මේ ආන්ඩුව මහින්දට ඝෝඨාභයටත් වඩා, පඬු පාන්කඩේට බය නිසාය.

අලි රොෂාන්ලා දඩයමේ නොයා, මේ අපරාධයේද මහා මොළ කරුවන්ට දීමට හැකි උපරීම දඬුවම් ලබා දෙනු….!!!

 අලි හොරුන්ට ඇප දීම තරයේ හෙලා දකිමු…!!!!

(චීවරයෙන් වසා ගත් පාතාලය – Under World under the Robe නමින් මාතලන්  බ්ලොග් අඩිවියෙහි පළ වූ ලිපියකි)

Archive

Latest news

Related news