Thursday, May 2, 2024

එදා එපා වූ ‘පොර්ට් සිටි‘ අද හොඳ වන්නේ කොහොමද? – මෙලනි මානෙල් පෙරේරා

(කබරගොයා තලගොයා වීම නොහොත් පෝර්ට් සිටිය හො

දැවැන්ත පාරිසරක ප‍්‍රශ්න ද සාගර ජෛව ප‍්‍රජාවට වන බලපෑම් ද ධිවර රැුකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු භෞතික ප‍්‍රශ්න ගණනාවක් මතුකළ, ඒ නිසාම මහත් ආන්දෝලනයකට පත්වුණු වර්තමානයේදීත් අධිකරණ කි‍්‍රයාවලියක් දියත් වෙමින් පවතින, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉඳිකිරිම් කටයුතු, උද්ගතවු සියලූ භාධක සමතකයකට පත්කරමින් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරණයේදි හා මහා මැතිවරණයේදි තමන් බලයට පැමිණි විට ”පෝර්ට් සිටි”ය වහා නවතා දමන බවට ජනතාවට එදා පොරොන්දු වු , මෙදා රනිල් – මෛත‍්‍රි ආණ්ඩුව අද ප‍්‍රකාශ කළේය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් සියලූ ගැටළු විසඳුණු බවත් පාරිසරික අධිකාරියේ අනුමැතිය ලැබුණු බවත් සංවර්ධන ක‍්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික‍්‍රම ඊයේ (පෙබ 10) ප‍්‍රකාශ කළේය.

චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් යන චීන සමාගමක් හා 2011 වසරේදි සාකච්ඡුා මට්ටමින් ආරම්භ කළ මෙම වරාය නගර ව්‍යාපෘතිය සඳහා කොළඹ ගෝල්ෆේස් නිල්ලට නුදුරු මුහුදේ වර්ග කිලෝමීටර 233 ක් වෙන්කර ඇති අතර, ඒ සඳහා මූල්‍ය වියදම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් වැය වෙන බව මීට පෙර ප‍්‍රකාශ කර ඇත. බර පැන චීන ආණ්ඩුවෙනි.

නව රජය පත්වීමට පෙර මහජනතාව වෙත තැබු මැතිවරණ පොරොන්දුව ලෙසට රාජපක්‍ෂ පාලන සමයේ දී වැඩ කටයුතු ආරම්කර තිබු මෙම වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය එවකට එල්ල වෙමින් තිබු මහජන විරෝධතා පදනම්කර ගනිමින් ආණ්ඩුව පත්වීමත් සමගම ව්‍යාපෘතිිය යළි අධ්‍යනය කිරීමට යැයි වහා නවතා දමන ලදී.

ඒ ,2015 මාර්තු මස 04 වෙනිදාය.  ඊට පෙරදා එනම් මාර්තු මස 03 වෙනිදා, පරිසරවේදීන් , ධිවරයින් , කිතුණු බොදුණු ආගමීක නායකයින් , විකල්ප මත දරණ කිතුණු ආගමීක කණ්ඩායම්, පරිසර හිතකාමි විද්වතුන් මෙන්ම පරිසර හිතකාමි සාමාන්‍ය ජනතාවත් , සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් හා මාධ්‍යවේදින්් ද ඇතුලත් වුණු ”පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය” විසින් කොළඹ දී දැවැන්ත විරෝධතාවක් දියත් කරමින් සමස්ත රටම අනතුරේ හෙලන පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නවතා දමන ලෙසට නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

විවිධ නුසුදුසු කම් මත ආන්දෝලනයට ලක්වු මෙම වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අධිකරණ ක‍්‍රියාවලියක් (නඩු කිහිපයක්ම) වර්තමානයේදි ද දියත්වෙමින් පවතින විට, එම නඩු විභාගයන් සියල්ල පසෙකට ලා, ව්‍යාපෘතිය පිළිබඳව පසුගිය දා ප‍්‍රසිද්ධියේ ලබාගත් මහජන මතය කුණු බක්කියට විසිකර දමා, පරිසරයට හා ජනතාවට ප‍්‍රශ්න ඇතිවන සෙයින්් වර්ථමාන ආණ්ඩුව විසින් ම නවතා දමා තිබු මෙකී සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කරනවා යැයි කෙසේ ප‍්‍රකාශ කරන්නේ ද යන්න විශාල ගැටළුවක් බව ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ප‍්‍රශ්න කරති.

යම් හෙයකින් වර්තමාන ආණ්ඩුව විසින්ද අර්බුද රැසක් ඉතිරිකර දෙන විනාශකාරි මෙම වරාය නගරය යළි ආරාම්භ කරන්නේ නම්, එය මහජනතාවගේ මතයට විශේෂයෙන් ම වරාය නගරය නිසා පීඩාවට පත්වන තම ධිවර ජනතාවගේ මතයට මෙන්ම ව්‍යාපෘතියේ ගොඩකිරීම් සඳහා භාවිතා කරන කළුගල් , වැලි සපයා ගන්නා ප‍්‍රදේශවල ජීවත්වන රට තුළ ජනතාවගේ මතයට පයින් ගැසීමක් බවත් වරාය නගර ව්‍යාපෘතිය නිසා මේ වන විටත් පිඩිවට පත්ව සිටින ධිවර ජනතාව ප‍්‍රකාශ කරති.

අර්බුදයට පත්වු මෙම ව්‍යාපෘතිය අධ්‍යනය කළ යුතු නිසාවෙන් ම නව රජය විසින් ම නවතා දැමු විට, පෙර සිදුවි තිබු පරිසර සාගර මෙන්ම අනෙකුත් විෂමතා මෙන්ම ධිවර ක්‍ෂේත‍්‍රයට සිදුවු සහ ඉදිරියට සිදුවන්නට නියමිත ප‍්‍රශ්න වෙනස් වන්නේ කෙසේ ද යන්න සාගරය ගැන හොඳින් දන්නා මීගමුව සිට දෙහිවල දක්වා මුහුදු තීරයේ් ජීවත්වන ධීවරයින්  හා පරිසරය වෙනස් වීම් ගැන හොඳින් දන්නා රටතුළ ජීවත්වන ජනතාව ප‍්‍රශ්න කරති.
චීනය හා ගිවිසුම් ගසාගත් මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම ජාතික මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රශ්න රැුසකට පාර කපයි , ලංකාව චීනයේ පුංචි කොලනියක් වීම වළකාලනු නොහැකි වෙයි.

මෙකී නගරය සහ එහි අන්තර්ගත දැ සහ එකී සංවර්ධනයේ ප‍්‍රතිලාභ කිසිසේත්ම රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට නොව අති සුළුතර ධනවත් පිරිසකට පමණක් සීමා වීම නිසා මෙම සංවර්ධන ව්‍යාපෘතිය රටේ පොදු අවශ්‍යතාවයක් නොවන බව ඒකාන්තය. එමෙන්ම අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් නොවන බව ඒකාන්තය.

ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීමට ඇති එකම මඟ, පරිසරය ද සාගරය ද මත්ස්‍ය සම්පත ද ගොඩබිම ද විනාශකරමින් මහා සාගරයක් ගොඩකර මෙවැනි ආකාරයේ අති සුඛෝපභෝගි සංචාරක නගරයක් බිහිකරමින් ක‍්‍රියාත්මක කෙරෙන සංවර්ධන ක‍්‍රියාවලියක් නොවන බව රටේ ඇති අනෙකුත් සම්පත් දෙස අවධානයකින් යුතුව බැලීමේදි ඉතාම පැහැදිළිව අවබෝධ කරගත හැකිය.

සංචාරක කර්මාන්තයෙන් ම විනිමය සොයන්නට ම නම් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ පරිසර හිතකාමි සංචාරක කර්මාන්තයක් (Eco Tourism )තුළින් ආදයම් උපදවා ගත හැකිය.

Port City, Colombo
Port City, Colombo

කෙසේවෙතත්,  මේ පුංචිම පුංචි රටේ ධීවරයාගේ ද සාමාන්‍ය මනුෂ්‍යාගේ ද ජීවිත විනාශකර දමන , සාගරය ද සාගර පතුල ද ජෛව ප‍්‍රජාව ද විනාශකර දමන, ඉදිරියේ දී අනාගත ශ‍්‍රි ලංකාවට ස්වභාවික විපත් රාශියක් තිළිණකර දෙන

ධනවත් ප‍්‍රජාවකගේ අවශ්‍යතා සහ විනෝදාස්වාදය සපුරා ගැනීම සඳහා පමණක් ඉඳිවන්නට පිඹුරුපත් සැකසී ඇති මෙම අදූරදර්ශි සංවර්ධන ව්‍යාපෘතිය, මලික් සමරවික‍්‍රම ඇමතිවරයා විසින්් අද ප‍්‍රකාශ කළ අන්දමට යහපාලන ආණ්ඩුව විසින් ද දියත් කරන්නේ නම්, එය ඔවුනට රට කරවන්නට ඔවුන් දිනවන්නට දර දිය ඇදි පුරවැසි බලවේගවලට කරනු ලබන නිගාවකි!! ඔවුන් දිනවු පුරවැසියන්ට කරනු ලබන නිගාවකි!! වරාය නගරය තුළින් පීඩාවට පත්වන මනුෂ්‍ය ජාතින්ට කරනු ලබන නිගාවකි !! එමෙන් ම, පවුල් බලය යොදවමින් සමස්ත රට පාලනය කළ සහ එහි අනිසි ප‍්‍රතිඵල භුක්තිවිඳි බහුතර පුරවැසියන් විසින් දැඩි වෙහෙසක් ගනිමින් පරාජය කරනු ලැබු මහින්ද රාජපක්‍ෂ වෙතට ලබාදෙන ජයග‍්‍රහණයක් ද වෙනු ඇත!!

සටහන හා ඡයාරූප –  මෙලනි මානෙල් පෙරේරා

Archive

Latest news

Related news