කිලිනොච්චි පුද්ගලික සහ පොදු ඉඩම්වලින් හමුදාව ඉවත්විය යුතුයි – කිලිනොච්චිය සංවර්ධන සභා කමිටුව

328
කිලිනොච්චියෙන් හමුදාව ඉවත්විය යුතුයි - කිලිනොච්චිය සංවර්ධන කමිටු රැස්වීමේදී යෝජනාවක් සම්මත කරයි
සංවර්ධණ සභා රුස්වීම

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව විසින් පවරාගෙන සිටින පුද්ගලික හා පොදු ඉඩම්වලින් හමුදාව සම්පූර්ණයෙන් ඉවත්විය යුතු යැයි අද දින පැවැති කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් සිරිදරන් මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අනුමත කරමින් සම්මත වී ති‍බේ.

අද (26) සෙනසුරාදා දින පෙරවරු 9ට කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය නායකයන් වන උතුරු පළාත් මහ ඇමැති, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රීදරන් සහ අංගජන්ගේ ප්‍රධානත්වයෙන් දෙවන සැසිවාරය පැවැත්වුණි. එහිදී මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කර තිබේ.

හමුදාව මෙහිදී ආරක්‍ෂාවට සිටින බවක් දැකින්නට නැහැ, ඔවුන් මෙහි ප්‍රමාණයටත් වඩා අධිකව සිටිති අපට ප්‍රශ්ණයක්වී තිබෙන්නේ එයයි. මේ සම්බන්‍ධයෙන් ජනාධිපති හා එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස්වරයා ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු කර ඇති නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි උතුරු පළාත් මහ ඇමැතිවරයා පවසා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේ දෙවන සැසිවාරයට පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, උතුරු පළාත් අධ්‍යාපන ඇමති කුරුකුලරාජා, දිස්ත්‍රික්ක දිසාපති සුන්දරම් අරුමයිනායකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් පත්තිනාදන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, නිළධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවූහ.

– ග්ලෝබල් ටැමිල් නිව්ස්