Tuesday, July 16, 2024

ලසන්ත ඝාතකයා රාජපක්ෂ අංගාරක්ෂක කැප්ටන් තිස්සද?

ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව ලැබී ඇති සාක්ෂි අනුව සටහන් කරණ ලද දළ මිනිස් රූප දෙක සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල වෙබ්අඩවිවල දැඩි කතාබහකට ලක්ව තිබේ.

එක් පාර්ශවයක් පවසන්නේ මෙවැනි චිත්‍රවලින් අදාළ ඝාතකයින් සොයා ගැනීම විහිළුවක් බවය. මෙන්ම මෙම පින්තූරවලට අදාල හැඩරුව ඇති සැබෑ තැනැත්තා එම හැඩ රුව මේ වනවිට වෙනස් කරගෙන සිටීමට ඉඩ ඇති බවය.

සමාජජාල වෙබ් අඩවිවල ඉතා ආන්දෝලනාත්මකවම පැතිර යන පුවත වන්නේ මෙම පින්තූර දෙකේ උඩු රැවුලක් සහිත පුද්ගලයා කළක් මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙසත් පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු ලෙසත් කටයුතු කළේ යැයි පැවසේ කැප්ටන් තිස්ස නැමැත්තාට සමාන බවය.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේද ප්‍රධාන සැකකරුවෙකු ලෙසද පසුගිය දිනවල මොහුගේ නම සමාජ ජාල වෙබ් අඩවිවල කියවුණු අතර මේ වනවිට මොහු ත්‍රීකුණාමල ප්‍රදේශයේ නාවිත හමුදා කඳවුරක රඳවා තබා ඇතැයිද පැවසේ.

යෝෂිත රාජපක්ෂ කැප්ටන් තිස්ස සමඟ
යෝෂිත රාජපක්ෂ කැප්ටන් තිස්ස සමඟ

ලංකා ට්රුත්

Archive

Latest news

Related news