Sunday, April 28, 2024

සංඛ්‍යාත ආපහු ගන්න ඒවා රනිල්ගේ කොල්ලුපිටියෙ වලව්වෙන්ද ගෙනාවේ…

මාධ්‍ය ආයතනවල විකාශයන් සඳහා අවශ්‍ය සංඛ්‍යාත ලබා දෙන්නේ රජයෙන් බැවින් මාධ්‍ය ආයතන ජනතා දේපළක් බවත් මාධ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාවලික සිට කටයුතු කරනවා විනා රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ලෙස එම මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීමට නොහැකි බවත් පසුගියදා දෙරණ නාලිකාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය 15 වැනිදා දෙවුන්දරදී පැවති සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ පළමු සමුළුවේදී පවසා තිබේ.

“හරියට වැඩේ කළේ නැත්තනම් අපි සඛ්‍යාත ආපහු ගන්නවා…” වැනි ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා සිදුකිරීම සම්බන්ධයෙන් එම සමුළුවේදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ ජනතා දේපළක් වූ සංඛ්‍යාත මාධ්‍ය ආයතනවලින් ආපසු ගන්න ඒවා රනිල් වික්‍රමසිංහ තම කොල්ලුපිටියේ වලව්වෙන් ගෙනවිත් බෙදා හරින ඒවාද යන්නය.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news