Sunday, April 28, 2024

මාතලේ මාධ්‍යවේදියාට එදිරිව කළ පොලිස් පැමිණිල්ල විරෝධය හමුවේ අස්කර ගනී

රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයේ දූෂණ එළිකළ දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා බවත් ඒ පිළිබඳ විමර්ශන නොකරන බවත් සඳහන් කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලිපියක් නිකුත් කර තිබේ.

ඔහුගේ අත්සනින් යුත් ලිපියක් අද (12) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් කළ උද්ඝෝෂණයෙන් අනතුරුව අදාළ ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියක් විසින් කාංචන කුමාර ආරියදාස මහතාට බාරදී ඇත.

Kanchana-Ariyadasa
කාංචන කුමාර ආරියදාස

මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රිටිගල පුරාවිද්‍යා ස්ථානයේ නිළධාරින් විසින් විදේශිකයන්ගෙන් පුරාවස්තු කළමණාකරන අරමුදලට බව පවසමින් විනිවිද භාවයකින් තොරව මුදල් ලබා ගන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාංචන කුමාර ආරියදාස මහතා පසුගියදා එම රිටිගල ප්‍රදේශයට ගොස් මේ පිළිබදව ගවේෂණාත්මක ප්‍රවෘත්තියක් පළ කිරිමෙන් පසුය.
දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගලෙන් බිදුනු වැව පොලිසියට පැමිණිල්ලට අනුව පොලිසියට නොපැමිනෙන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසියට කියා සිට තිබුණි.

රිටිගල පුරාවිද්‍යා මාධ්‍ය ස්ථානයේ නිළධාරින් විසින් ගලෙන්බිදුනු වැව පොලිස් ස්ථානය වෙත පැමිණ අයුතු ඇතුල් විම, විඩියෝ කිරිම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපකීර්තියට පත්වන සේ ප්‍රවෘත්ති පල කිරිම යන චෝදනා යටතේ පැමිණිල්ළ ගොනු කර තිබුණි.

ගලෙන්බිදුනු වැව පොලිසිය මගින් දඹුල්ල පොලිසිය කාංචන කුමාර මහතාට පොලිස් පණිවුඩයක් ලබා දෙමින් 2016.02.10 වන දින පොලිසිය හමුවේ පෙනිසිටින ලෙසත් එසේ නොපෙනෙන්නේ නම් කාංචන කුමාර ආරියදාස මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දැනුම්දි තිබුණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ වුවමනාවක් මත කළ එම පැමිණිල්ලකට විරෝධය පාමින් මාධ්‍යවේදීහු කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණය අතරතුර ආචාර්ය දිසානායක මහතා එම වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාසට දුරකථනයෙන් කතා කර පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පැවසීය. නමුත් ඔවුහු පවසා සිටියේ ඉදිරියට පැමිණ ඒ බව පවසන ලෙසයි. ඒ අනුව ඔහු වෙත පහත සදහන් ලිපිය බාර දෙනු ලැබීය‍

lettter to Kanchana kumara

MG_7045
( ලංකාදිපය ඇතුලු වෙනත් ජනමාධ්‍ය වාර්තා ද ඇසුරිනි)

Archive

Latest news

Related news