Sunday, April 28, 2024

ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් ඒවා හදා ගත යුතුව ඇති බවයි.

‘පොලිසිය ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනව. විශේෂයෙන් ඇඹිලිපිටිය සිද්ධියෙන් පස්සේ. ඇඹිලිපිටිය පොලිසිය ගැන අපට ලැබුණේ පරස්පර වාර්තා.ඒ ගැන පරීක්ෂා කෙරෙනවා’ අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඒ අතරම පොලිසියේ ක්‍රියාකාරකම් ගැන ලිවීමේ දී මාධ්‍ය පක්ෂග්‍රාහී නොවිය යුතු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ.

සිය කතාවේ දී අගමැතිවරයා බොහෝ පුවත්පත් සහ මාධ්‍යවේදීන්ගේ මාධ්‍යකරණය පිළිබඳව ඔවුන්ගේ නමින්ම සඳහන් කරමිනුයි අදහස් පළ කළේ.
දඩයමේ යන්නන්

ඇතැම් මාධ්‍යවේදීන් සැලසුම් සහගතව සිය ප්‍රචාරක ව්‍යාපෘතීන් සමාජගත කෙරෙන ආකාරයට කටයුතු කරන බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ එවැනි මාධ්‍යවේදීන් හැඳින්වුයේ ‘දඩයමේ යන්නන් වශයෙනි’. සිය දීර්ඝ කතාවේ දී අගමැතිවරයා නීතිය සහ අධිකරණය ගැනත් අදහස් දැක්වීය.
Image caption අනුර කුමාර දිසානායක (පා.ම.)

හෝමාගම අධිකරණ භූමියේ සිදු වූ දේ ගැන සඳහන් කල අගමැති වික්‍රමසිංහ තමාත් බෞද්ධයකු බව සඳහන් කරමින් හෝමාගම සිද්ධිය ගැන මාධ්‍ය ක්‍රියා කල ආකාරය ප්‍රශ්න කළේය.
මමත් බෞද්ධයෙක්

හෝමාගම අධිකරණ භූමියේ ගැන කරුණු පැහැදිලි කළ අගමැතිවරයා තමාත් බෞද්ධයකු බවයි කියා සිටියේ.

එම සිදුවීම් සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කෙරුණ ආකාරය ගැන අවධානය යොමු කළ අගමැති රනිල් වික්‍රමසිංහ ‘ඇඹිලිපිටිය තීන්දුවට අප්පුඩි ගසන හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍ය කලාවක් අනවශ්‍ය බවයි අවධාරණය කළේ.
Image caption හෝමාගම ගැටුම ඇති වුණේ ඥානසාර හිමි රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමඟයි

‘තමුන්නාන්සේලා හෝමාගම සිද්ධිය ගැන එක කතුවැකියක් ලියා තිබේදැයි’ අගමැතිවරයා ප්‍රශ්න කළේ පුවත්පත් කීපයක නම් සඳහන් කරමිනි.

ප්‍රගීත් එක්නැලිගොඩට අත් වූ ඉරණම පිළිබඳව සොයා බැලීම රණවිරුවන් ගැන විභාගයක් නොව එය සිවිල් වැසියකුට ඇත වූ ඉරණම හෙළි කර ගැනීමක් වන බවයි අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ.
අපරාධ පරීක්ෂණය

ශ්‍රී ලංකාවේ යුද සමයේ අපරාධ විමර්ශනය කෙරෙන යාන්ත්‍රනය ගැන සඳහන් කළ අගමැතිවරයා ආණ්ඩුව එම කාරණය සම්බන්ධයෙන් එක ස්ථාවරයක සිටින බවයි කියා සිටියේ.

තමා කිසි දිනක ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ විභාගයකට එකඟ නොවන බව අගමැතිවරයා විසින් අවධාරණය කරනු ලැබුණි.

අනාගත පරීක්ෂණයක දී සිදු කෙරෙන්නේ විදේශීය විනිශ්චයකාර වරුන්ගේ සහයෝගයක් පමණක් වන බවයි ඔහු පවසන්නේ.

යුද්ධය ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර වශයෙන් එකඟ වුණේ පසුගිය පාලනය බව කියා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ එවකට පාලකයන් 2009 වසරේ ජිනීවා නගරයේ දී එවැනි පරීක්ෂණයකට එකඟ වූ බවයි සඳහන් කළේ.

‘ජාතිවාදය ඇවිස්සීමෙන් වළකින මෙන් ඉල්ලීමක් ද කරමිනි අගමැතිවරයා සිය කතාව නිම කළේ

– බබීසී සිංහල

 

Archive

Latest news

Related news