Sunday, April 28, 2024

2016 ජනපති නිල ගීතයත් හබක්

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් නිල ගීතයක් එළි දක්වා තිබේ. ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ ලෙසින් නම්කර තිබූ එම ගීතයේ ඉතිහාසයේ රජකල රජවරුන්, දෙවිවරුන් වැනි පිරිසක් පැමිණි ‍මෛත්‍රීපාලනයට ආශිර්වාදය කරන අයුරු නිරූපනය කර තිබිණි. කෙසේ වෙතත් එම ගීතය යූ ටියුබ් අඩවියට නිකුත් කර පැය කිහිපයක් යන්නට මත්තෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර එම වීඩියෝවට අකමැති ලෙස 850කට වැඩි පිරිසක්ද තිදෙනෙකු පමණක් කැමති බවද ප්‍රකාශ කර තිබිණි. ඒ අතර ලුණු ඇඹුල් සහිතව බැණුම් රාශියක්ද විය. ඒ හේතුවෙන් එම වීඩියෝව ඉවත්කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබීය.

( ක්ලම්බු ටුඩේ)

පහත දැක්වෙන්නේ එම ගීතයයි.

https://www.youtube.com/watch?time_continue=224&v=62IUVriokXQ

 

 

Archive

Latest news

Related news