Saturday, April 27, 2024

මරණ දඩුවම ඉවත් කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ නිතියෙන් ඉවත් කරන සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.

19වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් පසු මානව හිමිකම් කොමිසම සක්‍රීය ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන බවට මෙම නිර්දේශය තවත් උදාහරණයක් සපයයි.

මරණ දඩුවම ඉවත් කිරීමේ නිර්දේශය කරුණූ ගණනාවක් යටතේ කරුණු දක්වා ඇති මානව හිමිකම් කොමිසම එය ඉවත් කිරීමෙන් පසු එවැනි සිරකරුවන්ට දඩුවම් දීම සම්බන්ධයෙන් සළකා බැලීම පිණිස කරුණූ ද ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශය පීඩීඑප් ගොනුවක් ලෙස කියවන්න: RECOMMENDATION TO ABOLISH THE DEATH PENALTY IN SRI LANKA -S

Archive

Latest news

Related news