අයුක්තියෙන් අශිෂ්ඨත්වයෙන් පරගැතිබවින් මෙරට සිහසුන කිළිටි වූ අසුවේ දශකයේදී එකී පාලනයට එරෙහිව නැගී සිටි මානව දයාවෙ ප්‍රතිමූර්තිය බඳු මිනිසුන් දහස් ගණනින් මරා මහමග හළු කර දැමීය. එකී ධවල භීෂණයටද, ඉන් පසු මෙරට රජවූ භීම සමයටද සමස්ථ සමාජයම ත්‍රාශයෙන් ඇලලී ගියේය. නිහඬතාවය
රජකළ යුගයක එය දෙපඵැ කරමින් ඝාතක පාලකයන්ට අභියෝග කරමින් ජූලියස් පූචික් පරපුරේ මිනිසෙකු අභීතව නැගී සිටියේය. පන්හිඳ කගපතක් බවට පත්කරමින් දූෂණයෙන් භීෂණයෙන් පිරි අයුක්තිසහගත පාලනයකට එරෙහිව හෙණ පහරක් බඳු අකුරැ වලින් පත්තර පිටු පිරී ගියේය. ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක නම් සොඳුරැ මිනිසාය.
ජනතාව වෙනුවෙන් හඬ නැගූ වරදට බොහෝ පත්තර කන්තෝරැ වලින් හිස් දෑතින් එළියට බැසීමට සිදුවූ වාර අනන්තය. ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් අකුරැ වලින් සටන් කිරීමට කැට හොල්ලා ජනතාව ගේ ආධාරයෙන් පත්තර කල මිනිසාද ඔහුය. අසත්‍යයෙන් වැසීගිය ලෝක ඉතිහාසය පිළිබඳව සැබෑ වූ යථාර්ථයෙන් මෙරට ජනතාවගේ බුද්ධියට කථාකල මිනිසාද ඔබය.
සමාජයේ උන්නතිය උදෙසා ජීවිතය දියකළ ඔහු අද ඔත්පළව හුදකලා දිවියක් ගෙවයි. සහෘදකම්. මිනිසත්කම් අගය කරන මිනිසුන්ට සැබෑ මිනිසුන් අතහැර දමා ඉදිරියට යා නොහැක. සුනිල් අයියා අගයන, ඔහුගේ මග ගත් මිනිසුන්ට මේ අවස්ථාව උදාවෙන්නේ ඔහු වෙනුවෙන් තමන්ට හැකි දායකත්වයක් ලබා දීමටය.
රුක්ෂිලා වෙත්තමුණි
අපකළ ඉල්ලීමකට අනුව සෙලාන් බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ ගිණුමක් ආරම්භ කළේය.
ගිණුම් අංකය :MR SM Premathilake/ Mrs MP Premathilake
1010 34498105-101
Battramulla Branch
දුරකථන අංකය
නිවස : 0112789536
සුනිල් අය්යා: 071 – 1337557
මනෝරා අක්කා : 071 – 8648866
ලිපිනය
සුනිල් මාධව ප්‍රේමතිලක
නො: 26,
රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණය,
කොස්වත්ත,
බත්තරමුල්ල.
සටහන – චූලක බණ්ඩාරවත්ත
ඡායාරූපය – පීටර් ජෙරම්
සත්‍යවාදියෙකුගේ දිනපොතින් ……..
1986 අගෝස්තු 25
ප්‍රේමය ඉතාමත් සුන්දරයැයි මම සිතමි.එය එසේවූයේ කිසිවෙකුත් මට ප්‍රේමකරන නිසා නොව මා හැම කෙනෙකුටම ප්‍රේමකරන නිසායැයි සිතේ.ආමර් වීදිය හන්දියේ ආමර් බාර්එක අසල බස් නැවතුමේදී අද හවස හමුවූ තරුණියට මම ප්‍රේමකරමි.ඇය මට ප්‍රේමකරනු ඇතැයි මම සිතමි.අප අතරවූ දෙබස මට හොඳට මතකය.
”මහත්තයා බාර් එකේ ඉඳල නේද ආවේ ? වැඩිය බොන්න එපා මහත්තයා.
ඔයා කවුද ?
අනං මනං කථා වැඩක් නැහැනේ මහත්තයා,මට රු.25.00 ක් දෙන්න.මම මහත්තයා කියන ඕනැම තැනකට එන්නම්”
අවුරුදු 16 කට වඩා වයස නැති ඒ සහෝදරියගේ කතාවෙන් මම පුදුමයට පත්වීමි. ඇය ඉතා සුන්දරය.ඇය ගණිකාවක් යැයි කිසිම අයුරකින් සිතිය නොහැකිය.මම කිසිවක් කතානොකර ඇයදෙස බලා සිටියෙමි.
”ඇයි මහත්තයෝ බලන්නේ ? මම හොඳ නැද්ද ? ”
මා පිළිතුරක් දුන්නේ නැත.ගෙදර ගෙනියන්න පොලියට ගත් සල්ලිවලින් රුපියල් විසිපහක් ඇද ඇයට දුන්නෙමි.ඇයද කිසිවක් කතාකළේ නැත.ඇගේ දෙනෙතේ කඳුළු පිරී ඇතිබව මම දුටුවෙමි.
දිවයිනෙන් වරින්වර අයින්වෙන්නට සිදුවුවත් ආමර් වීදියේදී මා ලැබූ අත්දැකීම්වල අපූරු සුන්දරත්වයක් තිබිණ.ආමර් වීදිය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වූයේ ඒ සුන්දරත්වය මා වින්ද නිසාය.ආමර් බාර් එකට ගොස් හුදකලාවේ අඩියක් ගසද්දී බොහෝ කලකට පෙර ලැබූ අත්දැකීම් මෙසේය.
– ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක –