පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි

368

(ශ්‍රීලංකා බ්‍රීෆ්) ඔක්තෝබර් 29 දින වෝඩ් පෙදෙසෙහි දී පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලද ශිෂ්‍ය ශිෂාවනට වන්දි මුදල් ගෙනව ලෙස දෙසැම්බර් 04වන දින නිකුත් කරන ලද සිය විමර්ශණ වාර්තාව මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නිර්දේශ කර තිබේ.

පොලිස් නිලධාරීන් බැටන් ප්‍රහාර දී ඇත්තේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර මගින් අඩපව සිටි හෝ ඉවත දිව යමින් සිටි ශිෂ්‍ය පිරිස් වෙත බව මානව හිමිකම් කොමිසම නිරික්ෂණයක් ලෙස සදහන් කරයි.

ශිෂ්‍ය පෙළපාලිය විසුරුවා හැරීමට අවම බලය පාවිච්චි කිරීමට පොලිසිය කටයුතු කිරීම කළ යුතුව තිබූ දෙයක් ලෙස ද කොමිසම නිරික්ෂණය කර තිබේ.

පොලිස් නිලධාරින් හය දෙනෙකු එම ගැටුමේ දී තුවාල ලැබූ බව පොලීසිය ප්‍රකාශ කර ඇතත් එකී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත.

එදින පා ගමනින් ආ ශිෂ්‍ය පිරිස් පසුව කළහකාරී ලෙස හැසිරී ඇත බව ද එකී නිරික්ෂණයන්හි සඳහන් වේ.

මානව හිමිකම් කොමිසමේ සම්පූර්ණ වාර්තාව පීඩිඑෆ් ගොනුවක් ලෙස සිංහල බසින් මෙහි කියැවිය හැක. Human-Rights-Commission-of-Sri-Lanka-Report-on-Police-Attack-to-HNDA-Students