Friday, April 26, 2024

දුම්රිය මාර්ග පුුනරුත්ථාපනෙයන් ගසා කෑමට ඉඩ නොදෙන්න – සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය

z_jun-p07-The-Sri-Lanka-02

දුම්රිය මාර්ග පුනරුත්ථාපනය යලිත් වරක් විදෙස් සමාගම් වලට පැවැරීම පිණිස ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය නොදෙන  ලෙස අගමැතිවරයාට ලිපියක් යවන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ඉල්ලා සිටී.  එවැනි පිළිසකර කිරීම්  දේශීය යාන්ත්‍රණයක් තුලින් ඉටු කර ගැනීමට ප්‍රතිපත්තිමට තීරණයක් ගන්නා මෙන්ද එය ඉල්ලා සිටී.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය අගමැතිවරයාට යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැකවේ.

ගරු අග්‍රමාත්‍යතුමා
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
කොළඹ 03
30 11 2015

ගරු අග්‍රාමාත්‍යතුමනි,

දුම්රිය මාර්ග පුනරුත්ථාපනය යලිත් වරක් විදෙස් සමාගම් වලට පැවරීමට දැරෙන ප්‍රයත්නය

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග පුනරුත්ථාපනය ඉන්දියානු සමාගම් වලට පැවරීමට නැවත ද වරක් ප්‍රයත්න දැරෙන බවත් ඒ වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් අප වෙත දැනගන්නට ලැබී ඇත.

පහත දැක්වෙන හේතු මත මේ යෝජනාවට අපගේ අප්‍රසාදය සහ විරෝධය පළ කරන අතර අප රටේ අනාගත අභිවෘද්ධිය, තාක්ෂණ සංවර්ධනය හා විදේශ ණය බරින් නිදහස් වීම උදෙසා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට මැදිහත් වන ලෙස ඔබතුමන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

1. දුම්රිය මාර්ග පුණරුත්ථාපනය දේශීය වශයෙන් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ඉටු කර ගත හැකිවීම සහ ඊට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා බහු පාර්ශවීය හෝ ද්වි පාර්ශවීය ණය පහසුකම් භාවිතා කිරීමෙන් එම පහසුකම් වඩාත් වැඩි සැපයුම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම,

2. මහව සිට වවුනියාව තෙක් දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉතා හොඳින් ඉටු කරනු ලැබිය හැකි වීම සහ වසර 2010/2011 දී තාණ්ඩිකුලම් සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස ඉතා අඩු පිරිවැයකින් ඉදිකරමින් මේ බව ඔප්පු කර පෙන්වා තිබීම,

3. වසර 5 ක පමණ කාලයකට පෙර ඉදි කර ඇති තාන්ඩිකුලම් සිට ඕමන්ත කොටස ඉතාමත් යහපත් තත්ත්වයක පවත්නා බැවින් එම කොටස කිසිසේත් මහව – වවුනියාව අතර කොටසෙහි තත්ත්වයට සම කර එකට ගොනු කිරීම සුදුසු නොවීම,

4. මහව සිට වවුනියාව තෙක් දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය දුම්රිය දෙපාර්තමේන්තුව ලවා ඉටු කර ගැනීම සඳහා දින සියය රජයේ ගරු අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා විසින් 2015 ජූලි 22 දාතමින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ගරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබීම සහ දේශීයව ඉදිකළ හැකි බවට වූ එම ස්ථාවරය මාස 4 ක් වැනි සුළු කාලයක් තුල වෙනස් විය නොහැකි බව,

5. දේශීය තාක්ෂණ ප්‍රවර්ධනය හා ආර්ථිකයේ ගුණාකාර වර්ධන අවශ්‍යතා හමුවේ මෙවැනි ඉංජිනේරුමට සහ ඉදිකිරීම් මය අවස්ථා උපරිම පරිදි දේශීයව, දේශීය ව්‍යවසාකයත්වය සක්‍රීය කෙරෙන අයුරින් උපයෝගී කර ගත යුතු වීම; දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු තාක්ෂණික හා කළමණාකරණ සේවක මණ්ඩල රටේ පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරද්දී විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් දෙමින් දුම්රිය මාර්ග ඉදි කරවා ගැනීම ජාතික ධන නාස්තියකි,

6. මෙවැනි ද්වි පාර්ශවීය ණය ක්‍රම ස්වභාවයෙන්ම තරඟකාරී මිල කැඳවුම් තුලින් විවෘතව සිදු කරනු ලැබිය යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධා කාරී වීම සහ ඒ හරහා දූෂණයට, වංචාවට, ජාතික සම්පත් නාස්තියට හා ප්‍රසම්පාදනයේ ගුණාත්මක බවට හානි සිදුවීමට ඉඩ කඩ විවර වීම,

7. පසුගිය රජය සමයේ මෙලෙස ද්වි පාර්ශවීක ණය ක්‍රම තුලින් ඉන්දියානු හා චීන සමාගම් වලට තරඟකාරී ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම් වලින් තොරව ලබා දුන් කොන්ත්‍රාත් මත සිදුකර තිබෙන මාර්ග ඉදි කිරීම හා දුම්රිය යන්ත්‍ර මිලදී ගැනීම වැනි ව්‍යාපෘති වල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා, දැරීමට සිදුවී ඇති බව පෙනෙන ඉතා අධික වැය බර හා ඉන් ජනිත ණය බර මෙන්ම ඒ මිලදී ගැනීම් වල හා ඉදි කිරීම් වල ප්‍රමිතිය පිලිබඳ බරපතල ගැටළු මේ වන විටත් පැන නැගී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද වාර්තා වලින් පෙන්වා දෙනු ලැබ තිබීම,

8. පසුගිය පස් වසරක කාලය තුල එම රජය සමයේ මෙලෙස සිදුකෙරුණු ඉදිකිරීම් හා මිල දී ගැනීම් ක්ෂේත්‍රෙය් වෘත්තිකයන්ගේ සහ වෘත්තීය සමිති වල දැඩි විවේචනයට ලක් වීම සහ ඒ විවේචනයන් හා විරෝධයන් මත ගොඩනැගුණු බලවේග වල ආධාරයෙන්, එවැනි අගතිගාමී ක්‍රම වේදයන් පිටු දැකීමේ යහපාලන ප්‍රතිඥාව මත බලයට පැමිණි වර්තමාන රජයෙන් හා එහි නායකයන් වන ඔබ තුමන්ලාගෙන් අප මෙන්ම එම ප්‍රතිඥා විශ්වාස කරමින් ඔබව බලයට පත් කළ මේ රටේ සාධාරණ සමාජයක් අපේක්ෂා කරන පොදු ජනතාව කිසි ලෙසකවත් බලාපොරොත්තු නොවන බව,

අග්‍රමාත්‍ය තුමණි,

කරුණු මෙසේ බැවින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය නොදෙන මෙන්ද, දැනටමත් ගරු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති පරිදි මහව-වවුනියාව දුම්රිය මාර්ගය හෝ කැළණිවැලි දුම්රිය මාර්ගය හෝ වෙන යම් දුම්රිය මාර්ගයක් හෝ අලුත්වැඩියා කිරීමේ හෝ පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතා ජාතික ආර්ථිකයට අමතර ජවයක් එක් වෙන පරිදි මෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ ජාතික ස්වයංපෝෂන පිලිවෙතටද ගැලපෙන පරිදි දේශීය යාන්ත්‍රණයක් තුලින් ඉටු කර ගැනීමට ප්‍රතිපත්තිමට තීරණයක් ගන්නැ මෙන්ද ඉතා ඕනෑ කමින් හා අවධාරණයෙන් යුක්තව ඉල්ලා සිටිමු.

ස්තූතියි

මෙයට විශ්වාසී

සිසිර ජයමහ
ප්‍රධාන ලේකම්
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news