Saturday, May 4, 2024

ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට අසල්වැසි රටක මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටී!

( ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ මාලදිවයිනේ ජනාධිපති අද ඉන්නේ හිර ගෙදරය)

මෑත කාලයෙහි ප්‍රථම වතාවට ඔ්‍රී ලංකාණ්ඩුව අසල්වැසි රටක ජනයාගේ මානව හිමිකම් ආරක්ෂි විය යුතු බවත් නීතියේ පාලනය පැවැතිය යුතු බවටත් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ මාල දිවයින සම්බන්ධයෙනි. මාල දිවයිනෙහි ජනයාට එරට ව්‍යවස්ථාවෙන් උරුමව අැති අයිතීන් තිබිය යුතු බව එමගින් කියා තිබේ. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයකු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියට අත්සන් තැබු රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම විශ්වීය හරයන් කෙරෙහි තමන් සතු වගකීම් ඉටු කරන ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින් රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශයෙන් කියැවේ.

මේ වනාහී ජනවාරි විප්ලවයේ සාධනීය ප්‍රතිඵලයක් බව කොලඹ මානව හිමිකම් පිරිස් කියා සිටිති. මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශයෙනි.

සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ:
ශ්‍රී ලංකාවට බලපෑම් උදා කරමින්, නොබෝදා මාලදිවයිනේ හටගෙන ඇති ප්‍රවනතා හා සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නොබෝදා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මාලදිවයිනේ දී අත් අඩංගුවට ගැනීම, වලංගු ශ්‍රී ලාංකික වීසා බලපත් තිබිය දී මාලදිවයින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකුගේ ප්‍රශ්නගත ඉවත් කිරීම, මාලදිවයින් ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ දී ආයුධයකින් තුවාල සිදු කිරීම, මෙන්ම මාලදිවයිනේ ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය හා උප ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් කිරීම ඇතුළු යනාදී කරුණු මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

මාලදිවයින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික අයිතිවාසිකම් හා නිදහස කෙරෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇත.

එහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයකු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියට අත්සන් තැබු රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම විශ්වීය හරයන් කෙරෙහි තමන් සතු වගකීම් ඉටු කරන ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින් රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

මෑත අතීතයේ දී මෙවැනිම වූ අභියෝගයන්ට මුහුණ දී ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍ය යන මූලධර්ම උදෙසා ඇප කැප වී සිටියි. විරුද්ධ මතයක් පළකිරීමේ අයිතිය ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය කොටසක් වන බව ශ්‍රී ලංකා රජය විශ්වාසය කරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම යන කඩතුරාවට මුවා වී විරුද්ධ මත පළ කිරීමේ හඬවල් නිහඬ කළ ශ්‍රී ලංකාවේ පෙර පැවති පාලන යුගයන් මෙන් නොව නව පරිපාලනය ප්‍රජාතන්ත්‍ර වාදයේ මූලධර්ම මත පිහිටා කටයුතු කිරීමට ඇප කැප වී සිටි බව ද පෙන්වා දෙයි.

මෙවැනි පසුබිමක් තුළ දේශපාලන හා සමාජ මාධ්යම ක්රිටයාකාරීන්ට එරෙහිව ප්ර.ශ්නගත ආකාරයෙන් කටයුතු ආරම්භ කර තිබීම සම්බන්ධයෙන්, මාලදිවයින සමඟ සැම විටම සමීප මිතුරු සබඳතාවයක් පවත්වාගෙන ගිය රටක් ලෙස ශ්රී් ලංකාව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. නොබෝදා ඇති වූ මෙම ප්ර්වනතා මගින් කලාපීය වශයෙන් අස්ථාවරභවයක් ඇති නොවන බව තහවුරු කරන ලෙස ශ්රීර ලංකාව මාලදිවයින් රජය වෙත අවධාරණය කර සිටිති.

ඒ අනුව ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය ඉවත් කිරීමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් එය ආරක්ෂා කිරීමට හා දැඩි වෙහෙසක් දරා මාලදිවයින දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණ මෙම ඇති වී ඇති ප්‍රවණතා හේතු කොට ගෙන ගිලිහී නොයන බව සහතික කරලීමට මාලදිවයින් රජය විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ විශ්වාසය කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Archive

Latest news

Related news