Sunday, April 28, 2024

රුපියල් මිලියන 232788 රන් ගනුදෙනුවට රාජපක්ෂ සම්බන්ධයි – රාවය

රුපියල් මිලියන 232788ක වටිනාකමකින් යුතු රන් ටොන් 40ක් එකෙරට අලෙවි කිරිම පසු පස හිටපු ජනාධිපති රාජපක්ෂ සිටි බව සනාථ වන වාර්තාවක් ම08 ඉරිදා රාවය පල කර තිබේ. එම වාර්තාවට අනුව එමගනුදෙනුවේ අතරමැදියා වූ රාජ්ගෝපාල් කර්තීපන් තමට හිමි කොමිස් මුදල ලබා දෙන සේ මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාලට යන ලද ලිපියක තමා එසේ ඉල්ලා සිටින්නේ ජනා‍ධිපති රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ජාවකින් අනතුරුව බව සඳහන් කොට තිබේ. රාවය වාර්තාව කියි සිටින්නේ එම ලිපයේ පිටපතක් තමන් සතු බවය.

එම සම්පූර්ණ වාර්තාව මෙසේ ය:

පසුගිය රාවය මුල් පුවතින් හෙළිදරව් කරන ලද හිටපු ජනාධිපතිගේ අනුදැනුම ඇතිව හා හිටපු මහ බැංකු අධිපතිගේ අනුමැතිය ඇතිව රත්රන් මෙටි‍්‍රක් ටොන් 40ක් හොරට විකිණීමේ සිද්ධිය ගැන තවත් අලූත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. හොර පාරේ විකුණා ඇති රන් තොගයේ වටිනාකම විශ්වාස කරන්නට බැරිතරම් විශාලය. එය මෙතෙක් ලංකාවේ සිදුවී තිබෙන ලොකුම වංචාව ලෙස සැලකිය හැකි අතර විකුණා තිබෙන රන්වල නියමිත ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 39.66කි. එම ගනුදෙනුවෙන් ලබාගෙන ඇති සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 1824.36කි. එහි රුපියල් වටිනාකම (2012 හුවමාරු අනුපාතික අනුව) රුපියල් මිලියන 232788කි.

මෙම දැවැන්ත රන් ගනුදෙනුවේදී එය මිලදී ගැනීම සඳහා ජපානයේ Credit Suise Securities Limited නමැති සමාගම, එම සමාගම වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදුකිරීමේ බලය පවරා තිබූ Japuda Holding Company Ltd සමාගම විසින් මහ බැංකුව සමග ගනුදෙනු කිරීම සඳහා පත්කරන ලද රාජ්ගෝපාල් කර්තීපන්ට ඒ ගනුදෙනුවේ එම සමාගමේ අතරමැදියා ලෙස ක‍්‍රියාකිරීම සඳහා බලය පවරන ලද ලියවිල්ලේ ඡායා පිටපතක් රාවයේ පාඨකයන්ගේ සේ ම දූෂණ ගැන සොයා බැලීමේ වගකීම පැවරී ඇති ආයතනවලද දැනගැනීම සඳහා මෙහි පළ කරමු.

ඊට අතිරේකව සීමාසහිත Japuda Holding සමාගමේ දේශීය අතරමැදියා ලෙස ක‍්‍රියා කළ රාජ්ගෝපාල් කර්තීපන් හා මහ බැංකුවේ අතරමැදියා ලෙස ක‍්‍රියා කළ සප්පාන් සෝමසේකරන් අතර මෙම රන් ගනුදෙනුව සඳහා 2012 ජනවාරි 27 වැනි දින ඇති කරගත් ගිවිසුමක පිටපතක්ද අප සතුව පවතී. එම ගිවිසුම ලියා සහතික කරන නීතිඥයා ලෙස ක‍්‍රියාකර ඇත්තේ උතුරු තලංගම, කොස්වත්තේ, ප‍්‍රසන්න මාවතේ, අංක 385/5 දරන ස්ථානයේ පදිංචි සම්පත් චමින්ද ගමගේය.

මීට අතිරේකව රාජ්ගෝපාල් මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වෙත 2013 ජූනි 19 වැනි දින යවන ලද ලිපියක පිටපතක්ද අප සතුව පවතී. මෙම ලිපියට ඇතුළත් කරුණු අනුව මොහු මහ බැංකු අධිපතිට මෙම ලිපිය ලියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් වශයෙනි. රත්තරන් තොගයේ අලෙවි කටයුතු අවසන් කර ඇති බැවින් තමන්ට අතරමැදියන් වශයෙන් ලැබිය යුතු කොමිස් මුදල ගිවිසුම් ප‍්‍රකාරව ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡුාවේදී මහ බැංකු අධිපති සමග කතා කොට ඒ කටයුතු අවසන් කරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දෙන ලද බව එහි සඳහන්ය.

රාවයට තිබෙන තොරතුරු අනුව මෙම දැවැන්ත වංචාවේදී සියලූම බැංකු කටයුතු සිදුවී තිබෙන්නේHSBC බැංකුව හරහාය. රන් තොගය ලංකාවෙන් පිටකිරීම සඳහා අවශ්‍ය නිල සහතික ලබාදී තිබෙන්නේද මහ බැංකුව විසිනි. ඒ සඳහා මහ බැංකුව ලබාදී තිබෙන සහතික වන්නේ

1. ප‍්‍රභව සහතිකය (Certificate of Original)

2. ඇසුරුම් විස්තර ඇතුළත් බර පිළිබඳ සහතිකය

3. හිමිකම් සහතිකය

4. තත්ත්වය හා ප‍්‍රමාණය පිළිබඳ සහතිකය

5. රේගු අනුමැති සහතිකය

6. පිටපත් 4කින් යුතු වෙළෙඳ ලදුපත

7. අපනයන බලපත‍්‍ර සහතිකය

8. සියලූ ගෙවීම් කර ඇති බවට සහතිකය

9. රන් තොගය සියලූ බදු හා ගෙවීම්වලින් නිදහස් බව ප‍්‍රකාශ කරන සහතික යන ඒවාය.

මෙම ටොන් 40 රන් තොගය හොරට විකිණීමේ කතාව රාවයේ පළවීමෙන් පසු එම වාර්තාවේ වරදක්, දෝෂයක් හෝ විකෘතියක් ඇත්නම් එම වාර්තාවේ නම් කර සිටි පුද්ගලයන් වන හිටපු ජනාධිපති, හිටපු මහ බැංකු අධිපති, අතරමැදියන් සඳහා ගිවිසුම් සකස් කර සහතික කළ නීතිඥයා හෝ එහි නම් සඳහන් අතරමැදි පුද්ගලයන් කරුණු පැහැදිලි කිරීම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වුවද ඒ කිසිවෙක් කතා නොකළෝය. ඔවුන් දක්වන ලද නිහඬතාවම අපගේ කරුණු සනාථ කරන්නේයැ’යි කිව හැකිය.

ගියවර පළවූ වාර්තාවේ අතරමැදියන් ලෙස ක‍්‍රියා කළ 8 දෙනාගේ නම් හා බැංකු ගිණුම් සඳහන් වුවත්, ලිපිනයන් හෝ හැඳුනුම්පත් අංක පළවූයේ නැත. එම තොරතුරුද අපට ලැබී ඇති අතර ඒවා මෙසේය.

1. ඩබ්ලිව්.කේ.ඞී. ඇන්ස්ලි සොවිස්, ජා.හැ.අ. 642580132V, 77, කනන්නෙරියන්වල, පින්නවල, බලංගොඩ. 2. නෙවිල් යෝගේන්ද්‍රන් ක‍්‍රිස්ටි සුරේෂ් කුමාර, ජා.හැ.අ. 70431738V, 730, නිවාස සංකීර්ණය, කල්අඩිය, පුත්තලම. 3. කුමරන් ජෙයරානි ජා.හැ.අ. 596620663V, 77, කාමල් මාවත, හැඳල. වත්තල. 4. එච්.එම්. ගාමිණී කුමාර සෙනෙවිරත්න, ජා.හැ.අ. 650485068V, 523, ගාලූපාර, ගල්කිස්ස. 5. අයි.පී. උපුල් කරුණාරත්න. ජා.හැ.අ. 652322255V, 99/ත්‍, මුලගන්දුව, ඉඳුරුව. 6. තරංගා මහේෂ් ඉන්දික සමරසිංහ ජා.හැ.අ. 723380154V, නො. 39, ඉසදීන් නගරය, මාතර. 7. යෝගරත්න නිමල්සිරි ඉලංගකෝන්, ගමන් බලපත‍්‍රය භ 1817465, නැඳුන්ගමුව, ගම්පහ. 8. සුප්පයියා සිරිදරන්, ජා.හැ.අ. 680792062V, නො. 27, කදිරානවත්ත, මට්ටක්කුලිය.

Ravaya

Archive

Latest news

Related news