Sunday, April 28, 2024

මාරපන තවත් ගේමක් දෙයි : මත් උවදුරට එරෙහි ප්‍රබල හඬ නැගූ වෛද්‍ය නිලංග ඉවත් කෙරේ

(වෛද්‍ය නිලංග සමරසිංහ )

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් මහතා පත්කර ඇති අතර 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බව නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වෛද්‍ය සමරසිංහ මහතාට දැනුම් දී ඇති බව ඒෂියා මිරර් වාර්තා කරයි.

එම ඇමැතිවරයා වන්නේ තිලක් මාරපනය.

එසේ නමුත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තමාව පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසන බව ලංකා ට්රුත් පවසයි.

තවද එතනෝල්, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උවමනා විදියට අස් නොවන බවත් තමා සේවයෙන් පහ කීරිමට උත්සහ දරන්නේ ඔවුන්ගේ අත කොළු බවත් රාජ්‍ය ත්‍රාන්තික අස්වීම් ලිපියකින් හැර සභාපති පුටුව හැර නොයන බවත් ඔහු කියා සිට තිබේ.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අයෙකි.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් මහතා පත්කර ඇති තිබේ.

තමා තනතුරෙන් ඉවත් කිරීමට දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ හෝ වෙනත් චෝදනාවක්‌ එල්ල වී තිබුණේ නම් තමා ඉවත් කිරීම පිළිබඳව සිතා බැලිය හැකි බවත් එවැනි කිසිදු චෝදනාවක්‌ නොමැති තමා ඉවත් කිරීම සිතා ගැනීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

තමා දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට කටයුතු කරමින් සිටින නිසා එය වැළැක්‌වීමේ අරමුණින් තමා ඉවත් කළේද යන්න සැක සිතෙන බව ද මෙම තොරතුරු ඒකකය 2016 මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට මේ වන විට එකඟතාව පළවී ඇති බව ද හෙතෙම පවසා තිබේ.

තමා සභාපතිවරයාව සිටි මාස 10 ක පමණ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට නාම යෝජනා ලබානොදෙන ලෙස පක්‍ෂ ලේකම්වරුන්ට ඉල්ලීම් කිරීමෙන් පසු තමාගේ නිවස අසල නාඳුනන යතුරුපැදිකරුවකු දින කීපයක්‌ රැඳී සිටි බවත් එය පොලිසියට පැමිණිලි කළත් සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

– ඒෂියා මිරර් සහ ලංකා ට්රුත්

Archive

Latest news

Related news