Sunday, April 28, 2024

මෙහෙණි සස්න පුනර්ජ‍ිවනය නොවුනේ බෞද්ධ කටයුතු කොමසාරිස් පියවර නොගත් නිසා

මෙහෙිරන්ගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවෙන් වසර හයකට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් සුදුසු පියවර ගත්තේ නම් භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර ගත හැකිව තිබිණැයි ද, එසේ නොකිරීමෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් නිර්දේශ කරයි.

රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව 2009.10.20 වැනි දින කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

භික්ෂුණී ශාසනය නොපිළිගැනීම, හැඳුනුම්පත් නිකුත් නොකිරීම ආදී කරුණු කිහිපයක් නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව කියමින් ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියෝ ද, මුල්කිරිගල සීලප්‍රිය මහින්ද්‍රා මෙහෙණිය ද මෙම නඩුව ගොනු කළහ.

බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වගඋත්තරකරුවන් කැර තිබිණි.

පිටු 23කින් යුත් කොමිෂන් සභා නිර්දේශය පවසනුයේ මහානායක ස්වාමීන් වහන්සේලා භික්ෂුණී සසුන ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තෛනිකායික සංඝ සභා 31ක් හා මහා නායක හිමිවරුන් 31 නමක් සිටිය දී මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටළුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් මහානායක හිමිවරුන් සිව්නමකගේ පමණක් අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බව කොමිසම කියයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඒ සඳහා සුදුසු ගිහි පැවැදි විද්වත් කොමිෂන් සභාවක් පක් කර ගනිමින් එම ගැටළුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි මානව හිමිකම් කොමිසම වගඋත්තරකරුවන්ට නිර්දශෙ කරයි.

ආගමික සංස්ථාවක දී විසඳාගත යුතු කරුණක් සම්බන්ධයෙන් සෘජු මැතිහත්වීමක් කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා නොකරන බව ද කොමිසම සඳහන් කරයි.

(මෙහෙනි සස්නෙ තීන්දුවෙන් අමාත්‍යංශයට දොස් නමින් ලංකාදිප පුවත් පතෙහි පළවූවාර්තාව  කාංචන කුමාර ආරියදාස විසිිනි)

 

Archive

Latest news

Related news