Thursday, May 2, 2024

රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ?

යළිත් පාස්ර්පොර්ට් මගඩියකට විමල් වීරවංශ මහතා හවුල් වූ බව දැන් රටම සහසුද්දෙන් දනී. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ දුන්නේ නම් මේ වන විට විමල් වීරවංශ අත් අඩංගුවේ පසුවිය යුතුය. සාමාන්‍ය ගුවන් මගියකුට මේ සිදුවූවානම් සිදුවන්නේ කුමද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

දෙමළ ජාතිකයකුට මෙවැනිසිදුවීමක් වූවානම් මේවන විට ත්‍රස්තවාදියකු කර මාස තුනකට විතර ‍රැඳවීම නියෝග ගසා හිර කූඩුවේ කූරු ගැන ගැන ඉන්නට සිදු වීම අනිවාර්යය. ඒ තත්වය පැවැති රාජපක්ෂ පාලනයේ දී පමණක් නොව වත්මන් ‘යහපාලනයේ දී ද අනිවාර්යය. පසුගිය මාස දහය තුල දෙමල ජාතිකයන් විස්සකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනුනේය. ඒ විමල් වීරවංශ කළ ආකාරයේ ලොකු මගඩි වලට නොවේ. අත් අඩංගුවට ගත හැකි හේතුවක් සොයා ගත හැකි යැයි සැක පිටය!

වීරවංශයේ අත් අඩ්ංගුවට ගැනීම ගැන රහස් පොලීසියට චෝදනා එල්ලෙ වන්නේ ඒ ආරක්ෂක අමාත්‍යංශයෙන් එනම් ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඒ සිදුවූ බව හඟවමින්ය. එසේ නම් පෙර දී දෙමළ ජාතිකයන් අත් අඩංගුවට ගැනීමත් එහෙම විය යුතුය.

ඒ කෙසේ නමුත් ඒ දෙමළ ජාතිකයන් නිදහස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ නැත. එහෙත් වීරවංශව නිදහස් කර ඔහුට යන ගමන යන්න දෙන්නට යැයි කීම අගමැතිවරයා හා වීරවංශ අතර අපි නොදන්න වෙන යාලු කමක් තිබෙනවා දැයි අපි දන්නේ නැත. එහෙමත් නැත්නම් උදුලාගම වාර්තාව හා පරණගම වාර්ත එළියට දමන්නට වීරවංශලා කළ උපකාරයට කෘතගුණ සලකන්නට දැයිද විය හැකිය.

ඒ කෙසේ වෙතත් අගමැතිවරයා මෙහිදී කටයුතු කළේ නීතියෙන් එපිටට ගොස්ය. මීට පෙරද වීරවංශගේ බිරීන්දෑගේ පාපොර්ට් මගඩියකට චෝදනා ලබා පෙර වැරදි සහිතව සිටී වීරවංශව කිසි වග විභාගයක් නොමැතිව නිදහස් කිරීමට අගමැතිවරයා කටයුතු කිරීම කිසිසේත්ම යහපාලනය නොවේ. නීතියේ ආධිපත්‍යය නොසලකා හරීමකි. අගමැතිගේ පිහිටෙන් විමල් දැන් ඔහුගේ දේශප්‍රේමී යුරෝපා සංචාරයේ යෙදෙමින් සිටී.

රාජපක්ෂ රෙජිමය කාලයේ මෙරට නීතිය වුයේ රාජපක්ෂගේ කැමැත්තය. ඒ යුගය අපි පරාජය කළේ පොදු ජනතාවට යුක්තිය සාධාරණය ඉ‍ටු විය යුතු බැවිනි. එහෙත් දැන් නැවතත් ඒ පරණ යුගයේ හෙවණැලි දකින්නට ලැබේ. එකල චෝදනා ලැබූ කම්බ හොරු මේවන විට එජාප ඇමැතිවරුන්ගේ ඔඩොක්කු වලය. තාවකාලිකව යටපත් වූ ජාවරම්කාර ආර්ථිකය යළි පණ ගැහෙමින් තිබේ.

ගල් අඟුරු, කරුන්කා, එතනෝල් ජාවාරම දැන් ජයටම සිදුවේ. චීන කොමිස් මගඩි යළිත් සිදුවෙමින් තිබේ. මේවා පි‍ටුපස එජාප ඇමැතිවරු රොත්තකි.

ඒ අතරේදී අගමැතිවරයා නීතිය කැඩු විමල් වීරවංශව නිදහස් කරයි. ඒ හෙට දිනයේ පූර්වාදර්ශය වීම වැලැක්විය හැකි නොවේ. මෙලෙස රටේ නීතිය බාල්දු කරමින් වීරවංශලා වැනි ප‍ටු ජාතිවාදී ඔල්මොරොන්දම් දේශප්‍රේමීන් රකින්නේ කවර අරමුණක් වෙනුවෙන්දැයි අගමැතිවරයා රටට පැහැදිලි කළ යුතුය.

– Lanka Daily

Archive

Latest news

Related news