Friday, May 3, 2024

නිවාස ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිළධාරින් ලිංගික අල්ලස් ඉල්ලයි

(ඉන්දියානු අාධාර මගින් ශ්‍රී ලංකාවේ යුද වින්දිතයිනට සාදන ලද නිවාස)
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් මුලන්කාවිල් ප්‍රදේශයේ යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහාවු ඉන්දිය නිවාස ව්‍යාපෘතිය ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවට එම ප්‍රදේශයේ කාන්තාවන් චෝදනා කර තිබේ.

යුද්දයෙන් පීඩාවට පත්වී සිටින සැමියන් අහිමිවූ කාන්තාවන්ට ලිංගික හිංසාවට ලක්කරන මෙවැනි ක්‍රියා කටයුතු ගැන කුපිතවූ ප්‍රදේශයේ කාන්තාවන් බොහෝ පිරිසක් පැමිණිළි කර තිබේ.

මුලන්කාවිල් ප්‍රදේශයේ ඉන්දිය නිවාස ලාභියකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට පවසා කාන්තාවකු විසින් කිලිනොච්චිය රතු කුරුස සංවිධානයට පැමිණිළි කර තිබේ. යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට රතු කුරුස සංවිධානයද එක්වී කටයුතු කරමින් සිටියි. පසුගිය 2012 වසරේ සිට කිලිනොච්චිය මුලන්කාවිල් නිවාස ඉදිකිරීමේ කටයුතුවල එම සංවිධානය නිරතව සිටියි.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මුදල් නිකුත් කිරීමේ අංශයේ කටයුතු කරන කොළඹ නිළධාරීන් දෙදෙනෙකුට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට  ඉකුත් කාන්තාව විසින්  චෝදනාකර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ කොළඹ කාර්‍යාලය සහ කිලිනොච්චිය කාර්‍යාලය ද ඒකාබද්ධව විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතයි පැවැසේ. එහිදී ලිංගික අල්ලස් සම්බන්‍ධ සිද්ධියන් කිහිපයක් ද හඳුනාගෙන තිබේ. මෙලෙස බොහෝ සිද්ධින් සිඳුව ඇති නමුත් සැමියා අහිමිවූ කාන්තාවකු විසින් පළමු වරට පැමිණිළි කර තිබේ.

නිවාඩු දිනයකදී ඔහු සඳහන් කරන ස්ථානයට ගොස් ඉහළ නිළධාරිවරයාව හමුවුයේ නම් පහසුවෙන් අදාල මුදල වෙන්කරවා ගත හැකි බවට ඉකුත් කාන්තාව වෙත පවසා තිබේ. නිවාස ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීමේදී ආරවුල් සහගත තත්වයක් තිබී ඇති අතර මුදල් ලබා නොදී අමානුෂික ලෙස තර්ජනය කළ බවත්, විරුද්ධ වුනොත් නිවසා ව්‍යාපෘතිය අහිමිවිය හැකි බවට තර්ජනය කර ඇතයි ද වාර්තාවේ.

ලිංගික අල්ලස් ඉල්ලා සිටීම ඇතුළු 25කට අධික පැමිණිළි ලැබී ඇති බවත් ඒ සම්බන්‍ධයෙන් විමර්ශණ කටයුතු පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නායක නිමාල් කුමාර් මහතා පවසා තිබේ.

ඉතා පහත් ක්‍රියාවක් වන මෙවැනි සිද්ධින් ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගෙන පීඩාවට පත්වූ ජනතාව සාධාරණයක් ලැබිය යුතු බවත්, ඉදිරි කාලයේදී මෙවැනි අසාධාරණකම්වලින් තොරව ජනතාව නිවාස ව්‍යාපෘතිය ලබාදිය යුතු යැයි ප්‍රදේශයේ කාන්තාවන් ග්ලෝබල් පුවත් සේවයට පැවැසීය.

– – ග්ලෝබල් ටැමිල් නිව්ස් –

Archive

Latest news

Related news