Tuesday, May 7, 2024

පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට

( තුරුදහන් වූ සිය සැමියා  සොයා දෙන ලෙස ඉල්ලා සටන් කරන ඔහුගේ බිිරිඳ වන සන්ධ්‍යාා එක්නැළිගොඩ)

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරිමේ සුළමුළ ළගදීම හෙළිවනු ඇතියි ජනමාධ්‍ය වාර්තා කරයි

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වාර්තා වී ඇතැයි අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පවසා තිබේ.

සන්නද්ධ දෙමල ජාතිකයින් දෙදෙනෙකු විසින් කොළඹදී පැහැරගෙන යනු ලැබූ එක්නැලිගොඩ මහතා මින්නේරිය යුධ හමුදා කඳවුරට බාරදී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත ඉදිරි දින කිහිපය තුලදී හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිට ඇත.

අතුරුදහන් වූ සිය සැමියා  සොයා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිිරිඳ වන සන්ධ්‍යාා එක්නැළිගොඩ දේශිය සහ අනතර් ජාතික තලයෙහි දිර්ඝ කාලින අරගලයක යෙදී සිටී.

ප්‍රගීත් එක්නැළිගොඩ විදේශ රටක ජීවත් වන්නේ යැයි මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබලයින් ව්‍යාජ ප්‍රචාරයක් ද ගෙන ගියේ ය.

 

 

 

Archive

Latest news

Related news