Thursday, May 2, 2024

හම්බන්තොට දේපල අලාභ කිරීම් මාලාවක්

පැය 12 ක් තුල සිද්ධි තහවුරු කළ සිද්ධි 6 ක්.
ආරක්ෂාව තහවුරු කරන්න. කැෆේ ඉල්ලයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක කොඩිවැල් සහ කටවුට් විනාශ කිරීමේ සිදුවීම් 6 ක් පසුගිය පැය 12 ක කාලය තුල වාර්තා වී ඇත.  හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා ලබා දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගම මෙම දේපල අලාභ කිරීම් සිදුවීම විශේෂයකි.
හම්බන්තොට ලුණුගම්වෙහෙර සහ තංගල්ල මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිය පුතුන් මහා මැතිවරණවලට තරග වැදුණු දිස්ත්‍රික්කයයි.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,
·         බෙරලිහෙල කලාපයේ අමාත් සජිත් ප්රේමදාස මහතා ගේ ආධාරකරුවන්ගේ නිවෙස් ගණනාවට රතිඤ්ඤා පත්තු කර දමා ඇත.
·         ඇල්ලගල හන්දියේ එජාප මහජන නියෝජිත සමන් මහතා ගේ නිවෙසේ ඉදිකර තිබූ කටවුට් කපා දමා ඇත.
·         ලුණුගම්වෙහෙර කු.ග. 18 වංගුවේ දයාසේන මහතාගේ නිවස අසල එජාප බැනර් සියල්ල විනාශ කොට ඇත
·         ලුණුගම්වෙහෙර කු.ග. 18 පංසල හන්දියේ කටවුට් එකක් විනාශ කිරීම
·         ලුණුගම්වෙහෙර 19 පාළම අසල සිට ඉදිරියට එජාපය විසින් සැරසිලි කොට තිබු කොඩිවැල් විනාශ කොට ඇත.
 තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,
 
තංගල්ල නගර මධ්‍ය යේ සවිකොට ඇති රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ගේ රුව සහිත කටවුට් කපා දමා විනාශ කොට ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සහා තංගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍ර දේශයන් හි ආරක්ෂාව තර කරන මෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්තුමා සහ පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටී.
සිද්ධියේ ඡායාරූප මේ සමග අමුණා ඇත.
a_004

Archive

Latest news

Related news