Thursday, May 2, 2024

1990 පොලීසියේ 600 ඝාතනය: කරුණා අම්මාන් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමට හේතුව

( තකට තක: කරුණා සහ ගෝටා)

කරුණා අම්මාන් පසුගිය දා රාජපක්ෂ යළි කැදවීමේ මාතර වේදිකාවට ගොඩ වූයේ වත්මන් ආන්ඩුව 1990 වර්ශයේ මඩකළපුවෙහි පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම විමර්ශනය කිරීමට තිරීණය කළ නිසා බව පැවසේ.

1990 වසරේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සහභාගී වන ලෙස ජනාධිපති කොමිසම පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාට දැනුම් දී ඇතැයි රජයේ දිණමින වාර්තා කරයි.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත්කර ඇති අතර එම කොමිසම විසින් උතුරු – නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරවන ලද අය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද එය සඳහන් කරයි.

කරුනා අම්මාන්  සම්බන්ධ බවට කරුණු දක්වමින් 1990 දී අම්පාර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම කොමිසම හමුවට පොලිස්පතිවරයාව ලබන 22 වනදා කැඳවා ඇති අතර මෙම ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර ඇති අතර එම විමර්ශනයට සිදු වූ දෙය සහ මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් සහන පිළිබඳවද තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා කැඳවනු ඇතැයි ද පුවත්පත සඳහන් කරයි.

(දිනමිණ ද අැසුරිණි)

Archive

Latest news

Related news