Thursday, April 25, 2024

ආනන්දි සසිදරන් බොරුකාරියක් යැයි කරුණානිධිගේ පක්ෂය කියයි

තමාගේ පුරුෂයා වූ එල්ටීටීඊ දේශපාලන කොමිසාර්වරයකු වූ එලීලන් සසිදරන් හමුදාවට බාර වූයේ ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ නායක කරුනානිධිගේ දියනියක වන පාර්ලිමේන්තු මංත්‍රී කණමෝලිගේ පොරොන්දුව උඩ බවට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මංත්‍රී ආන්නදි සසිදරන් කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව එම පක්ෂය ප්‍රකාශ කරයි.

2009 මැයි 18 දා යුද හමුදාවට බාර වූ එලිලන් සසිදරන් මේ තාක් සොයා ගැනිමට නැත. යුද හමුදාව ඔහු බාර වූ බව ප්‍රතික්ෂේප කරන නමුත් ඔහු සහ තවත් විශාල පිරිසක් දේවගැතිවරයකු සමඟ යුද හමුදාවට බාර වූ බවට ඇසින් දුටු සාක්ෂි තිබේ.

පසුගිය වසර හය පුරා කිසිදු අවස්ථාවක ආනන්දි සසිදරන් මෙම ප්‍රකාශය නොකළේ මන්දැයි දේශපාලන අංශ පුදුමයට පත්ව සිටිති. තතුදත් පිරිස් පවසන්නේ මෙම කතාව ඇයට එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් දෙන ලද ලණුවක් විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ පැවති  යුද්ධයේ අවසන් කාලයේ දී හිටපු එල්.ටී.ටී.ඊ.  සාමාජිකයින්ට ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා කිසිදු උපදෙසක් ලබානොදුන් බව 07 වන ඉරිදා ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණිමෝලි මහත්මිය ජනමාධ්‍යට කියා සිටිමින් ආනන්දිගේ කතාව ප්‍රතික්ෂේප කළේ ය.

ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි සහ ඔහුගේ දියණිය කණිමෝලි ලබාදුන් උපදෙස් වලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වූ සිය ස්වාමිපුරුෂයා යුද්ධයේ අවසන් සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත බාර වූවා යැයි පැවසෙන ආනන්දි ශෂිදරන් මහත්මියගේ ප්‍රකාශය මුලුමනින්ම පදනම් විරහිත බව කණිමෝලි මහත්මිය ප්‍රකාශ  කර තිබේ.

මේ අතර ආනන්දිගේ ප්‍රකාශය දඩමීමා කර ගනිමින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ‘ වහාම ඇත්ත කියනු’ යැයි කරුණිනිධි සහ කණිමෝලිට බල කිරීමට පටන් ගෙන තිබේ. ආනන්දි සසිදරන් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සුරතලියක ලෙස සැළකේ.

ඩීඑම්කේ පක්ෂයේ ප්‍රකාශකයකු අසා සිටියේ සයනයිඩ් කරල් දෙකක් බැඳගෙන සිටි එලීලන් යුද හමුදාවට බාර වීමට අපෙන් අවසර ඉල්ලුවේ යැයි කියන්නේ  අහවල් එකකටදැයි තමන්ට නොතේරෙන බවයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව ‘ද හින්දු‘ පුවත්පත විසින් විමසන ලදුව කණිමෝලි මහත්මිය පවසා ඇත්තේ ඉන්දීය රජය හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද්ගලයෙකුට ආරක්ෂක අංශයකට භාර වන්නට යැයි පැවසීමට තමන්ට අධිකාරි බලයක් නැති බවත් මෙම කතාව පිටුපස සිටින්නේ කවුරුන්දැයි තමන් නොදන්නා බව ය.

ජනමාධ්‍ය හමුවේ කැපි පෙනෙන ප්‍රකාශ කිරීම මගින් ලාභ ජනප්‍රියත්වය ලබා ගැනිමට පුරුදුව සිටින ආනන්දි මැතක දී කියා සිටියේ තමා ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරියට ගොස් ශ්‍රී ලංකා ආන්ඩුවට එරෙහිව ගිනි තියා ගන්නා බවය.  එම ප්‍රකාශය අනුව ඇය ජිනීවා නුවරට පැමිණ ගිනි තබා ගන්නා තෙක්එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරා පිරිස් බලා සිටන්නේ ඇයගේ අල් රුගෙන ලොව වටා යාම පිනිස ය.

Archive

Latest news

Related news