Friday, May 3, 2024

ලාංකික දරුවන්ගේ සිහින විකුණන සිංගප්පුරු ජාවාරම

සිංගප්පුරුවෙි සීක් දේවාලේ දිනපතාම සහ ශ‍්‍රී ලංකාරාමයේ ඉරිදාට ලැබෙන කෑම වේල නොතිබෙන්නට අපිටත් සිද්ධවෙන්නේ බුරුමයේ රොහින්ජා අනාථයින්ට වුන දේමයි – දුක කියාගන්න බැරි ශී‍්‍ර ලාංකේය දරුවෝ

සර් මම හවස තුනේ ඉදලා පාන්දර 2 3 වෙන කල් චෛන ටවුන් එකේ රෙස්ටුරන්ට එකක මාසයක් ම පිඟන් භාජන හේදුවා, එ්ජන්ටි පොරොන්දු වුනේ මාසේ අවසානයේ සිංගප්පූරු ඩොලර් 1200 ක් ලංකාවෙ සල්ලි වලින් රුපියල් 120000 අනේ මම පණ යනකන් වැඩකලා. පඩි ගන්න ගියහම “ස්ටූඩන්ටි පාස්” කාරයන්ට සිංගප්පූරුවෙ වැඩ කරන්න බැරි බව දන්නේ නැද්ද එ්ජන්ටි ලිස්සලා ගියා. මට කෑ ගැහිලා ඇඩුණා හොටලේ අයිති කාරයා අණුකමිපා කරලා ඩොලර් 300 දුන්නා ප‍්‍රසන්න සිය පලමු මාසය සිංගප්පූරුවෙි ගත කර ඇත්තේ ඔය පරිද්දෙනි.

ප‍්‍රසන්න ඉංජිනේරු ඩිප්ලෝමාවක් සහිතව ශී‍්‍ර ලංකාවෙ පෞද්ගලික මාර්ග ඉදිකිරීමෙි ආයතනයක ස්ථිර රුකියාවක් කර මාස් පතා රුපියල් 50000 ක වැටුපක් උපයා ගත් තරුණයෙකි. ඔහුගේ මූලික අරමුණ වී තිබුනේ සිංගප්පූරුවෙී හෝටල් කලමනාකරණ පාඨමාලාව හදාරන ගමන් වෙහෙසවී වැඩ කොට වැඩිදුර අධ්‍යාපනයට මුදල් ටිකක් උපයා ගැනීමටය.

පත්තරේ තිබුන ඒජන්සියේ දැන්වීමටඅනුව සිංගප්පූරුවෙ හෝටල් කලමනාකරණ එක් අවුරුදු පාඨමාලාව සදහා ගාස්තුව රුපියල් 570000 ගෙවීම වාර දෙකකදී. “පළමු මාස හය තුල තියරි කෝස් එක දවසට පැය තුනයි පංති තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කොලොත් මාසෙකට අඩුම ගානේ ඩොලර් 1500 ලෙහෙසියෙන්ම හොයා ගෙන කෑම සහ නවාතැන් ගාස්තු ගෙවාගෙන ඉතිරි කේාස් ෆීස් වලට අමිමලට කරදර කරන්න වෙන්නෙ නැහැ, රුපියල් 370000 ගෙවල දැන්ම රෙජිසිටර් වෙන්න” එ්ජන්සියේ අධ්‍යාපන විිෂේශඥයෙක් නමින් හඳුන්වා දුන් තැනැත්තා අපව මුලා කලේ එසේ පවසමිනි.

එ්ජන්සියේ ගාස්තුව රුපියල් 51000වීීසා අවසර ගාස්තු රුපියල් 21000 ටිකටි එකට රුපියල් 28000 ඉතිරි කර ගත්තු මුදලූයි අමිමලා ණය වෙලා දුන්නු සල්ලියි එකතු කරගෙන පාඨමාලා ගාස්තු පළමු වාරිකය රුපියල් 370000 සිංගප්පූරුවෙි ඩයිමෙන්ෂන් පෞද්ගලික අධ්‍යාපණ ආයතනයේ බැංකු ගිණුමට ගෙවා ජනවාරි මාසේ මම මෙහෙ ආවා. එතෙක් ඉදන් විිදින දුක ගෙදරට කියන්න බැහැ ”ස්ටූඩන්ටි පාස්” වලින් ඉන්න අයට සිංගප්පූරුවෙි වැඩ කරන්න තහනමි නීති විිරෝධියි. ඩයිමෙන්ෂන්ආයතනය මෙහි නීතිරීති අපට පැහැදිලි කරලා දුන්නා. අතේ තිබිබ සල්ලි වලින් පලමු මාස දෙකේ කාමර ගාස්තු ගෙවිවා. ඊට පස්සෙ හුගක් දවස්වලට රෑට නිදියගන්නේ පාරෙ නැත්තමි පාක් එකක.

ඉහත සදහන් වන්නේ මා හට අහමිබෙන් මුණ ගැසුණු වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට සිංගප්පූරුවට පැමිණි ශී‍්‍ර ලාංකේය තරුණයෙකු ගේ කටුක අත්දැකීමකි. මෙම ලිපිය ගොණු කරනුයේ ශී‍්‍රලංකාවෙි සිටින සෙසු යමි ආර්ථික මටිටමක් ඇති තවත් තරුණ තරුණියන් පිරිසක් මෙම කෛරාටික තෘතීයක අධ්‍යාපනික විිෂේශඥ එ්ජන්සි වල උඟුලට හසුවිීමෙන් වලක්වා ගැනීමටය.

සිංගප්පූරුවෙි ඉතා උසස් ක‍්‍රමවත් නවීණ අධ්‍යාපණ ක‍්‍රම වෙීදයක් ක‍්‍රියාත්මක වෙී. පසුගිය දශක පහ තුල රට සීඝ‍්‍ර සංවර්ධණයකට ලගාවීීමට පුහුණු ශ‍්‍රම සමිපත දැඩි පිටිවහලක් සපයා ඇත. ගොඩනැඟිලි ඉදිරි කිරීමෙි කර්මාන්තයට සහ ගෘහ සේවාවන්ට අවශ්‍ය ශ‍්‍රමිකයින් පිටරටවලින් සීමාවන්ට යටත්ව ගෙන්වාගනු ලැබෙී. මීට අමතරව වෙනත් වෘතිකයින්ට ශ‍්‍රම වෙළදපලේ ඉල්ලුම අනුව මානව සමිපත් අමාත්‍යාංශයෙන් නිකුත් කරණ විවිද මාදිලියේ විිශේෂ අවසර පත‍්‍ර යටතේමෙහි රැකියා කලහැක.

සිහින බෙඳ නොවෙනු පිණිස (Photo courtesy Beyond Borders)
සිහින බෙඳ නොවෙනු පිණිස (Photo courtesy Beyond Borders)

ශී‍්‍ර ලංකාවෙි මෙන් නොමිලේ අධ්‍යාපනයක් හෝ නිදහස් අධ්‍යාපනික ක‍්‍රම වෙීදයක්මෙහි නොමැත.කැමති කෙනෙකුට තමන්ට රුචි දේ ඉගෙන ගැනීමෙි නිදහසක් මෙහි නොමැත. ප‍්‍රාථමික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු සිසුවාගේ දක්ෂතාවය මත ඉදිරි අධ්‍යාපනික කටයුතු පෙලගස්වනු ලබයි. මෙම වර්ගීකරණය අනුව තම හැකියාවට සරිලන රැකියාවක් සියලුම දෙනාට සොයාගත හැකිවෙි. එසේම වැඩිදුර උසස් අධ්‍යාපනික අවස්තාවන් තාක්ෂණික [ITE] බහු තාක්ෂණික [POLY TECHNICLE] ආයතන ඔස්සේ මුදල් ගෙවා සහ රජයේ සහනාධාර සහිතව හැදෑරීමට සියළු පුරවැසියනට පහසුකමි ඇත.

සිංගප්පූරුවෙි ශ‍්‍රම ඉල්ලුමට සරිලන නිපුණතා වර්ධණය කරගැනීම පිණිස අංග සමිපූර්ණ පහසුකමි සහිත තාක්ෂණික, බහු තාක්ෂණික සහ උසස් අධ්‍යාපනය සදහා ලොව පිළිගත් ඉහළින්ම ශ්‍රේණි ගතව ඇති විිශ්වවිද්‍යාල කිහිපයක් රජයේ සහ පෞද්ගලික අංශයේ සමිපත් යොදා ගනිමින් ක‍්‍රීයාත්මක වෙී. සමාජ සුභසාධනය රජයේ ප‍්‍රමුඛ තාවයක් නොවෙන බැවින් ඉහත සදහන් ආයතන වල ඉගෙනුම ලබන සියලුම දෙනා පාඨමාලා ගාස්තු ගෙවිය යුතුවෙි. විිදේශික සිසුන්ට මෙම පාඨමාලා හැදෑරිය හැක. එහෙත් සිංගප්පූරුවෙි පුරවැසියනට නියමිත ගාස්තු වලට වඩා වැඩි මුදලක් විිදේශික සිසුන්ගෙන් අයකරනු ලැබෙි. අදාල පාඨමාලා විස්තර අන්තර්ජාලය තුලින් නොමිලේම ලබාගත හැකිවෙි. එබැවින් කූඨ එ්ජන්සි කාරයන්ගේ සාවධ්‍ය විශේෂඥ උපදෙස් වලට හසුවිිය යුතු නොවෙි.

දළ වශයෙන් විිදේශික සිසුවෙකුගෙන් අයකරගනු ලබන වාර්ෂික පාඨමාලා ගාස්තු තාක්ෂණික, සහ බහු තාක්ෂණික පාඨමාලා සදහා සිංගප්පූරු ඩොලර් 8000 ක් පමණ වන විිට විිශ්ව විිද්‍යාල පාඨමාලා සදහා එම මුදල සිංගප්පූරු ඩොලර් 12000 ක් පමණ වෙි. එක් එක් පාඨමාලා සදහා මෙය වෙනස්විය හැක. මීට අමතරව කෑම සහ නවාතැන් පහසුකමි සදහා මාසිකව අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 500 ක් පමණ අවශ්‍යවෙි.

ඉහත කරුනු කාරනා මෙම ලිපියේ අඩංගු කලේ ශ‍්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට අධ්‍යාපන කටයුතු සදහා පැමිණිමට අපේක්ෂිත ප‍්‍රසන්නලා වැනි අහිංසක තරුණ තරුණියන් රැුසක් කූඨ එ්ජන්සි කරුවන්ගේ උගුල්වලට හසුවිමෙන් වලක්වා ගැනීමටය. ශිෂ්‍ය වීිසා බලපත‍්‍ර මත සිංගප්පූරුවෙි රැදී සිටින්නන්ට රැකියා වල නිරතවීමට අවසර නොමැත. එහෙත් උග‍්‍ර ශ‍්‍රම ඌණතාවය හේතුවෙන් නීති විිරෝධීව වැඩ කිරීමට අවස්තාවන් ඇත. එවැනි දේවල නිරතවී හසු වුවිිට රටින් පිටුවහල් කිරීමට බලධාරීන් පසුබට නොවෙි.

කසුන්, හසිත සහ රිස්වාන් යන සිසුන් තිදෙනාද ප‍්‍රසන්න හසුවූ උගුලේම සිරවී සිටිති. ඔවුන් මෙහි පැමින ඇත්තේ පසුගිය මාසයේය. කසුන් සහ හසිත වෙනත් අරමුණු සහිත දෙදෙනෙකි.

මම ලංකාවෙි හෝටල් වල සහ රිසෝටි වල අවුරුදු ගානක් වැඩ කලා සර් පිටරටක වැඩ කරලා අත්දැකීමි තිබුනොත් පිලිගැනීම වැඩියි අඩුම ගානේ ඉක්මනින් සුපවයිසර් කෙනෙක් කැප්ටන් කෙනෙක් ලෙස උසස් වීමක් ගන්න පුලුවන්. ඉතින් මම කොහොම හරි ණයක් අරගෙන සිංගප්පූරුවෙි හෝටල් කළමණාකරන පාඨමාලාව හදාරා සල්ලි ටිකක් හමිබකරගෙන එන්න හිතාගෙනයි මෙහෙ ආවෙි. ඒජන්සිය කිවිව විිදියට රැකියාවක් කල හැකි නිසා මම මුළු පාඨමාලාවටම සල්ලි බැන්දා. මෙහෙ ආවම පස්සෙ තමයි නියම තත්වෙ දන්නෙ.මෙික මැනේජ්මන්ටි කෝස් එකක් නොවෙි බෙිසික් කෝස් එකක් මෙික ලංකාවෙ ඉදන් City & Guilds Course එකකින් ලබාගන්න පුළුවන්, හැබැයි ඩයිමෙන්ෂන් අධ්‍යාපණ ආයතනයේ පුහුණු කරුවො උගැන්වීමි කටයුතු හරියට පිලිවෙලට කරනවා. ජොබි එකක් කරලා අහු උනොත් ඊළඟ මාස හයේ on the job training එක කරන්න බැහැ වීීසා දික්කරන්නෙ නැහැ. ඩයිමෙන්ෂන් ආයතනයම මෙම අවස්ථාව සලසන නිසා අපිට එ් මාස හයේ ගෙවීිමක් ලැබෙනවා කියලා හිතනවා. ඉතින් මෙම මාස හයේ වියදමට ආයෙත් ගෙදර අය ණය වෙනවා. ලංකාවෙි ඒජන්සි කාරයෝ අපිව සමිපූර්ණයෙන්ම මුලා කලා. මාසෙකට එක බැචි බැගින් බදවා ගන්නවා කිසිම සිංගප්පුරුවෙි ලමයෙක් මෙහි නැහැ පංතියේ බාගෙකට වැඩිය ඉන්නෙ ලංකාවෙි අය. ජනවාරි මාසේ ආපු ලංකාවෙි ලමයි දසදෙනෙක්ම තියරි මාස හය විතරක් කරලා certificate එකක් වත් නැතිව හිස් අතින් හොදටම දුක්විිදලා ගෙදර යනවා. අනේ සර් මෙි වංචාව බලධාරීන්ට පෙන්නලා දෙන්න රෙටි විදේශ විිණිමය අධ්‍යාපනය වෙනුවෙන් නාස්ති වෙනවා යයි කසුන් පැවසීය. ඔවුන්ගේ පරාර්ථකාමී ඉල්ලීම මෙම ලිපිය ගොනුකර වීීමට මා පෙළඔවීය.

එම අරමුන ඔස්සේ කරුනු සොයා ගනුවස් තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ සාකචිඡ කෙලෙමි. හසිත අගනුවර ප‍්‍රධාන පෞද්ගලික පාසලක උගෙනුම ලැබුවෙකි. ඔහු මෙහි පැමිණ ඇත්තේ සිය පියාගේ Restaurant එක දියුණු කර ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට උපාය මාර්ග හඳුනා ගෙන හොටෙල් මැනේජ්මන්ටි කෝස් එක සමිපුර්ණ කිරීමටය. හසිත පැවසුවෙීද ප‍්‍රසන්න සහ කසුන් පවසා සිටි කරුනුමය, සෑම බැචි එකකම වැඩිපුර සිටිනුයේ ශ‍්‍රී ලංකාවෙි සිසුන්ය නේපාලයේ ඉන්දියාවෙි සහ බුරුමයෙන් පැමිණි සිසුන් අතලොස්සක් පාඨමාලාව හදාරන නමුත් කිසිම සිංගප්පුරුවෙි සිසුවෙක් ඩයිමෙන්ෂන් ආයතනයේ නොමැත.

හසිත පවසා සිටියේ ශ‍්‍රී ලංකාවෙි සිසුන්ට නවාතැන් පහසුකමි සපයන ආයතන වල කනගාටු දායක තත්වයයි. මෙම රජයේ තටිටු නිවාස කුලියට ගෙන ඇත්තේද ශ‍්‍රී ලාංකිකයින් පිරිසකි. ඔවුනට මෙසේ සිංගපුරුවෙි අසරණව සිටින ලාංකීය සිසුන් හය හත් දෙනෙකු එක කාමරයකට රිංගවා එක සිසුවෙකුගෙන් මාසයකට ඩොලර් 300 බැගින් අයකර ගැනීම ලාභදායි ව්‍යාපාරයකි. රටෙි නීති රිති අනුව මෙසේ කුලියට දීමද නීති විරෝධීය.

මෙකී දත්තයන් අනුව එක් තටිටු නිවසක සිසුන් 20-25 ක් පමණ ලැඟුමි ගෙන සිටී. තත්වයේ බැරැරුමි කම කෙසේ දැයි සිතාගත හැක.

බංගලාදේශයේ බුරුමයේ රොහින්ජා සරණාගතයින්ට සිදුවෙන දෙයම ශ‍්‍රී ලංකාවෙි සිසුන් තරුණයන් අත්විිදීති. සුළු මුදලක් මුලිකව ගෙවමින් එ්ජන්සි කරුවන්ගේ උගුලට හසුවෙන මොවුන් රොහින්ජා සරණාගතයින් මුහුණ දෙන තත්වයට එනමි ජීවිතය බෙරා ගැනීමට මුහුද මැදදී කප්පමි ගෙවන අයුරින් මෙම සිසුනටද සිය දෙමාපියනට ණය වී නවාතැන් සහ කෑම විියදමි සිංගප්පුරුවට එවන ලෙස ඉල්ලා සිටීමට සිදුව ඇත.
නිදහස් අධ්‍යාපනය:

මුදල් ඇති සහ නැති සැමටම තමනට කැමති දෙයක් ඉගෙන ගෙන සිය ජීවන තත්වය වැඩි දියුණු කර ගැනීමෙි මාර්ගය හෙලිකරදීමෙි පරමාර්ථයන් ඔස්සේ වෙනස් විිිය යුතුබව මෙම ලියුමි කරු දරන මතයයි. ශ‍්‍රී ලංකාවෙි අප නිදහස් අධ්‍යාපන සහ නොමිලේ අධ්‍යාපන පරමාර්ථ තුල අතරමං වී සිටින්නෙමු. නිදහස් අධ්‍යාපන ක‍්‍රියා දාමය තුල ශ‍්‍රී ලංකාවෙි වත්මන් අධ්‍යාපන ගුණාත්මක භාවය පහල යෑමක් සහ විිසි එක්වැනි සිය වසට උචිත අයුරින් යාවත් කාලීන වීීමක් සිදුව නොමැති බව මෙම සිද්ධීන් තුලින් පැහැදිලි වේ.

ඉහත විිස්තර කර ඇත්තේ සත්‍ය තොරතුරු, ම විසින් සිසුන් සමඟ කල සාකචීඡ අදහස් හුවමාරු තුලින් ලබාගත් කරුනුඅනුසාරයෙන් මෙම ලිපියට ගොනු කර ඇත්තෙමි. සිසුනගේ අනන්‍යතාවයන් රැක ගනුවස් ඔවුනගේ සත්‍ය නමි වෙනස් කර ඇත.

මෙම අවාසනාවන්ත තත්වයට තවත් ශ‍්‍රී ලංකාවෙි තරුණ තරුණයින් පිරිසක් එ්ජන්සි කරුවන්ගේ නොමඟ යෑමට වැලැක් වීමට පහත සදහන් ක‍්‍රීයා මාර්ග වහාම හඳුන්වා දියයුතුව ඇතැයි බලධාරීන්ට යෝජනා කර සිටිමි.

සිංගප්පූරුවෙි පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන ශ‍්‍රී ලාංකිකයින් ලියාපදිංචි විීමෙි ගාස්තු බැංකු හරහා ප්‍රේෂණය කිරීමට පෙර එකී පාඨමාලාව හැදෑරීමෙි කාල සීමාව තුලදී නවාතැන් සහ ඉඳුම් හිටුම් පහසුකම් සඳහා වැයවෙන මුදල බැංකු ඇපකරයක් (Bank Guarantee) මගින් රටින් පිටවීමට පෙර සපයාගෙන ඇති බව තහවුරුවක් ලබා ගත යුතුව ඇත.
මෙම අවශ්‍යතාවය සියලුම බැංකු පිලිපැදිය යුතු බවට විිණිමය පාලක වරයා විිසින් චක‍්‍ර ලේඛයක් මගින් අනිවාර්ය කල යුතුවෙි. මෙකී අවශ්‍යතාවය සපුරා ගැනීමෙන් පසු පාඨමාලා ගාස්තු ප්‍රේෂණය කිරීමට බැංකු වලට අවසර ඇත.

ඉහත යෝජිත ක‍්‍රියා මාර්ගය අනුව විවිිධ තෘතීයක අධ්‍යාපන විිශේෂඥ එ්ජන්ත වරුන්ගේ නොමග යෑමි වලට සහ රුවටීමි වලට හසු විිය හැකි දෙමාපියන් වලක්වා ගනිමින් සහ මුදල් උපයාගනු පිණිස සිංගප්පූරුවට පැමිණිමට අපේක්ෂිත සිසුන්ටමුහුණ දීමට සිදුවන අවදානම පිලිබදව දැනුවත් කිරීමක්ද කලහැක. විිදේශ අධ්‍යාපනය ඉලක්ක කර ගනිමින් අපතේ යන විිනිමය සහ තරුණ අපේක්ෂා භංගත්වය අවම කල හැක.

ආගන්තුක සත්කාරක සේවා ආශි‍්‍රත ව්‍යාපාර නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාවෙි ව්‍යාප්තවීමෙි ප‍්‍රවණතාවන් වැඩිබවට මෙම ලියුමි කරු විිශ්වාස කරයි. එ් අනුව එම ක්ෂේත‍්‍රයේ රැකියා සදහා ඉල්ලුමද ඊට සමගාමීව ඉහල යා හැක. පවතින ඉල්ලුමට සරිලන පරිදි ශ‍්‍රී ලංකාවෙි හෝටල් පාසැල් සිසුනට පාඨමාලා හැදෑරීමෙි රටතුලම අවස්තාවන් වැඩි කිරීම සහ එකී පාඨමාලාවන් ජාත්‍යන්තර මටිටමෙි පිලිගැනීමට යොමු වෙන පරිදි ගුණාත්මක තත්වයන් වැඩි කලයුතුය. එ් සදහා සිංගප්පූරුවෙි රජයේ තෘතීයක අධ්‍යාපන ක‍්‍රම වෙිදය හැදෑරීම තුලින් ශ‍්‍රී ලංකාවට උචිත පාඨමාලාවන් හඳුන්වා දිමට හොද පිටුවහලක් සපයා ගත හැක.

– සිංගප්පූරුවෙි පදිංචි ලාංකිකයෙක් / වැඩබිම

Archive

Latest news

Related news