Saturday, May 4, 2024

පොට්ටු අම්මාන්ගේ අවසන් හඩපටය විකිනීමට තිබේ – දෙමළ වෙබ් අඩවියක්

(පොට්ටු අම්මාන්)

අදර්වු වෙබ් අඩවිය නම් දෙමළ බසින් පළ වන වෙබ් අඩවියට අනුව පොට්ටු අම්මාන් අවසන් වරට පැවැත්වූ වෝ්කි ටෝකි සංවාදය යුද හමුදාවට සම්බන්ධ පිරිස් විසින් විකිනීමට ලංසු ගමිනින්  තිබේ.

2009.04.03 වන දින වන්නියෙහි  ආනන්දපුරම් හි පැවැති දරුණු සටනින්   විමුක්ති ප්‍රධානින් ඇතුලු කොටි සමාජිකයින් දහස් ගණනක් වීර මරණයට පත්විය.

එල්ටීටීඊ සංවිධානයේ කාන්තා සන්නද්ධ අංශයේ නායිකාව වශයෙන් කටයුතු කල විදුෂා, මුල්ලිවායික්කාල් සිටි පොට්ටු අම්මාන් සමග 2009.04.03 වන දින . වෝකි ටෝකි’ මගින් කර ඇති  මෙම සංවාදය හමුදාව පට්ගත කර තිබේ. එම සාකච්ඡාව ඇතුලත් හඬ පටයක් තමන් සතුව ඇති බවත්, එය රිදී 5,000කට (සිංගප්පූරු මුදලින්) අලෙවි කරන බවත් හමුදාවෙන් පැනගිය ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරමින් සිටින බව එම වෙබ් අඩවිය දක්වයි.

මෙම  ගනුදෙනුව  කැරෙන්නේ විදේශ රටවල සිටින සමහර මාධ්‍යවේදීන් සම්බන්ධ කරගෙන බවත් එහි කියැවේ.  ආනන්දපුරම් ප්‍රදේශයේ දරුණු සටන් පැවැති අවස්ථාවේදී, කොටි සමාජිකයින් සතුව තිබූ අාහාර, පානීය ජලය සහ අවි ආයුධ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, කොටි නායිකාවක් වූ විදුෂා, පොට්ටු අම්මාන්ට කතා කර, ඒ සියල්ල කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. නමුත්, එම අවස්ථාවේදී, පොට්ටු අම්මාන්ට කිසිවක් සිදුකිරීමට හැකියාවක් තිබී නැත.

යුද හමුදාව වාසින් සෑම මාර්ගයක්ම අවහිරකර තිබු බැවින්  ඉතාමත් කලබලයට පත්ව සිටි පොට්ටු අම්මාන්, ‘තම සියළු උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්, තමන්ට එම බාධක බිඳදමා අාන්නද්පුරම්  සිටින ප්‍රදේශයට පැමිණිමට නොහැකි’ බවත් හැඬූ කඳුලින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවේ.

මේ සියල්ල පැහැදිලිව පටිගත වී ඇති බවත්, මෙය විමුක්ති කොටි සංවධානයේ බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන්ගේ අවසන් වෝකි ටෝකි’ සංනිවේදන සංවාදය බවත්, ඉන් අනතුරුව ඔහු කි‍සිඳු පුද්ගලයෙකු සමග වෝකි ටෝකි’ සංනිවේදනය යන්ත්‍රයෙන් කතාකර නොමැති බවත් දැනගැනීමට තිබේ. මීටපෙර යුද අපරාධ ඇතුලත් වීඩියෝ පට හමුදා සාමාජිකයින් විසින් අලෙවි කරන ලද පරදි මෙම හඬ පටය සඳහා දැන් ලංසු ගනිමින් තිබෙන බව කියැවේ

(ටැමිල් ටී නිවුස් ද අසුරිනි.)

Archive

Latest news

Related news