Friday, April 26, 2024

වැලිඅමුණට ගහන්න රාජපක්ෂලාගෙන් අත්තිකාරම් !

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයථා කටයුතු විමර්ශනය කොට එළිදැක්වූ වාර්තාව නිසා මහත් අසීරුතාවයට පත්වී සිටින නාමල් රාජපක්ෂ, නිශාන්ත වික්‍රමසිංහ කණ්ඩායම, එම කොමිසමේ සභාපතිත්වය දැරූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතාට එරෙහිව මාධ්‍ය, වෘත්තීය සමිති, අධිකරණ

ඔස්සේ ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ යටතේ ‘වැලිඅමුණ කොමිසමට’ විරුද්ධව එහි නිර්දේශයන් ශුන්‍ය සහ බලරහිත කරගැනීමට උපරිමාධිකරණයේ නඩු පැවරීම සඳහා තීරණය වී ඇත. ඒ සඳහා රාජපක්ෂවාදී නීතීඥයන් මේ දිනවල එකතු කරමින් සිටී. ඒ අනුව රාජපක්ෂවාදී නීතීඥයන්ට බලය නැති කාලයේ පවා හතර මහා නිධානය පහළ වී තිබේ. නීතීඥයන් ඉල්ලන ඉල්ලන ගණන් ගෙවීමට රාජපක්ෂවරු කටයුතු කොට ඇත. ඒ අනුව මෙම නීති කටයුත්ත අභියාචනාධිකරණයේ කටයුතු කරන අධිනීතීඥ නයිජල් බර්තොලමියුස් වෙත භාරදී ඇති අතර එහි අත්තිකාරම වශයෙන් බර්තොලමියුස් මහතා රුපියල් මිලියන 10 ක් ඉල්ලා තිබේ. රාජපක්ෂවරු කිසිදු පැකිලීමකින් තොරව එම මුදල ඔහුට ගෙවා ඇත.

ඊට අමතරව වැලිඅමුණ කොමිසමට පහර දීම සඳහා ගුවන්සේවා අධිකාරියේ වෘත්තීය සමිති කිහිපයක් බිලිබා ගැනීමට රාජපක්ෂවරු සමත් වී තිබේ. ඒ සඳහා අත්තිකාරම් වශයෙන් මෙම වෘත්තීය සමිති නිළධාරීන්ට රුපියල් මිලියන 02 ක් ගෙවා තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥ වැලිඅමුණ මහතාට දිගින් දිගට පහරදීම සඳහා රාජපක්ෂ හිතවාදී මාධ්‍යකරුවන් කිහිප දෙනෙකු මෙම කණ්ඩායම විසින් මිලදීගෙන ඇත. ඔවුන්ට රුපියල් මිලියනය බැගින් ලබාදී ඇති බව ඉහත කී ආරංචිමාර්ග සඳහන් කර සිටී.

මෙම ව්‍යාපෘතියේ වැඩිම බරපැන දරා ඇත්තේ හිටපු ශ්‍රීලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ (හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොයුරු) පුත්‍රයා වන ඩිල්ෂාන් වික්‍රමසිංහය. මෙකී ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මහාපරිමාණ චීන ව්‍යාපෘතිවල දේශීය ඒජන්තයාය. සිංගප්පූරුවේ පදිංචි ඩිල්ෂාන් වික්‍රමසිංහ හා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු වන ප්‍රභාත් නානායක්කාර නැවතත් රාජපක්ෂ යුගයක් ලංකාවේ ඇතිකිරීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ මුල්‍ය පහසුකම් සපයන්නන්ය. ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID)මේ වනවිටත් විමර්ශන ආරම්භ කොට ඇත.

-LNW

Archive

Latest news

Related news