Tuesday, July 16, 2024

‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා එකිනෙකා හමුවන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් එය ජනවාරි අට වැනිදා වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු ‘ජන වරමට පිටුපෑමක්’ බව දේශපාලන විශ්ලේෂකයෙක් පවසයි.

වසර දෙකක් යන තුරු ප්‍රධාන පක්ෂ දෙක ම එක් වී ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම මැතිවරණ පොරොන්දුවක් වූ බවත් ඒ සඳහා ලැබී තිබෙන ජන වරම ඉතා පැහැදිලි බවත් දේශපාලන විශ්ලේෂක සුනන්ද දේශප්‍රිය කියා සිටී.

‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රාජපක්‍ෂ සමයේ තිබුණු දුෂණය සහ භීෂණය තුරන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම සහ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම. ඒ පොරොන්දුවලින් එකක් තමයි අවුරුදු දෙකක් පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම මගින් රටේ නොවිසඳුණු ප්‍රශ්ණ විසඳීම. ඒක තමයි ජන වරම. ඒ ජන වරම ඉතා පැහැදිලියි.’ ඔහු පැවසීය.
ගෙදර යැවීම’

එවැනි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා යම් අවබෝධයකට පැමිණිය යුත්තේ එම ජනවරම සඳහා සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ සමඟ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ‘ගෙදර යැවීමේ’ අරමුණක් මෙම හමුව තුළ නොමැති නම් තමා විසින්ම පත් කර ඇති තම පක්ෂයේ ප්‍රකාශකයා කරන ප්‍රකාශයන් ගැන ජනාධිපතිවරයා නිහඬව නොසිට තම ස්ථාවරය හෙළිදරව් කළ යුතු බවයි ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසන්නේ.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news