Tuesday, April 16, 2024

වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’

වීඩියෝව සඳහා මෙහි පිවිසෙන්න

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්, තනතුරක් ලබා දෙන්නේනම් එය ‘අල්ලසක්’ලෙස සැලකිය යුතු බව ජනාධිපතිවරණ පනතේ සදහන් වන්නේ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධය පිළිබඳ අදහස් දැක්වීම සඳහා රජය අද(21) පාර්ලිමේන්තුවේදී කැඳවූ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා එම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරණ පනතට අනුව එය අල්ලසක් බවයි කියා සිටියේ.

‘කවුරුහරි කියනවනම් වරදක් කරලා නැහැ කියලා, ගිහිල්ල ප්‍රකාශයක් කරන්න පුළුවන් මම වරදක් කරලා නැහැ කියලා’ ඔහු පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලි ගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලයක් නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

– බීබීසී සිංහල

 

Archive

Latest news

Related news