Friday, April 19, 2024

මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්‍රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

”පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ලංගමයේ බස්රථ යොදා ගැනීම වෙනුවෙන් හිඟ මුදල් මිලියන 142ක් ලැබිය යුතුව තිබෙනවා. සන්ධානයේ මහ ලේකම්ට, ශ්‍රිලනිපයේ මහ ලේකම්ට, ජනාධිපති මැතිවරණ කමිටු ලේකම්ට මේ පිළිබඳව ලිඛිතව දන්වාලා තියෙනවා. එම ලිපිවලට කිසිදු පිළිතුරක් නැහැ. අවුරුද්දෙන් පස්සේ අධිකරණ ක්‍රියා මාර්ගයකට ගිහින් ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනවා.” යැයි පැවැසීය.

මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සඳහා වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇති අතර එම සේවකයින් සඳහා වැටුපෙන් අඩක් ගෙවනු ලබන්නේ මහා භාණ්ඩාගාරය මගිනි. එවන් තත්වයකට ලංගමය පත් කිරීමට හිටපු ආණ්ඩුව වගකිව යුතු අතර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැස්වීම් සඳහා බස්රථ යොදා ගැනීමේ මුදල් ඉතා ඉක්මනින් හිටපු ජනාධිපතිවරයාගෙන් හෝ අයකර ගත යුතු බවට සේවකයෝ ප්‍රකාශ කරති
ලංකා ට්රුත්

Archive

Latest news

Related news