Thursday, April 25, 2024

වැලිඅමුණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින් දඩුකඳේ ගසනු! – ලංකා ජාත්‍යන්තරය

[මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිඅමුණ ඇතුලු පරීක්ෂණ මණ්ඩලයට ලංකා ජාත්‍යාන්තරය සිය ආචාරය ද පුද කරයි]
මාධ්‍ය නිවේදනය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින්ට උපරිම දඬුවම් දීමට පියවර ගන්නා ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යාන්තරය ඉල්ලා සිටී.

තෙසතියක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිඅමුණ ඇතුලු පරීක්ෂණ මණ්ඩලයට ලංකා ජාත්‍යාන්තරය සිය ආචාරය ද පුද කරයි. එමෙන්ම මෙම කමිටුව පත් කරන ලද ඇමැති අර්ජුන රණතුංග මහතාටද ස්තුතිය හිමිවිය යුතු ය.

වෙනත් කාරනා සම්බන්දයෙන් තමන් නිර්දෝශී යැයි ප්‍රකාශණ නිකුත් කරන රාජපක්ෂවරුන්ගේ සහ උනගේ සට්ටැමියන්ගේ මුඛ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන චෝදනා සම්බන්දයෙන් අඟුළු වැටි ඇති තිබේ.
ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්‍රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා එයාර් ලංකා ගුවන් සේවාකාවන් ලබා දී ඇති අන්දමත් එම ගුවන් සේවයම යොදා ගෙන යෝෂිත රාජපක්ෂ පුත්‍රයාගේ වානිජ කටයුතු සඳහා ආම්පන්න ගෙන්වා ඇති අන්දමත් ජනාධිපතිගේ මස්සිනාට සිය සුරතලියන් සමඟ ලොව වටා යෑමට පහසුකම් දීම යනාදී මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන කරැණු අතිශය ජුගුස්සා ජනක ය. මෙම වාර්තාවෙන් හෙළි කැරෙන දූෂණයන්ට දැවැන්ත මුල්‍යමය වංචාවන්ද ඇතුළත් ය.

මෙම වාර්තාව විසින් පෙන්නුම් කරන එක් වැදගත් කරුණක් නම් රාජපක්ෂ සමයේ දූෂණ වංචා සොයා බැලීම සහ දූෂිතයින් නම් කිරීම කළ හැකි සහ කළ යුතුම කරුණක් බවයි. මෙම වාර්තාව අනෙක් ඇමැතිවරුන්ටද ආදර්ශයක් විය යුතු බවට ලංකා ජාත්‍යාන්තරය අවධාරණය කරයි.

වත්මන් ආන්ඩුව දැනටමත් අති විශාල මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින මෙම අවස්තාවෙහි මෙම වාර්තාව රාජපක්ෂ සමයේ දී මෙන් කුණු කූඩයට නොයැවීමට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි යුතුකමක් බව ලංකා ජාත්‍යන්තරය විශ්වාස කරයි.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යන්තරය වෙනුවෙන්
රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news