Friday, April 26, 2024

දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගනු! – ගෝ රයිට් සාමූහිකය

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිරකරු ගාතනයට එරෙහිව අසත්‍ය ප්‍රබන්ද මත ජතාවදී ලිපි පෙලක් ලියමින් සිටින දිවයින  පුවත් පතෙහි සමන් ගමගේ නම් ලේඛකයා ට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් කරන  නීතිඥ සේනක පෙරේරා හා ගෝ රයිට් මනව හිමිකම් සංවිධානය එම ලිපි මගින් තමන්ට සහ එම ඝාතනය පිළිබඳ සාක්ෂිකරැට අගතියක් සිදුව ඇති බැවින ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.

එම පැමිණ්ල්ල මෙසේය

අත්තනගල්ල,වෙළගෙදර අංක 151/2 දරණ නිවසේ පදිංචි සිංහල බෞද්ධ වෘත්තිමය නීතීඥ අංක 690982935V දරණ ජාතික හැදුනම්පත හිමි දුරකථන අංක 077 28 17 164 සහ 071 44 53 890 දරණ රංගොඩ ආරච්චිගේ සේනක පෙරේරා වන මම පහත පැමිණ්ල මගින් මෙසේ ප්‍රකාශ කර සිටිමි. පසුගිය දා එනම් වර්ෂ 2015ක් වූ පෙබරවාරි මස 01 වන දින සහ පෙබරවාරි මස 22 වන දින ලංකා ඉරිදා සංග්‍රහයේ විශේෂාංග තීරුවේ පලවූ එදා වැලිකඩ හිරගෙදර මොකද වුනේ සහ “වැලිකඩ” වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම යන ලිපි දෙක මගින් බලවත් අගතියක් ගෝ රයිට් මානව හිමිකම් යන අප සංවිධානයට සහ එම සංවිධානයේ සාක්ෂිකරුවන්ට සිදුව ඇත.

ගෝ රයිට් මානව හිමිකම් සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් අත්අඩංගුවට ගෙන මීනීමැරීමේ සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා යටතේ නඩු පවරා වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයකට භාජනය කර සාධාරණ නඩු විභාගයක් පවත්වන්න යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට,අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට සහ මේ වන විටත් ගරු අධිකරණ ඇමතිවරයා විසින් මේ ඝාතන සම්බන්ධයෙන් සොයා බලන්නට පත්කර තිබෙන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කර තිබියදී එකී පැමිණිල්ළි වල ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි අකාරයේ ලිපි දෙකක් මෙකී දිවයින පුවත්පතෙහි පළකර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පරීක්ෂණයක් සිදු කොට වරදකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලමින් කරනු ලබන පැමිණිල්ලයි.

මෙකී දිවයින ලිපි දෙක මගින් අප සංවිධානයට සහ අප සංවිධානය සමග එක්ව වැලිකඩ රැදවියන් ඝාතනය කළ මහා මිනිස් සංහාරය ඇසින් දැක ඒ සදහා යුක්තිය ඉෂ්ඨ කරන්න යැයි ඉල්ලා සිටින සාක්ෂිකරුවන්ට බලවත් අගතියක් සහ ජීවිත තර්ජනයක් එල්ළ වී ඇති බව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. මේ ලිපි දෙක මගින් මෙකී සමන් ගමගේ නැමති ලේඛකයා විසින් කියා සිටින කරුණු කිහිපයක් මෙපරිදිය.

‘‘ඉකුත් 2007 වසරේ දී කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශවල බස්‌ රථ, දුම්රිය ආදියට බෝම්බ තබමින් සිවිල් ජනතාව ඉලක්‌ක කර එල්ටිටීඊය තිරිසන් ප්‍රහාර ගණනාවක්‌ එල්ල කළේය. එකී ප්‍රහාර හමුවේ අපේ දරු පැටවුන්, මව්වරුන්, පියවරුන් ආදී ලෙසින් විශාල පිරිසක්‌ මියගියේය.වරක්‌ කොටුව දුම්රිය ස්‌ථානයේදී කොළඹ ඩී.එස්‌. සේනානායක විදුහලේ රගර් ක්‍රීඩකයන් වූ තරුණ සිසු දරුවන් පිරිසක්‌ දුම්රියක අටවා තිබූ කොටි බෝම්බයකට ගොදුරු වී මරණයට පත් වූයේ එල්ටීටීඊයේ එවන් ම්ලේච්ඡ ප්‍රහාරකට අනුවය. මෙසේ දකුණේ කොටි බෝම්බ පිපිරෙද්දී ඊට සම්බන්ධ වන ත්‍රස්‌තයන් සොයා ඒ දිනවල පොලිසිය හා ආරක්‍ෂක අංශ එක්‌ව පුළුල් මෙහෙයුම් අරඹා තිබිණි. එකී මෙහෙයුම් අතරතුරදී දිනක්‌ ගම්පහ ප්‍රදේශයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සිදුකළ සූක්‍ෂම විමර්ශනයකට අනුව රටම විශ්මයට පත් කරමින් දකුණේ කොටි බෝම්බ පුපුරවමින් රහසේ ක්‍රියාත්මක වූ සිංහල ජාතිකයකු හෙවත් සිංහල කොටියකු අවි ආයුධ රැසක්‌ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.හේ අන්කිසිවකුත් නොව, මෙදා “හෝ රයිට්‌” මාධ්‍ය හමුවේදී හමුදාවට එරෙහිව සාක්‍ෂිකරුවකු ලෙස පෙනී සිටි සුදේශ් නන්දිමාල්ද සිල්වා නමැති ගොබිලා ය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බස්‌ රථ හා දුම්රිය පිපිරවීමට සඟවාගෙන සිටි අත් බෝම්බ දහයක්‌, සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය යෙදූ එකක්‌ කිලෝග්‍රෑම් දෙකක පමණ බරින් යුතු බෝම්බ හතක්‌ ඇතුළු අවි ආයුධ රැසක්‌ද පොලිසිය මගින් එදා සොයාගනු ලැබීය. පසුව සිදු කළ විමර්ශනවලදී මෙම සුදේශ් නන්දිමාල් නමැත්තා කිලිනොච්චියට ගොස්‌ කොටින්ගෙන් අවි පුහුණුව පවා ලබාගෙන සිටියකු බවට පොලිසිය අනාවරණය කරගනු ලැබූ අතර ඔහු සමග සම්බන්ධ වී සිටි තවත් සිංහල කොටි රැලක්‌ම කොටු කර ගැනීමටද පොලිසියට හැකි විය. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙකී නන්න්දිමාල් නමත්තා බන්ධනාගාරගත කෙරිණි. සුදේශ් නන්දිමාල් 2011 වසරේ වැලිකඩ කැරැල්ල අවස්‌ථාවේ බන්ධනාගාරයේ සිටිනුයේ ඒ අනුවය. පසුව 2013 වසරේදී තමන් ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදුණු බවට වරද පිළිගැනීම හේතුවෙන් මෙකී සුදේශ් නන්දිමාල් නමැත්තාට වසරක තුනක සිරදඬුවමක්‌ නියම කළ අධිකරණය එය විසි වසරකට අත්හිටුවා මුදා හැර තිබිණි.‘‘

මෙදා “හෝ රයිට්‌” මාධ්‍ය හමුවේ සාක්‍ෂිකරුවකු ලෙස සුදේශ් නන්දිමාල් මාධ්‍ය ඉදිරියට එන්නේ එසේය.මා ඇතුලු නීතීඥවරයන්ගෙන් සැදුම්ලත් අප සංවිධානය විසින් මිනිස් ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සලකා වර්ෂ 2012ක් වූ නොවැම්බර් මස 09 දින වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය වීමේ සිදුවීමේ දී ඉන් රැදවියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරනවා තමන් සියැසින් දුටුබව පවසන සුදේශ් නන්දිමාල් ද සිල්වා නැමැති සාක්ෂිකරු මේ වන වන විටත් යුක්තිය පසිදලන්නට අවශ්‍ය සියළු නෛතික ආයතන වලට මේ සම්බන්ධයෙන් නීත්‍යයානුකූලව කරුණු වාර්ථා කර අවසන්ය.

ඒ අනුව එකී පැමිණිල්ල ප්‍රකාරව අප විසින් අසත්‍ය ප්‍රචාරයන් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යන කරුණු සහ දැනටමත් මහාධිකරණය විසින් විභාග කොට තීරණ ලබා දී තිබෙන නඩුවක කරුණු සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීම ඇතුලුව ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 110, සහ/හෝ ( මහජනයා ලවා හෝ තැනැත්තන් දස දෙනෙකුට වඩා වැඩි ගණනක් ලවා යම් වරදක් කරවීමට අනුබල දීම )සහ/හෝ 113(අ) (යම් වරදක් කිරීමට හෝ ඊට අනුබල ලබා දීම සදහා කුමණ්ත්‍රනය කිරීම)සහ/හෝ,120 (අනදරය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම)සහ/හෝ, 200(සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සැපයීම,සහ/හෝ484(සාමය කඩ කිරීමට තුඩුදෙන ප්‍රකෝපනය කිරීමේ චේතනාවෙන් නින්දා කිරීම)සහ/හෝ 486(සාපරාධී භය ගැන්වීම-තර්ජනය කලේ මරණය,බරපතල තුවාල සිදුකිරීම ආදියට නම්) යන වගත්ති යටතේ අපරාධමය වරදක් දිවයින පුවත්පතෙහි මාධ්‍යෙව්දී සමන් ගමගේ විසින් සිදු කොට ඇති බවට මෙකී පැමිණිල්ල මගින් කරුණු දක්වා සිටිනු ලැබේ.

සිය ලිපිය මගින් ඔහු සදහන් කරන කරුණු අනුව පැහැදිලිවම පෙනී යන්නේ සුදේශ් නන්දිමාල් නැමැත්තා ත්‍රස්තවාදී කටයුතු වලට සෘජුව සම්බන්ධ තැනැත්තෙකු වන බවත්, අධිකරණයෙන් ඔහුට දඩුවම් ලබා දී ඇති බවත්වය. අප දන්නා තොරතුරු අනුව මෙකී සමන් ගමගේ විසින් පවසන ආකාරයෙන් කිසිදු ආයුධයක් සුදේශ් නන්දිමාල් සිල්වා අත්අංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතු නොවූ අතර ඔහුට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ වසර හතකට වඩා වැඩි කාලයක් විභාග වූ HC 83/2009 නඩුවේදී ගරු නීතිපතිතුමා විසින් ඔහුට විරුද්ධව එල්ලකර තිබූ චෝදනා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගොනුකර වදර පිළිගැනීම නිසා ඔහුට අත්හිටවූ සිරදඩුවමක් ලබා දී ඇති බව අපද පිළිගනිමු.

නමුත් මෙකී සමන් ගමගේ නැමැත්තා විසින් එල්ල කරන ඉහත බරපතල චෝදනා අනුව අපට පැහැදිලි වන්නේ ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමා විසින් ලබා දී ඇති තීරණය වැරදිසහගත බවද? තවද මේ සමන් ගමගේ නැමැත්තා විසින් සිංහල කොටි යැයි චෝදනා කරන මේ සිදුවීමට සම්බන්ධ සාක්ෂිකරුවන් අතර සහන් ශ්‍රී කිර්ති නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර හතකට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිබවත්, යාපනය මහාධිකරණයේ නඩු අංක HC 1607/12 දරණ නඩුවේ වගඋත්තරකරුවෙකුව සිට දීර්ඝ නඩු විභාගයකින් පසුව සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ බවත් මම පවසන්ට කැමැත්තෙමි.

තවද මේ නඩුවේම කරුණු වලට අදාලව ඔහුට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ HC 108/12 දරණ නඩුවරක් පවරා තිබූ බවත් එකී නඩුව ගරු නීතිපතිතුමන් විසින් ඉල්ලා අස්කර ගත් බැවින් ඔහු නිදොස්කෙට නිදහස ලැබූ බවත් වැඩි දුරටත් සදහන් කරන්නට කැමැත්තෙමි. සමන් ගමගේ සිය ලිපියේ සාක්ෂිකරුවන් ගැන සදහන් කරන්නේ කැරැල්ල අවස්‌ථාවේ බන්ධනාගාරයට සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු ඇතුළු හමුදා පිරිසක්‌ තමන් බලා සිටියදීම තෝර තෝරා සිරකරුවන් මරා දැමූ බවකි. එහෙත් මෙහිදී ගැටලුවක්‌ මතුවන්නේ එසේ හමුදා නිලධාරින් පිරිසක්‌ සිරකරුවන් මැරුවේ නම් එම නිලධාරින් සිංහල කොටියකු වූ මෙකී සුදේශ් නන්දිමාල්ගේ හිස කුඩු වෙන්නට උණ්‌ඩයකින් සංග්‍රහ නොකළේ මන්ද යන්න සිතීමේදීය.

මේ අකාරයෙනි. මෙකී සාක්ෂිකරු විසින් තමන් බන්ධනාගාරයේ දී අපරාධයක් සිදුවන ආකාරය සියැසින් දුටුබවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට තමන්ට උපකාර කරන ලෙසත් අප සමග පැවසූ නිසා අප විසින් ඔහුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට,අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට සහ වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශණය කරන කමිටුවට වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කරන්නට අවශ්‍ය නීතිමය ආධාර ලබාදෙනු ලැබීය. අප ඉන් බලාපොරොත්තු වන්නේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයට නීතීඥවරුන් වශයෙන් ඉදිරිපත් වන්නට අපට ඇති නෛතික වගකීම ඉටු කරන්නටය. මෙකී සමන් ගමගේ නැමැත්තා ඔහු විසින් 2015/02/01 දින ලියන ලිපියෙන් මේ අකාරයෙන් අනියමින් එදා මෙකී සාක්ෂිකරු මරා නොදැමීම ගැන ආරක්ෂක අංශවලට චෝදනා එල්ල කර සිටින අතර මේ නිසාම මේ වන විටත් මෙකී සාක්ෂිකරුගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වී ඇත.

අනෙක් අතට ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමා විසින් නිදොස් කළ තමන්ව මේ අකාරයෙන් ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසීම ඉතා බරපතල තත්ත්වයක් වන බවත් තමන් යම් වරදකට සම්බන්ධ බවට සමන් ගමගේ සතුව සාක්ෂි ඇත්තම් වහාම ඔහු කළ යුත්තේ සුදේශ් නන්දිමාල් ඇතුලු අනෙකුත් සාක්ෂිකරුවන්ට විරුද්ධව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ත්‍රස්තවාදී විමර්ශණ අංශයට සහය ලබාදීම මිස මේ අකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඒ ගැන චෝදනා කිරීම නොවන බව සාක්ෂිකරුවන්ගේ මෙන්ම නීතීඥවරුන් වශයෙන් අපගේද මතයයි. .එසේ නොකර ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමා විසින් ලබාදුන් නඩු තීන්දුවක කරුණු බරපතල අකාරයෙන් විකෘතිකර ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ පලකිරීම හරහා ඔහු විසින් අධිකරණයට අපහාසයක් පැහැදිලිවම සිදුකර ඇති නිසා වහාම මෙකී තැනැත්තා අත් අඩංගුවට ගන්නා ලෙස නීතීඥවරයෙකු වශයෙන් මම ඉල්ලා සිටිමි.

තවද ඔහු වැඩි දුරටත් පවසන්නේ ‘‘වැලිකඩ කැරැල්ල අවස්‌ථාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු ඇතුළුව සිවිල් ඇඳුමින් සැරසී පැමිණි හමුදා කණ්‌ඩායමක්‌ සිරකරුවන් මරා දැමුවේ යෑයි “හෝ රයිට්‌” නඩයට එක්‌වී දොඩවන හේ දැන් ඒ පිළිබඳ රහස්‌ පොලිසියට පැමිණිල්ලක්‌ද කර ඇත. යන්නය. ඒ අනුව අප විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපහාසාත්මකව කතා කිරීම මගින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ පරීක්ෂණ වලට බලපෑම් කිරීමද පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ නිසා වහාම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර මෙකී තැනැත්තා අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඔහු තව දුරටත් සිය 2015 පෙබරවාරි මස 22 වන දිනැති ලිපියෙන් පවසා සිටින්නේ කිසිවකු හෝ අභියෝගයක්‌ කරන්නට පැමිණියහොත් සියල්ල රටට පෙන්වා දෙන්නට සාක්‍ෂි අප සතුව තිබෙන නිසා කිලිනොච්චියට ගොස්‌ එල්ටීටීඊයේ සටන් පහුණුව ලැබ දකුණට බෝම්බ ගසමින් රටත් ජාතියත් පාවා දුන් සිංහල කොටි නඩයට අදාළ වූ පිරිස්‌ය. “එදා අපිත් හිරේ හිටියා” යෑයි ලෙසින් මොවුන්ම කියන පරිදි මේ නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ කූරු ගණින්නට ගියේ හොරෙන් කෙසෙල්කැන් කැපීම නිසා නොව, එල්ටීටීඊයේ බෝම්බ රැගෙන විත් ජාතිය වැනසූ නිසාය. එය සනාථ කරන්නට ඕනෑ තරම් සාධක අද අප සතුව ඇත.‘‘

අප ඉල්ලා සිටින්නේ වහාම ඒ සම්බන්ධයෙන් සමන් ගමගේ සතුවඇති සියළු සාක්ෂි ත්‍රස්ත විමර්ශණ ඒකකයට බාරදෙන්න භාරදෙන ලෙසය. මෙකී සුදේශ් නන්දිමාල් ද සිල්වා සහ අනෙකුත් සාක්ෂිකරුවන් ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ බව ඔප්පු කරන්නට සාක්ෂි ඇතැයි කියන මෙකී සමන් ගමගේ නැමැත්තා එකී සාක්ෂි සගවාගෙන සිටීමෙන් අපරාධයක් සැගවීමේ වරද කරනු ලැබ ඇත. අනෙක් අතට අප පවසා සිටින්නේ ගරු මහාධිකරණයේ උගත් විනිශ්චයකාරවරයා විසින් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ පුද්ගලයෙකු සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනුකර වරදකරු කර අත්හිටවූ සිර දඩුවම් ලැබූ තැනැත්තෙකු ත්‍රස්තවාදී කටයුතු වලට අදාලව දඩුවම් ලැබූ බව පැවසීමෙන් ගරු උගත් මහාධිකරණ විනිශ්චයකාරවරයා ලබා දුන් තීන්දුව ප්‍රසිද්ධියේ විවේනයට ලක්කිරීම මගින් ශ්‍රී ලංකා ජනරජයේ ගරු මහාධිකරණයට මෙකී සමන් ගමගේ නැමැත්තා විසින් බරපතල අපහාසයක් කර ඇති බැවින් ඔහුට විරුද්ධව ගරු ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ මහාධිකරණයේ නඩු පවරා දඩුවම් ලබා දෙන්නට නඩු නිමිත්තක් උපචය වී ඇති බවත්ය.

මෙකී නඩුවේ තීරණය සම්බන්ධයෙන් ගරු ශ්‍රී ලංකා ජනරජ නීතීපතිවරයා සෑහීමකට පත්නොවුයේ නම් එතුමාට පැහැදිලිවම මෙකී නඩුවේ තීරණයට එරෙහිව ගරු අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නට හැකියාව තිබූ බවත් එසේ අභියාචනයක් ඉදිරිපත් නොකිරීමෙන් ගම්‍යමාන වන්නේ ගරු උගත් මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ තීරණය ගරු නීතීපතිවරයා විසින් පිළිගෙන ඇති බවත්ය. තත්ත්වය එසේ වන විටත් කිසිදු සාධාරණ පදනමකින් තොරව මෙකී පුද්ගලයා විසින් අප සංවිධානය සමග සම්බන්ධ සාක්ෂිකරුවන් ත්‍රස්තවාදීන් යැයි ප්‍රසිද්ධියේ ලියා පලකල නිසා මෙකි සාක්ෂිකරුවන් ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් මේ වන විටත් එල්ල වී ඇත. අනෙක් අතට ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මේ වන විටත් මෙකී වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සොයා බලන්නට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එකී කමිටුව සම්බන්ධයෙන් මෙකී සමන් ගමගේ නැමැත්තා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එකී කමිටුවට බරපතල අපහාසයක් සිදුකර ඇති බවද පවසන්නට කැමැත්තෙමි.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අප මෙකී සමන් ගමගේ නැමැත්තා ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න යැයි මෙකී කමිටුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත්තෙමු. අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව සමග සමගාමීව සිය පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන මෙකී කමිටුව ඒ සම්බන්ධයෙන් අදාල නෛතික ක්‍රියාමාර්ග ගනු ලැබුවද මෙකී පොලිස් වසමට අයත් දිවයින පුවත්පත් ආයනයේ මාධ්‍යෙව්දී සමන් ගමගේ නැමැත්තා ඉහතින් සදහන් කරඇති දෑ කර ඇති බැවින් මෙකී පැමිණිල්ල ඉදිරිපත් කරන්නෙමි. තවද ඔහු 2015 පෙබරවාරි මස 22 වන දින ලිපිය මගින් පවසා සිටින්නේ මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ “අපිත් හිරේ හිටියා” යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය.

ඒ අනුව ඔහු රජයට යෝජනා කරන්නේ මෙකී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබාදීම පල රහිත බවය. ඒ අනුව ඔහු උත්සහ ගන්නේ පැහැදිලිවම අපරාධයක් සැගවීමට ආධාර අනුබල දීමයටය. වැඩි දුරටත් ඔහු පවසා සිටින්නේ එදා 2012 නොවැම්බර් මස 09 වන දින රැදවියෙකුව සිටි සුදේශ් නන්දිමාල් ද සිල්වා ඇතුලු සාක්ෂිකරුවන්ව එදා වෙඩි තබා මරා දමන්නට නොහැකි වූ නිසා පැහැදිලිවම මෙදා මෙකී පුද්ගලයන්ව වෙඩි තබා මරා දමන්න යැයි රජයෙන් ඉල්ලා සිටීමය. ඒ අනුව ඔහු විසින් පැහැදිලිවම අපරාධමය වරදක් සිදුකර ඇති අතර පැමිණිලිකරුට ඔහුට විරුද්ධව නඩු නිමිත්තක් උපචය වී ඇත.

ඔහු විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 110, සහ/හෝ ( මහජනයා ලවා හෝ තැනැත්තන් දස දෙනෙකුට වඩා වැඩි ගණනක් ලවා යම් වරදක් කරවීමට අනුබල දීම ) 113(අ)සහ හෝ (යම් වරදක් කිරීමට හෝ ඊට අනුබල ලබා දීම සදහා කුමණ්ත්‍රනය කිරීම) සහ/හෝ ,120 (අනදරය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම), සහ/හෝ 200(සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සැපයීම සහ/හෝ,484(සාමය කඩ කිරීමට තුඩුදෙන ප්‍රකෝපනය කිරීමේ චේතනාවෙන් නින්දා කිරීම) සහ/හෝ 486(සාපරාධී භය ගැන්වීම-තර්ජනය කලේ මරණය,බරපතල තුවාල සිදුකිරීම ආදියට නම්) වහාම මෙකී තැනැත්තා පෙරකී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අමතරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අදාලව නඩු නිමිත්ක් උපචය වී ඇති බව සනාථ කළ හැකිය. ඒ අනුව රංගොඩ හෙට්ටිරආරච්ගේ සේනක පෙරේරා වන මම ගෝ රයිට් මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් ගරු පොලීසියෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා මාගේ පැමිණ්ල්ල ප්‍රකාරව මෙකී සමන් ගමගේ නැමැත්තා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. මෙකී ලිපි දෙක මගින් අප සංවිධානය සමග සම්බන්ධ වී සිටින සුදේශ් නන්දිමාල් නැමති සාක්ෂිකරුගේ සහ අප නීතීඥ සංවිධානයේ නීතීඥවරුන්ගේ ජීවිත වලට එල්ල වී ඇති බරපත ජීවිත තර්ජන සියල්ල ඇතිකළ මෙකී දිවයින මාධ්‍යෙව්දී සමන් ගමගේ නැමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මට කීමට ඇත්තේ එපමණයි.

Archive

Latest news

Related news