Thursday, March 28, 2024

ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි

(පුසතකාල ජායාරූපයකි)

වවුනියාව ඕමන්ත සීමා මුරපොළේ සෝදිසි කටයුතු අද 2 දින සිට නවතා ඇතැයි ග්ලෝබල් ටැමිල් නිවිස් අද වාර්තා කළේ ය.  යුද කාලයදී ආරක්‍ෂක හේතු මත ඉදිකළ මෙම සෝදිසි මුරපොළ වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මකවූ අතර වවුනියාව ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන සාමාන්‍ය වැසියන්, රාජ්‍ය සේවකයන් සහ විදේශිකයන්ද දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව ද එස වාර්තාව කිය යි.

සාමාන්‍ය සෝදිසි කිරිම් නතර වුව  දබර වාහනවලින් උතුරේ සිට දකුණට ගෙන යන බඩු භාණ්ඩ ගැන දිගටම සෝදිසි කරන බවට පොලීසිය පවසා තිබේ.

මේ අතර උතුරු පළාත් සභාවට නව ලේකම්වරයකු පත් කර තිබේ්‍. නව ආන්ඩුකාර පලිහක්කාර මහතා සමඟ නව ප්‍රධාන ලේකම් ඒ. පත්තිනාදන් මහතා ද අද වැඩ ආරම්භ කළ බව ද වාර්තා වේ.

මුල්ලතීව් දිස්ත්‍රික්ක දිසාපති ලෙස කටයුතු කළ ඒ. පත්තිනාදන් මහතා දේශපාලනික පලි ගැනීමක් මත මොණරාගල දිස්ත්‍රික්ක දිසාපති ලෙස ස්ථාන මාරුකර යවා තිබු බවත් ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.

 

Archive

Latest news

Related news