Tuesday, July 16, 2024

රාජ්‍ය මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරන ලෙස ලංකා ජාත්‍යන්තරය ඉල්ලයි

නිවෙදනයක් නිකුත් කරන ‘ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යයන්තරය‘ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසත හවුරු කිරීමට නම් රාජ්‍ය පාලික ජනමාධ්‍ය දේශපාලන අධිකාරියෙන් ඉවත් කොට මහජන සේවා පදනමක් මත පිහිටුවිය යුත් බව අවධාරණය කරයි. නව රජයේ සාධනී්‍ය පියවරයන් අගය කරන එම නිවේදනය ජනාධිපතිවරණය තුළ මහා ජනයාට දෙන ලද පොරොන්දු එළෙසම ඉටු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරයි

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

(2015 ජනවාරි 28දා;බර්ලිනය/කො‍‍ල‍‍‍‍‍‍‍‍‍‍ඹ) අඥාදායක පාලනයක් කරා යමින් සිටි රාජපක්ෂ රෙජිමය පරාජය කිරීම පිණිස පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවෙහි දකුණෙහි මෙන්ම උතුරෙහි ජනයා සිය ජන්දය පාවිච්චි කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසක් සහ අවකාශයක් පි‍‍ළිබඳ විශ්වාසයෙන් යුතුව ය. සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල එම වෙනස ඇති කරන බවට දෙන ලද පොරොන්දු අනුව ජනාධිපතිවරයා​ සහ ආන්ඩුව ක්‍රියා කරනු ඇතැයි විශ්වාශ කරන ‘ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යයන්තරය (Lankan International for Civilised Society)’ ඒ අරභයා සිය සුපිරික්ෂාකාරිත්වය නොනැවත පවත්වා ගන්නවා ඇත.
පසුගිය සමයෙහි සිදු වූ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් නව රජය ඇතුලු අනෙක් දේශපාලන සහ සිවිල් කණ්ඩායම් විසින් ආරම්භකර ඇති වැඩපිළිවෙල අපි අගය කරමු. ඒ අතරම එම ක්‍රියාදාමය දේශපාලන බලපෑම් වලට සහ ගජමිතුරුකම් වලට යට නොකොට වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන තුරු යා යුතු බව ද අපි අවධාරණය කර සිටිමු. වරදකරැවන්ට තරාතිරම ​නොබලා නීතියට අනුව දඩුවම් කිරීමේ පූර්වාදර්ශය වත්මන් ලාංකීය සමාජයට අත්‍යවශ්‍ය අභ්‍යාසයකි.

එසේම 18 වැනි සංශෝධනය අහෝසිකර නිසි සංසෝධන සහිතව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම දින සියයේ කාල සටහන අනුව සිදුකර ස්වාධීන කොමිසන් සභා පිහිටුවා රාජ්‍ය ​සේවය දේශපාලන බලපෑම් වලින් නිදහස් කරනු ඇතැයි විශ්වාස කරන අපි අතර ඒ වෙනුවෙන් හඬ නගන සියලු බලවේගයන් සමඟ එක්වෙමු.

රාජ්‍ය සේවය නිර්-දේශපාලනීය කිරීම රාජ්‍ය පාලිත ජන මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරනු තුරු සම්පූර්ණ නොවන බව ‘ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යයන්තරය’ විශ්වාස කරයි. අන් සියලු මහජන සේවා ආයතන ස්වාධීන කළ යුතු නම් රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන නොකළ යුතු යැයි තර්කයක් තිබිය නොහැකි ය‍.

ලංකී්‍ය ජාත්‍යන්තරය
ලංකී්‍ය ජාත්‍යන්තරය

දැනටමත් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ආයතන දේශපාලන පත්වීම් මගින් පුරවා තිබීම සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කරන අතරම එවැනි තනතුරු සඳහා කැරෙන පත්වීම් විනිවිද පෙනෙන අන්දමට සුදුසුකම් මත කළ යුතු බවට අපි යෝජනා කරමු. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ප්‍රධානීන් පත් කැරෙන්නේ දේශපාලනඥයින්ගේ සිතැඟි අනුව නම් එතැන ඇත්තේ යහ පාලනය නොව ගජ මිතුරු සංග්‍රහය යි.

එම නිසා අප යෝජනා කර සිටින්නේ රාජ්‍ය මාධ්‍ය පාලනය සදහා ද ස්වාධීන කොමිසන් සභාවක් පත් කළ යුතු බවත් මහාජන සේවා ජනමාධ්‍ය පිළිවෙත අනුව ඒවා පවත්වා ගත යුතු බවත් ය‍

තවද පසුගිය සමයෙහි සිදුවූ මාධ්‍යවේදී ඝාතනයන්, පැහැර ගැනීම්, පහරදීම් සහ ජනමාධ්‍ය ආයතනයන්ට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂා කර නිසි පියවර සඳහා යොමු කිරීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවිම අගය කරන අපි එහිලා පසුගිය සමයෙහි වැඩිම හානි ලද දෙමළ ජනමාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ඉල්ලා සිටිමු. එමෙන්ම ගොදුරු බවට පත් මාධ්‍යවේදීනට සහ මාධ්‍ය ආයතනයන්ට නිසි වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යන්තරය වෙනුවෙන්

රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news