Tuesday, April 23, 2024

ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ගෝඨාභය තවමත් වැජබෙයි

(ගෝඨාභය තවමත් වැජබෙයි 25.01.2015)

මෙයට පෙරද බොහා් දෙනෙකු පෙන්වා දී ඇති පරිදි ආරක්ෂක ලේකම් බස්නායක රාජපක්ෂ මතවදී ගැත්තකු බව ඔහු විසින් අධික්ෂනය කරන ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන් පෙනේ.

පසුගිය දා සිය ඇමැතිවරයා වන ජනාධිපති සිරිසේනගේ අනුමැතියක් නැතිව ගෝඨාභය රාජපක්ෂ සුද්ද කිරීම පිණිස ජනමාධ්‍ය නිවේදනයක් දුන්නේ ද මේ බස්නායකම ය.ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බවට කල කයිවාරු දැන් අහවල් තැනින් බේරී ගොස් නැත්ද?

ජිනිවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් නව ප්‍රවිශ්ඨයකින් කටයුතු කරන බව විදේශ ඇමැති සමරවීර කියා ඇතත් බස්නායක පවත්වාගෙන යන වෙබ් අඩවිය තවමත් ප්‍රචාරය කරන්නේ රාජපක්ෂ මතවාදය සහ රාජපක්ෂ කයිවාරු ය.

ගෝඨාභය රාජපක්ෂගේ මහා පරිමාණ නාස්තියක් වු නිදහස් චතුරශ්‍රයෙහි ඉදි කරන ලද අදි සුබෝපබෝගී වෙළද සංකිර්ණය. රාජපක්ෂ විසින් එල්ටීටීඊයෙන් අල්ලාගත් රත්රන් ආභරන බෙදා දිමේ නමින් කරන ලද ජන්ද ගුණ්ඩුව වර්ණනා කරන විඩියෝ, රාජපක්ෂවාදී ඉන්දියානු දේශපාලනඥ සුබ්‍රමනියම් ස්වාමිගේ කතා, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානින්ට එරෙහිව අවලාද පිරි ලිපි, දෙමළ ජාතික සන්දානයට විරුද්ධ ලිපි, සරසිවි සිසු සිසුවියන්ට දුන හමුදා පුහුණුව වර්ණනා කරන විඩියෝ, යාපනයේ කතෝලික රදගුරුවරුව්ට එරෙහි විඩියෝ, ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ සංවර්ධනය වර්ණනා කරන විඩියෝ යනාදී වශයෙන් රාජපක්ෂ පාලනය වර්ණනා කරන සහ එහි විරුද්ධවාදින්ට ප්‍රහාර එල්ල කරන ලිපි සහ විඩියෝ මෙම වෙබ් අඩවියෙහි තවමත් පිරී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් හමු වී නව ඇරඹුමක් සඳහා සාකච්ජා කිරීමට ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක ජයන්ත ධනපාල 26 වන සඳුදා ජීනීවා නුවරට පැමිණෙන නමුත් ආරක්ෂක අමාත්‍යාංශය තවමත් මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අනුගමනය කරන්නේ රාජපක්ෂවාදී පිළිවෙත බව බස්නායකගේ වෙබ් අඩවියෙන් පෙන්නුම් කරන සංඥාවය.

ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය ඇමැති විජේවර්ධනගේ දේශපාලන වශයෙන් ඇස් පෝට්ට වී නැත්නම් බස්නායකගේ මේ ගැල විජ්ජාව දැන්වත් තේරුම් යා යුතු ය.

Archive

Latest news

Related news