Friday, March 29, 2024

ආණ්ඩු වෙනස පහළට දැනෙන්නේ නැහැ, හොරු එහෙම ම යි! – ජෝෂප් ස්ටාලින් (වීඩියෝ)

සාධාරණ සමාජයක් උදෙසාවූ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) පැවැත්වින. එහිදී අදහස් දක්වමින් සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ පසුගිය අට වෙනිදා තෙක් පොරොන්දු වූ සියල්ල නව ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.ජනාධිපති, අගමැති ආදී වශයෙන් වන ඉහළ තනතුරු වෙනස් වූවද මේ වන තෙක් පහළ මට්ටමේ දූෂිතයින් වෙනසවී නොමැති නිසා පාලනයේ වෙනසත් පොදු ජනතාවට නොදැනෙන බව ඔහු පැවසුවේය.

පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සුභ පැතුම් මුද්‍රණය සදහා යුනිසෙෆ් ආයතනය දරුවන් වෙනුවෙන් ලබාදුන් මුදල් ආධාර වැය කළ බවත් එම සුභ පැතුම් ලියූවන් පවා අද තනතුරුවල වැජඹෙන බවත් ඔහු සදහන් කළේය. ඉහළ පෙළේ පාසල් වල සිටින දූෂිත විදුහල්පතිවරු තවමත් තනතුරු වල බවත් දූෂිතයන් සමග රැස්වීම් වල වාඩිවීමට නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ජනතා විශ්වාසය පළුදු කරන්නක් බවද සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේය.

නව ආණ්ඩුවට දැන් සන්දර්ශන භාවිතාවේ යෙදවීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එම අවස්ථාවට වෘතීය සමිති නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය,ජෝසප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, සුරංග නාවුල, බී.ඩබ්ලිව්. සුභසිංහ, ලාල් බංගමුව, නවනැලිය, ගාමිනී හෙට්ටිආරච්චි, සමන් විජේසේකර සහ කේසර කොට්ටගේ යන අය සහභාගී විය.

ලිපියේ මැය‍ : යුනිසෙෆ් ආධාර වලින් මහින්දට උපන්දින සුබපැතුම් එක්කළ අයත් තනතුරු)

– ලංකා ඩේලි

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

Archive

Latest news

Related news