Friday, March 29, 2024

තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී සඟවා තිබූ කෝටි 3ක බඩු පොලිස් භාරයට

තමන්ට ලැබුණු තොරතුරකට අනුව නොර්වූඩ් තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී තිබී කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ අද 11 වන දින අත්පත්කළ බව හැටන් පොලීසිය පැවැසීය.

තමන්ට ලැබුණු තොරතුරකට අනුව හැටන් අධිකරණයේ අවධානයට යොමු කිරීමෙන් අධිකරණ නියෝගයට අනුව මෙම භාණ්ඩ තොගය අත්පත්කළ බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගැනුණු භාණ්ඩ අතර සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර හතළිස් තුනක්, සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක්, පුටු විශාල තොගයක් සහ තාවකාලික කූඩාරම් රැසක් තිබී ඇතැයි වාර්තා වේ.

මෙලෙස අත්පත්කළ භාණ්ඩ රජයට අයත් භාණ්ඩ නම් එය අධිකරණ නියෝගයට අනුව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් වෙත භාරදීමට නියමිත බව හැටන් පොලීසිය විසින් වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙහි උසස් නිළධාරියකු පවසා සිටියේ, මේවා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා හිටපු පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් වතු කම්කරුවන්ට බෙදාහැරීමට ගෙනැවිත් ගබඩා කළ ඒවා බවත් පසුගිය මාස දෙකක කාලය ජනාධිපති මැතිවරණ කාලය බැවින් එය බෙදාදීමට නොහැකිවූ අතර මැතිවරණය අවසන්වූ පසු එය ජනතාවට බෙදාදීමට කටයුතු සූදානම් කර තිබූ බවද පවසා සිටියේය.

කෙසේ නමුත් හිටපු අමාත්‍යවරයා මේ වනවිට දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් සිටීමද විශේෂත්වයකි
– ග්ලෝබල් ටැමිල් නිව්ස්

Archive

Latest news

Related news