Friday, April 19, 2024

ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි

පරාජය වූ රාජපක්ෂගේ මොළය බඩට බැස ඇති බව දැන් කරන කතා වලින් පෙනේ.

දැවැන්ත ජන ඝාතක යුද්ධයකින් පසු 2009 වසරේදී දැන් ඉතිං ඊළම සහමුලින්ම අවසන් පාරම් බෑ මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළම පවතින බවයි. එක්කෝ පිස්සුය. නැත්නම් ගොන් ය.
මැදමූලන දී සිය අනුගාමිකයින් අමතමින් රාජපක්ෂ කීවේ තමා පරාජය වූයේ ඊළමේ ජන්ද වලින් බවයි!

එමෙන්ම තව දුරටත් ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම යැයි කිසිවකු නැතැයි ද ඇත්තේ ශ්‍රී ලංකිකයින් පමණක් යැයි ද පාරම් බෑ රාජපක්ෂ මැද මූලන දී පවසන්නේ දෙමළ මුස්ලිම් සහ වතු දෙමළ ජන්ද නිසා තමා පැරදුන බවයි!
සිංහලයින්ගේ ජන්ද වලින් තමන් දිනුම් යැයි කියන රාජපක්ෂ ඒ දිනුම ලබා ගැනීමට කොතරම් මුදල් සහ බඩු භාන්ඩ බෙදා දුන්නේදැයි කියා හෝ කොතරම් ලංගම බස්වලින් ජනයා ඇද්දේදැයි කියා හෝ කියා නැත.

එමෙන්ම රජයේ ජනමාධ්‍ය යොදා ගනිමින් කොතරම් බොරු ප්‍රචාරයන් ගෙන ගියේ දැයි කියා නැත.

අලුතින්ම ලැබෙන ආරංචි අනුව පාර්ලිමේන්තුවෙහි දී නව අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය නොදී රාජපක්ෂ අගමැතිකරමට ඉදිරිපත් වන්නේ නම් එය රාජපක්ෂගේ අවසාන අඥකොරොස් විම වනු නොඅනුමානය.
එසේ වුවහොත් ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යැමට සිදුවනු ඇත. එවැනි තත්වයක් යටතේ ශ්‍රීලනිපයේ තවත් නායකයින් ගණනාවක්ම රාජපක්ෂගන් ගැලවි පොදු විපක්ෂයට එනු ඇත.

ජාතිවාදය පදනම කරගෙන රාජපක්ෂ මැතිවරණයට යන්නේ නම් පැරණි වමේ පිරිස්ද ද තොන්ඩමන් පමණක් නොව ඊපීඩීපී ඩග්ලස් පවා ද රාජපක්ෂගෙන් ගැලවීමට ඉඩ තිබේ.

රාජ්‍ය අනුග්‍රහය සහ රාජ්‍ය මාධ්‍ය නොමැතිව මහා මැතිවරණකට යන රාජපක්ෂවාදී පිරිස් වලට ලැබෙනු ඇත්තේ අන්ත පරාජයක් බව දැන්ම ලියා තැබීමට පුළුවන.

© SLB

Archive

Latest news

Related news