Thursday, April 25, 2024

මෙන්න ගණන් හිලවු: හම්බන්තොටට කිරි; රටට කැකිරි

(ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොලේ හිස් කවුන්ටර)

ඒක පාක්ෂික රාජපක්ෂ සංවර්ධනය
මුලින් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු.

බස්නාහිර පළාත හැරුණහම ව ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසා තමයි කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) . ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණහම වැඩිම ආදායමක් එක් කරන්නේ වයඹ පළාත. තෙවැනි තැන ගන්නා දකුණු පළාතේ මාතර සහ ගාලූ දිසා හම්බන්තොට පරදවා පෙරමුණ ගන්නවා. කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය අතින් බස්නාහිර ළඟට ඉන්නේ ද වයඹ . සත්ව පාලනය අතින් මුල් තැන වයඹට හිමියි. වී නිපැයුම අතින් පිළිවෙලින් උතුරු මැද, නැගෙනහිර සහ වයඹ ඉදිරියෙන් සිටිනවා. තේ නිශ්පාදනය ඌවෙන් සහ මධ්‍යමින්.

ඒත් රාජපක්ෂවරු රට උගස් තබා ලෝකෙන් ගන්නා ණය කන්දරාව හරවා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණයි. ඒත් හම්බන්තොට සාමාන්‍ය ජනයාට ඉන් ඇති වෙච්ච සුගතියකුත් නැහැ. රාජපක්ෂ සංවර්ධනය කියන්නේ කොමිස් ගැහිල්ලට වෙනත් නමක්. රටට ඕන ද නැත්ද කියන එක නොවෙයි මේ සංවර්ධනයේ මිනුම් දන්ඩ. කොච්චර කොමිස් ගහන්න පුලුවන්ද කියන එකයි.

හම්බන්තොට කියන දිස්ත්‍රික්කයට රාජපක්ෂ පාලනය වක් කරපු ධනස්න්ධය ඔබට හිතා ගන්නවත් බැරි තරම්. පසුගිය නොවැ 30 දා සන්ඩේ ටයිම්ස් පුවත් පත ග‍‍‍‍ණන් හදා පෙන්වා තිබුනා මහා පරිමාණ යෝජනා ක්‍රම සඳහා පමණක් රුපියල් බිලියන 676, 353ක් බව. ඒ කියන්නේ රුපියක් කෝටි 676, 353, 000. නමුත් පුවත් පත කියන්නේ සැබෑ මුදල මීට වඩා බොහෝ සෙයින් වැඩි බවයි!

නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපල වගේම තවත් අපූරු යෝජනා ක්‍රම:

මෙන්න ඒ ලැයිස්තුව:

හම්බන්තොට ධිවර වරාය නවීකරනය  රු. මිලියන 373
හම්බන්තොට වරාය පළමු අදියර රු. මිලියන 47,380
බැංකු පසුකම් සහ තෙල් ටැංකි රු. මිලියන 9,900
වරාය සහ ගුවන් තොටුපළ අතර අධිවේගී මාර්ගය රු. මිලියන 54,000
සිරිබෝපුර අන්තර් ජාතික සම්මන්තුණ ශාලාව රු. මිලියන 2,000
වියළි කලාපීය උද්හිද උද්‍යානය රු. මිලියන 500
ගුවන් තොටුපල සඳහා වූ අමතර වැය රු. මිලියන 16,000
කාර්යාල 42කින් යුතු පරිපාලන ගොඩනැගිල්ල රු. මිලියන 2,938
හම්බන්තොට මහ රෝහල රු. මිලියන 70,000
මහ්න්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය රු. මිලියන 600
කිමි27 ක මාතර බෙලිඅත්ත දුම්ර්ය මාර්ගය රු. මිලියන 36,500
සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය රු. මිලියන 700
හිරු එළියෙන් විදුලි ජනක උද්‍යානය රු. මිලියන 1,300
මත්ත්ල ගුවන් තොටුපලට මගී ගුවන් පාළම රු. මිලියන 3,090
සිරිබෝපුර මගී ගුවන් පාලම රු. මිලියන2,675
හම්බන්තොට අන්තර් ජාතික කේන්ද්‍ර සංවර්ධනය රු. මිලියන 33,200
විදුලි සංදේශ නියාමන වෙළධ මධස්ථානය රු. මිලියන 3,500
මත්තල ගුවන් තොටුපල රු. මිලියන 27,500
බෙලිඅත්ත නගර සහ වැව සංවර්ධනය රු. මිලියන 300
මත්තල ගුවන් තොටුපලෙහි ඉන්ධන පර්යන්තය රු. මිලියන 5,100
හම්බන්තොට වරාය දෙවන අදියර රු. මිලියන 106.000
මාතර හම්බන්තොට කි.මි.90ක අධිවේග මාර්ගය රු. මිලියන 253,000

මෙයින් සමහර දේ හම්බන්තොටට අවශය බව ඇත්ත. ඒත් රු මිලියන 2,675 ක වියදමින් සිරිබෝපුර මගී ගුවන් පාලම අහවල් එකට ද?

ලංකාවේ අන් පළාත්වල ජීවත් වන ජනයාට මෙවැනි අත පල්ලෙන් වැටුන සැළකීමක් කරන වෙනත් රාජ්‍ය නායකයෙක් ලංකාවේ ඉදළ නෑ.

දිර්ඝ කාලයක් රට පාලනය කළ බන්ඩරනායකවරු ගම්පහ දිසිවට හෝ අතත්නගල්ලට මේ විදිහට බෙදා ගත්තා ද? ජනාධිපති ප්‍රේමදාස රට පුරාම අඟළුම් කම්හල් පිහිටෙව්වා නේද? ජේ.ආර්. නිදහස් වෙළඳ කලාපය ඇති ක‍ළේ සුදුසුම තැන වූ කටුනායක ගුවන් තොටුපළ අවට‍.

හම්බන්තොටින් ක්‍රිකට් ක්‍රිඩාවට පැමිණි ජාතික ක්‍රිඩකයෙක් අහල තියෙනව ද? ඉතිං මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය අවශ්‍යම එකක්ද නැත්නම් වෙන වඩා යෝග්‍ය නගරයක් නැත් ද?
මේ හම්බන්තොට රාජපක්ෂ ක‍්‍රීඩාංගනය සඳහා ආගමික ස්ථානයන්ට ලබා දෙන විදුලි වැය සහනය ලබා දී තිබෙනවා. එහෙම තිබියදීත් ජනාධිපති රාජපක්ෂ විසින් මෙම ක‍්‍රීඩාංගනය විවෘත කරනු ලැබූ 2010 ජනවාරි 21 වන දින සිට කිසිදු විදුලි බිලක් එය විසින් ගෙවා නැතැයි 2013 වාර්තාවකින් කියැවුණා. ලංකා විදුලි බල මණ්ඩලයට ඒ වන විට මෙම ක‍්‍රිඩාංගනයෙන් අය විය යුතු මුදල රුපියල්
63,45,303.68 ක් වුනා.

කෝ වයඹට, මධ්‍යමට, ඌවට සහ උතුරු මැද පළාත්වලට සංවර්ධනයක්? උතුරු නැගෙනහිරට ලබා දී ඇත්තේ

අතපල්ලෙන් වැටන දෙයක්වත් හරියට නැහැ. අගමැති හිටිය කියළ නුවරට ලැබුණු දෙයක් තියෙනව ද?

තමන්ගේ උපන් ගමට මේ විදිහට ධනස්කන්දයක් වියදම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් ද? තමන් රජෙක් යැයි හිතගෙන ඉන්න අඥාදායකයෙක් ද? කල්පනා කරල බලන්න‍.

හම්බන්තොට මහා පරාවල් හැදුවට ඒවා පාලුයි. නොවැ 30 ද සන්ඩේ ටයිම්ස් පත්තරයෙම තිබුණ හම්බන්තොට අලුතින් හදන පාරක කිලෝමීටරයක වියදම කෝටි 180ක් කියළ‍. මේ සහ ගහන කොමිස් ගැහිලි නොවෙයි ද?

අද නූතන ලෝකයේ නගර ගොඩ නැගෙන්නේ රාජ්‍ය පාලකයා උපදින ලක්ෂය වටා නොවෙයි. රටේ සමාජ ආර්ථික හා දේශපාලන අවශ්‍යතා අනුව .

හරි නම් ගාලූ වරාය සංවර්ධනය නතර කරල තමයි කෝටි ප‍්‍රකෝටි ගණනාවක වියදමින් හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කරේ. ඒ වගේම ආසියාවේ හොදම ස්වභාවික ත‍්‍රිකුණාමළ වරාය වැඩි දියුණූ කිරීමට පියවරක් අරගෙනත් නැහැ. දීර්ඝ කාලහරි හමන් ගේට්ටුවක් නැති දුම්රිය හරස් පාරවල් කොච්චර තියෙනව ද? මේ මුදල් ඒ වට වියදම් කරන්න තිබුනේ නැත් ද? අධ්‍යපනයට අඩුම මුදල වියදම් කරන රටක් ලංකාව. ඉතිං මේ මුදල් අපේ දු පුතුන්ගේ අධ්‍යාපනයට වියදම් කරේ නැත්තේ ඇයි? සරසවි සිසු සිසුවියන්ට නේවාසිකාගාර හදන්න සල්ලි නෑ. හම්බන්තොට සපාරි සත්තු වත්තක් දාන්න සල්ලි තියෙනවා. යාලයි උඩවලවයි තියෙද්දී මොකටද හම්බන්තොටට තවත් සත්තු වත්තක්? තියෙන වනෝද්‍යාන දියුණු කරන එක නෙවෙයි ද කරන්න තියෙන්නේ?

එකොමත් එක කාලෙක නම් නගර ගොඩ නැගුනේ රජතුමා උපන් හෝ වාසයට තොරා ගත් ප‍්‍රදේශය වටා . එක් එක් රාජ සමයන්ගෙන් පසු සමහරක් රාජකීය නගර සෝදා පාලූ වී ගියා. ( දෙවියනි හම්බන්තොටට එසේ නොවේවා!) යක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය වූයේ එය යි. අද තවමත් මාගම්පුර වරාය පවතින්නේ පාලූවට ය. වසරකට රුපියල් මිලියන 6,000ක් බැගින් චීනයට ණය ගෙවීමට නම් මෙම වරාය වසරකට රුපියල් මිලියන 8,000 ක ආදායමක් ලබා ගන්න ඕනෙ. ඒ නිසා දැන් වරාය දිර්ඝ කාලට චීනයට ලියල දෙන්න යනවා. කරන්න තිබුණෙ කිලිනොච්චියට දඹුල්ල වගේ කෘෂිකාර්මිත ආර්ථික මධ්‍යස්ථානයක් දෙන එක. යාපනයට අන්තර් ජාතික ක්‍රිකට් පිටියක් දෙන එක.

රාජපක්ෂ සංවර්ධනය කියන්නේ ව්‍යාජයක්. හම්බන්තොට තවමත් පවතින දුප්පත්කමෙන්ම ඒක පේනවා.
අපි විරුද්ධ නැහැ හම්බන්තොට දියුණු කරනවට. මේ කරන්නේ දියුණූ කිරීමේ නාමයෙන් ගසා කෑම. රාජකිය උෂ්ණය නිසා කරන සැලැස්මත් නැති අදූර දර්ශී කොන්ක්‍රීට් වනාන්තර හදන එක. විධායක බලයෙන් සම්පත් තමන්ටම බෙදා ගැනීම.

පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයක් තිබුණ නම් මේ ඒක පාර්ශවික ධනායෝජනාවලට ඉඩ ලැබෙන්නේ නෑ, එහෙම උනා නම් මේ කරුණු වඩා සාකච්ජාවට ලක් වෙනවා.
ඔන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු තවත් කාරණයක්. රටපුරා සම්පත්බෙදී යන සැළසුම් සහගත සංවර්ධනයක්.

රාජපක්ෂ පරාජය තහවුරු කරමු.

( ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපය විසින් ප්‍රසිද්ධ කර  බෙදා හරිනු ලැබේ)

Archive

Latest news

Related news