Friday, March 29, 2024

අධිකරණය රාජපක්ෂගේ රූකඩයක් බව කැටගොඩ පෙන්වයි (විඩියෝ)

ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොබෙිබීසි සංහල සේවයට පවසා තිබේ.

පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිට ඇත්තේ, ඔහු පක්ෂය හැර දමා ආණ්ඩුවට එකතු වුණේ ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉහත කී ඉල්ලීම් වලට සහතිකයක් ලද හෙයින් බවයි.

පසුගිය කාලය පුරාවට රාජපක්ෂ පාලනය රටේ අධිකරණයයට බලපෑම් සිදු කළ අවස්ථා වාර්තා වූ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්ෂක ලේකම්වරයාට මෙරට අධිකරණයේ තීන්දු තීරණ, නඩු කටයුතු වෙනස් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව බව යැයි මේ පිළිබඳ වාර්තා කරන ලංකා ට්රුත් වෙබ් අඩවිය පෙන්වා දෙයි

ජයක්ත කැටගොඩ විසින් දැන් ප්‍රසිද්ධියේම පිලිගෙන ඇත්තේ් අධිකරණය තින්දු දෙන්නේ් ගෝඨාභයගේ සහ මිහින්ද රාජපක්ෂගේ නියෝග අනුව බවය.

 

Archive

Latest news

Related news