Saturday, April 20, 2024

මං පැන්නේ රනිල් හෝ සජිත් හෝ ඉදිරිපත් නූන නිසා – තිස්ස අත්තනායක

මං ජනාධිපති රාජපක්ෂ වෙත ආවේ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් විකුමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ ඉදිරිපත් නෙවූ නිසා යැයි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කියයි.

අත්තනායකට අනුව රාජපක්ෂ පරාජය කළ හැක්කේ රනිල්ට හෝ සජිත්ට හෝ පමණය. ඔහුට අවශ්‍ය වූයේ රාජපක්ෂ පරාජය කිරීමට ය.

මෛත්‍රීපාල සිරිසේනට රාජපක්ෂ පරාජය කිරීමට බැරිය. තමා පිල් මාරු කළේ එනිසා බව අත්තනායක කියයි.

එසේ නමුත් රනිල් වික්‍රමසිංහ අනතර්වාර ආන්ඩුවේ අගමැති වශයෙන් පත් කරන බවට ඇති එකඟතාවය ගැන ඔහු කිසිවක් නොකිය යි.

සජිත් ප්‍රේමදාස දැන් විපක්ෂ පොදු අපේක්ෂක දින වීමට සිය බර යොදා තිබීම ගැන අත්තනායක කිසිවක් නොකිය යි.

මෛත්‍රීපාල එජාපය රුවටූ බවත් එබැවින් තමා රනිල් වික්‍රමසිංහ රවටා රාජපක්ෂ කරා ලඟා වූ බව අත්තනායක නොකියා කියයි.

තමා පක්ෂයෙන් ඉවත් වූයේ තමා කොන් කළ නිසා බවත් ඔහු කියයි.

එමෙන්ම ආන්ඩුවේ ඇති යම් යම් අඩුපාඩු ජනාධිපතිවරණයෙන් පසු නිවැරදි කරන බව තමාට රාජපක්ෂ කිවේ යැයිද ඔහු කියයි. එම පොඩි පොඩි අඩුපාඩු මොනවාදැයි ඔහු තියන්නේ නැත.

මේ අනුව දේශපාලනය යනු ප්‍රතිපත්ති මත පදනම් වූවක් නොවේ. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්ති සමඟ මූලික වශයෙන් ගැටුමක් තිස්ස අත්තනායකට නැත. ඇත්තේ පොඩි පොඩි අඩු පාඩු පිළිබඳ ප්‍රශ්ණයකි.
18වන සංසෝධනය මගින් අර්ධ ඒකාධිපතිත්වයක් ඇති කිරීම ප්‍රශ්ණයක් නොවේ. දූෂණය සහ මහා පරිමාණ වංචා ප්‍රශ්ණයක් නොවේ.

එසේ තිබියදීත් මේ තාක් කාලයක් තිස්ස අත්තනායක රාජපක්ෂ ආන්ඩුවට එක් නොවූයේ ඇයි?

තමන්ට අලුතින් ලැබුන කිරි කිරි ඩිපෙන්ඩරය කාගේන්දැයි ඔහු කියා නැත.

තමන් මුදලට විකිනෙන්නේ නැතැයි කී තිස්ස අත්තනායක පක්ෂය මාර කිරීමට දෙන හේතු බොළද ය.

ඇත්ත මුහුණ ඇත්තේ වෙස් මුහුණට යටිනි.

(ජායාරූපය ඉන්ඩිපෙන්ඩන්ට්ඩොට්ට්එල්කේ)

Archive

Latest news

Related news