Monday, December 15, 2025

රංවල වෙනුවෙන් නීතිය නැමුවේද? පිළිතුරු දිය යුතු ප්‍රශණ තිහිපයක්

රංවලගේ රිය අනතුරත් එක්ක එළියට ඇවිත් තියෙන්නේ පොලිසියේ අපක්ෂපාතීත්වයට වඩා , පොලිසිය විසින් නීතිය නවන්ඩ ගහපු ගේමක් ය.

කෙටියෙං කියනවනං ඔර්ජිනල් සීන්කෝන් එක පැත්තක තියෙද්දී, කුණු කන්දරාවක්ය.
රිය අනතුරට අදාළව රජයේ මාධ්ය සහ අනෙකුත් මාධ්ය එකිනෙක පරස්පර මත ප්රකාශ කරන හෙයින්, නඩුවේ සිද්ධිමය කරුණු පැහැදිලි නැත.
අනෙක් අතට නඩුවේ විසඳා ගත යුතුව පවතින සිද්ධිමය කාරණා කිහිපයක් පවතිද්දී,
උදා:-
01.අනතුර වූයේ රංවලගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන්ද?
02.රථයේ තිරිංග අක්රිය වීම නිසා ඔහුට රිය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාද?
03. ඔහුගේ ඉදිරියෙන් ගියයි කියන යතුරුපැදිකරුගේ ජීවිතය බේරා ගැනීමට සිතා ඔහුගේ වාහනය දකුණට හැරවීම නිසාද?
04.ඒ අවස්ථාවේ ඔහුට වලංගු රිය බලපත්රයක් තිබුනේද?
05.ඒ අවස්ථාවේ ඔහුගේ වාහනය ධාවනයට සුදුසු තත්වයේ තිබුනාද?
06.ඔහුගේ රථයේ ගැටී අනතුරට ලක් වූ රථයේ රියදුරුගේ සහායක නොසැලකිල්ල මෙම රිය අනතුරට හේතුවක් වූවාද?
උදාහරණයක් විදියට ඔහු ඒ අවස්ථාවේ බීමත්ව සිටියාද, ඔහුට රිය බලපත්රයක් තිබුණේද වැනි අවශේෂ කාරනා ගැන කිසිවෙක් මේ මොහොතේ ප්රශ්න කරන්නේ නැත.
ඒ සියල්ල ගැන පූර්න පරික්ෂනයක් මේ වන තෙක් සිදු කර ද නොමැත.
අනතුර වන වෙලාවේ රංවල බීමත්ව සිටියාද යන කාරණය විතරක් ඉස්මත්තට පැමිණි කාරණය හිතාගත හැකිය.
ඒ, ජවිපෙ ඒ කාලේ සිට නඩත්තු කල පුහු සදාචාරයයි., ඔවුන්ගේ කන්යාභාවය එයයි.
මීට පෙර විජිත හේරත් බීමත්ව අතඩංගුවට පත් වුන වෙලාවෙත් ඔවුන් මේ කන්යාභාවය රැක ගැනීමට මාර යුද්ධයක යෙදුණා මතකය.
මේ වෙලාවේ ඔවුන් කරන්නෙත් එයම ය.
ඒ මොනා වුනත්,සාමාන්යයෙන් මෙවැනි රිය අනතුරකදී පොලිසිය මූලිකවම කල යුත්තේ එකී අනතුර සිදු කල රියදුරු වන රංවල වහාම අත් අඩංගුවට ගෙන ඔහු බීමත්ව සිටියේද නැද්ද යන වග ගැන අනුමිතියකට ඒමය.
මෙවැනි අවස්ථාවක පොලිසියට ගත හැකි පියවර ගනනවක් ක් ඇත.
01.ඔහු වහාම අත් අඩංගුවට ගෙන, අත් අඩංගුවට ගත් සැනිං , අර අපි පාරේ යනකොට බීලාද, නැද්ද කියන එක චෙක් කරන්ඩ දෙන බැලුම ( alcoholicser) එක පිඹින්ඩ දෙන එක.
02.රංවල අත් අඩංගුවට ගත් සැනිං රෝහල් ගත වුනානං ඩොක්ටර්ස්ලාගේ අවසරය ඇතුව ඒක පිඹින්ඩ දීලා ඒක කොළ පාට වුනයි කියන මූලික වාර්තාව ගන්න එක.
03. බීලා ගිහිං ඇන ගන්න එවුං බැලුං පුම්බන්ඩ බෑ කීවාම, උං අර සාමාන්ය ඩොක්ටර් කෙනෙක් ළඟට දාලා , කටිං මත්පැන් ගඳ වහනය වෙනවාද කියන මූලික පරික්ෂනයකට යොමු කර, කෙටි වයිද්ය වාර්තාවක් ගන්න එක.
( ඔය 01,02,03, අවස්ථා රිය අනතුරක් කල අයෙක්, ඒ අවස්ථාවේදී බීමත්ව සිටියාද යන්න ගැන, ක්ෂණිකව අධිකරණයට ඉදිරිපත් කරන ප්රාථමික සාක්ෂියක් පමණක් වන අතර, ඒ හේතු මත පමනක්, රංවල බීමත්ව රිය ධාවනයට වරදකරු කල නොහැක.
නමුත් B වාර්තාවක් මගින් පොලිසිය උසාවියට කරුණු ඉදිරිපත් කරන අවස්තාවක, ඉහත 01 හෝ,02 හෝ,03 යටතේ කරන ලද ක්ෂණික පරික්ෂනයකින් රංවල බීමතින් සිටි බවට සාක්ෂි පවතින බව උසාවිය හමුවේ එලිදරව් කලානම් රංවලට ඇප නොදී රිමාන්ඩ් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කිරීමට වැඩි ඉඩක් තිබින.
නමුත් පොලිසිය මෙවැනි රිය අනතුරකදී සාමාන්යයෙන් අනුගමනය කරන ඒ අවස්ථා 03 ම මග හැර ඇත.)
04.බරපතළ රිය අනතුරකදී හෝ මාරක රිය අනතුරකදී, අනතුර කල රියදුරු බීමත්ව සිටියාද යන්න අධිකරන නඩු විභාගයකදී , විද්යාත්මකව තහවුරු කිරීමට ඉහත 01,02,03 අවස්ථා පමනක් ප්රමානවත් නොවන හෙයින්, පොලිසිය බොහෝ විට කරනුයේ චූදිතයා නොපමාව රුධිර පරික්ෂනයකට යොමු කිරීමය.
එහිදී වන්නේ චූදිත රජයේ වයිද්යවරයෙකුට යොමු කර ලබා ගන්නා රුධිර සාම්පලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැදවීමය.
මෙහිදී පොලිසිය 01,02,03 අවස්ථා මග හැර ගොස් 04 වන අවස්ථාව පමණක් තෝරා ගැනීමද සැක සහිතය.
බැලූ බැමටම එමගින් පෙන්නුම් කරන්නේ අධිකරණයේ දෝෂදර්ශනයට ලක්වීමෙන් ගැලවීමට සහ වෙනත් අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීමේ අරමුනින් පොලිසිය කටයුතු කර ඇති බවය.
පොලිසිය අසද්භාවී සහ පටු අරමුණකින් තොරව, යම් මානුෂික අරමුණක් මතද, මෙවැනි රිය අනතුරුවලදී, චූදිතගේ හෝ වින්දිතයාගේ හෝ දෙදෙනාගේම බීමත්බව සඟවන අවස්ථාද තිබේ. ඇතැම් වයිද්යවරුන් ද එසේ කරන අවස්ථා මා අත්දැක ඇත.
මහේස්ත්රාත් අධිකරන නඩුවේදී රංවලගේ බීමත්බව අනාවරණය වී ඔහු ඊට වරදකරු කරනු ලැබුවද, ඔහුට බොහෝ දුරට හිමි වන්නේ රු.30000 /-ක උපරිම දඩ මුදලක් සහ අත් හිටවූ සිර දඩුවමකි.
තුවාලකරුවකුට හිමි වන්නේ රු.100 000/- දක්වා වන වන්දියකි.
ගැටලුව පැන නඟින්නේ ඉන් අනතුරුවය.
මෙහිදී රංවලගේ බීමත්බව අනාවරනය වුවහොත්, ඔහුගේ රථයට අදාළ රක්ෂනාවරනය හරහා ලබා ගත හැකි කිසිදු ප්රතිලාභයක් රංවලට මෙන්ම තුවාලකරුවන්ටද, හානියට පත් ඔවුන්ගේ වාහනවලටද හිමි වන්නේ නැත.
යම් හෙයකින් වින්දිතයින් රංවලට හා ඔහුගේ රක්ෂණ සමාගමට එරෙහිව දිසා අධිකරණයේ සිවිල් ( වන්දි) නඩුවක් පැවරුවද, රංවලගේ බීමත්කම උලුප්පා ඇඟ බේරා ගැනීමට රක්ෂණ සමාගමට හැකිය.
චූදිතට මෙන්ම වින්දිතයින්ටද (තුවාලකරුවන්ටද) එයින් වන්නේ රක්ෂණ සමාගම හරහා ප්රමානවත් වන්දි මුදලක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීමය.

ඒ නිසා මෙවැනි අවස්තාවලදී, පොලිසියේ ක්රියාකාරිත්වය නීතිමය කෝණයකින් පමණක් නොව මානුෂීය ( සමාජ විද්යාත්මක ) කෝණයකින්ද , විග්රහ කර බැලිය යුතුය.

Wasantha Siri Watagoda FB wall.

Archive

Latest news

Related news