දිලික්ත නීතිය තුල නොසැලකිල්ල මත වගකීම ආරෝපනය කිරීම සදහා භාවිතා කරන ප්රධාන නිර්නායකය වන්නේ අවධානයේ යුතුකම (duty of care) යන සංකල්පයයි.
එම සංකල්පය භාවිතා කිරීමේදී පහත සදහන් සාධක තෘප්ත කල යුතු බව නීතියේ එන පිළිගැනීමයි.
1. සාධාරන නිගමනය- සාධාරන මිනිසෙකුට(reasonable person) සිදුවිය හැකි අනතුර පූර්වේක්ෂනය කිරීමට ඇති හැකියාව,
2. එසේ සිදුකරන සාධාරන පුර්වේක්ෂනය තුලින් සිදුවිය හැකි අනතුර වලක්වා ගැනීම සදහා යුතුකමක් තමන් වෙත පවතින බව ප්රත්යක්ෂවීම,
3. එලෙසට පවතින යුතුකම ඉටු නොකලහොත් යම් පුද්ගලයකුට හෝ කන්ඩායමකට අලාබයක් හෝ හානියක් සිදුවීමට ඉහල සම්භාවිතාවයක් පැවතීම,
4. අවධානයේ යුතුකම හා හානියට පත්වන්නා අතර සෟජු සම්බන්දතාවයක් තිබීම.
ඉහත කී දිත්වා සුළිකුනාටුව හේතුවෙන් ඇතිවු අවාසනාවන්ත විනාශයන් අපමනය.
1. අධික වැසි ජලය හේතුවෙන් ගංගා පිටාර ගැලීම
2. න්යාය යාම්,
3. මහවැව් හි පිටාර ජලය හේතුවෙන් ගම්බිම් යටවීම.
ඉහත විනාශයන් 3 අතරින් පලමු විනාශයන් දෙක දිලික්ත නීතිය තුල හදුනාගන්නේ දෙවියන්ගේ ක්රියා ලෙසටය.(Act of Gods). ඒවා මගින් සිදුවන හානියට වගකිව යුත්තෙකු ඇත්තේ නැත.
නමුත් ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ අඩුම වශයෙන් රතු නිවේදන නිකුත් කරන ලද කලාප තුල අනතුර පූර්වේක්ෂනය කිරීමෙන් අනතුරුවද තවදුරටත් අදාල ප්රදේශ තුලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු නොකලේ නම් අපදා කලමනාකරන ආයතනයට/ දිසා ලේකම් වරයාට/ ප්රාදේශීය ලේකම් වරයාට මුලික වශයෙන් නොසැලකිල්ල නම් වරද ආරෝපනය වන්නේය.
නමුත් ඉහත ආපදා අතරින් මහා ජලාශයන්හි වාන් ජලය වැව් දොරටුවලින් පිටකිරීමේ හේතුවෙන් සිදුවු විපත්වලට සෟජුවම අවධානයේ යුතුකම පැහැර හැරීම මත නොසැලකිල්ල නැමති වරද ආරෝපනය කිරීමේ හැකියාව පවතී.
වාර්ථාවන අන්දමට අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම හා කුරුනෑගල ප්රදේශයන්හි සිදුවු විනාශයන් සදහා පදනම්වු ප්රධාන හේතුව වුයේ මහ වැව් මගින් පිට කරන ලද වාන් ජලයයි.
එසේ වරද ආරොපනය වන්නේ ආපදා තොරතුරු පුර්වේක්ෂනය කිරීමේ හැකියාවක් තිබියදී මිලි මීටර් 200-500 අතර වර්ශාපතනයක් ලැබෙන අවස්තාවක තමන් වෙත තිබෙන දත්ත සමාකරනය( data simulation) උපයෝගී කරගනිමින් ඇතිවිය හැකි අනතුරු දායක තත්වය පුර්වේක්ෂනය නොකිරීම ඒ සදහා වන නිශ්චිත තීරන ගැනීමයි.
එවැනි තීරණ ගැනීමට අවස්ථා ගණනාවකදී නිසි තීරණ ගැනීමේ හැකියාව මහවැලියට සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුවට සතුව තිබු බව දැන් පෙනී යන්නේය. එනම්;
1. නොවැම්බර් 12 දා දෙරන නාලිකාවේ සාකච්ඡාවට සහභාගීවෙමින් කාලගුණ ප්රධානියා මිලී මිටර් 200 ඉක්මවා යන වර්ශාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව කියන්නේ ආපදා කලමනාකරන අංශයේ ප්රධානියා ඉදිරියේදීය.
2. බීබිසිය ඇතුලු විදේශ ජනමාධ්ය 20 වැනිදා සිට තිරසාරව ලංකාවට මිලි මීටර් 200 ඉක්මවා 500 දක්වා ලගාවිය හැකි වර්ශාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව වාර්ථා කොට තිබුනේය.
3. ඉන්දියාව, සුළිකුනාටුවට පදනම් වන wind shear එක නිර්මානය වී ඇති බව නිශ්චිතව එන බව සනාථ කරගන්නේ 26 වැනිදාය.
4. ඉන්දියානු කාලගුන දෙපාර්තමේන්තුව එම සුලි කුණාටුව ‘දිට්වා’ලෙස නම් කරනු ලැබුයේ 27 දාය.
5. ‘දිට්වා සුළි කුනාටුව ලංකාවට ඇතුලු වන්නේ 27 දා 06.00 UTC වලටය.
UTC යනු universal time coordinated යනුවෙන් හදුන්වනු ලබයි. ලාංකික වේලාව ගැනෙන්නෙ පැය 5.30 ලංකාවේ standard time එකට එකතුවීමෙනි. ඒ අනුව බලන කල ලංකාවට දිවාත් සුළි කුනාටුව ඇතුලු වන්නේ 27 දා මධ්යාහනයෙදීය.
ඒ අනුව බලන කල සාධාරන මිනිසෙකුට නොවැම්බර් 20 දා සිට මි.මී 200 එපිට වැසි පිළිබද බරපතල පුර්වේක්ෂනයකටද 26 දා සිට පැය 36 ක් තුල මි.මි. 200 සිට මි.මි. 400 ඉක්මවා යන වර්ශාවක් පිලිබද අති බරපතල පුර්වේක්ෂනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබුන බව පැහැදිලි වන්නේය.
මෙවැනි පුර්වේක්ෂනයක් මත දත්ත සමාකරනය (data simulation) කිරීමේ හැකියාව කාලගුණ දෙපාර්තමේන්තුවටද, ආපදා කලමනාකරන මධ්යස්නථායටද,වාර්මාර්ග දෙපාර්තමේන්තුවටද, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ද පවතින බව තහවුරුවු කරුනකි.
එම ආයතන සිදුවිය හැකි හානිය පිලිබදව විද්යාත්මක ප්රවේශයක් ගනු ලැබුවේද නැද්ද යන්න පිළිබදව ඇත්තේ විමතියකි.
එසේ data simulation එකක් සිදු කරනු ලැබුයේ නම් එම ප්රතිපල 2005 ආපදා කලමනාකරන පනත යටතේ පලමුව Disaster Management Centre එකටත් ඉන් අනතුරුව ජනාධිපති වරයා ප්රධානත්වය දරන National Council for Disaster Management වාර්ථා කල යුතුව තිබේ.
එම කවුන්සිලය විසින් තීරන ගෙන අපදා කලමනාකරන කේනද්රය විසින් අනුගමනය කල යුතු අපදා කලමනාකරණ යාන්ත්රනය (Disaster Risk Reduction(DRR) පනත මගින් පැහැදිලිව දක්වා තිබේ.
ඒ අනුව ජනාධිපති වරයාට නිල වශයෙන් අනතුර පිලිබදව පුර්වේක්ෂනය කරන්නටද, නිසි DRR තීරණ ගැනීම සදහාද ජනාධිපතිවරයා ජාතික කවුන්සිලය කැදවිය යුතුය.
මහා ජලාශ වලින් නුදුරේ එලඹෙන මහා ආපදාවක් හමුවේ ආපදාවට මුහුන දීම සදහා ජලය ඉවත් කිරීම ඉහත සදහන් DRR යාන්ත්රනයේ කොටසකි.
ඒ සදහා ජාතික කවුන්සිලය ජනාධිපතිගේ ප්රධානත්වයෙන් රැස්වී පවතින ජලය ඉවත් කිරීමට අඩුම වශයෙන් 20 දා සිට 26 දා වන කාලය තුල ගතයුතුව තිබිනි.
ජනාධිපතිවරයා විසින් ජාතික කවුන්සිලය කැදවන්නෙ නොවැම්බර් 27ය.
ඒ අනුව අනතුරු හැගවීම් තිබියදී මුලික ආයතන විසින් මුලික පුර්වේක්ෂන නොකිරීම හෝ එසේ කිරීමට ඔවුනට අන නොකිරීමේ වරද ආරෝපනය වන්නේ ආපදා කලමනාකරනය පිලිබද ජාතික කවුන්සිලයටය.
2005 පනතට අනුව එම කවුන්සිලයේ ප්රධානියා වන්නේද කවුන්සිලය කැදවීමේ බලය පවතින්නේද ජනාධිපති වරයාටය.
මහ වැව් දොරටු ඇරීමෙන් සිදුවන පිටාරයෙන් හානියට පත්වී තිබෙන්නෙ එම ජනතාව විසින්ම තෝරාපත් කරගත් ජනාධිපති වරයාය.
ඉහත කරුනු මගින් පෙනෙන්නේ ආපදා කලමනාකරණයට අදාල සියළු රාජ්ය ආයතන වල අවධානයේ යුතුකම පවත්වාගෙන යාම ජාතික කවුන්සිලයේ ප්රධානියා වන ජනාධිපති වරයාගේ වගකීමක් බවය.
පසුවදන: පාස්කු ප්රහාරයේදී එවකට ජනාධිපති ආරක්ෂක කවුන්සිලය නොතැකුවේ යම් හේතුවක් නිසාද එම හේතුව නිසාම වර්ථමාන ජනාධිපති වරයා ආපදා කලමනාකරනය පිලිබද ජාතික කවුන්සිලය නොතකා හැර තිබෙ. ජනාධිපතිවරයා අවසන් වරට කවුන්සිලය කැදවා ඇත්තේ අගොස්තු මාසයේදී වන අතර ඊට පෙර කැදවා ඇත්තේ අප්රේල් මාසයේදීය.
ජනාධිපතිවරයා තම පරිකල්පනය තුල ආපදා අනතුරක ඇති සම්භාවිතාවය බැහැර කොට ඇති බවක් පෙනේ.
මෙම කරුනු ගොනු කරන්නෙ අනුර ජනාධිපති වරයා දඩුකදේ ගැසීමට කරුනු ඉදිරිපත් කිරීමට නොවේ.
සමස්ත ව්යසනයේ වගකීම ඔහු විසින් දැරිය යුතු යයි යෝජනා කිරීමට නොවේ.
අවම වශයෙන් ඔහුගේ පාලනය තුල බරපතල ප්රතිපත්මය නොකර හැරීමක් සිදුව ඇති බව කියා පෑමටය.
සදාචාරාත්මකව මෙම නොකර හැර්රිම විතන්ඩවාදී තර්කයන් ගෙන් එපිටට ගොස් පිලිගනිමින් අදාල හානියට පත් ජනතාවට වගවිය යුතුබව කියා පෑමටය.
(මුහුණු පොතිනි)

