බුද්ධාගම ආයුධකරණය කිරීමේ ශ්රී ලංකාව දිගු කලක් තිස්සේ භාවිතා කරන ලද දේශපාලන නාටකය නැවත අප ඉදිරියේ තිරගත වෙමින් ඇත. දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා ආගම සහ ජාතිය ආයුධයක් ලෙස යොදා ගැනීමේ අප්රසන්න අත්දැකීම් අපගේ මනස තුලින් තවමත් වියැකී නැත. එම දේශපාලනය තවදුරටත් වලංගු නොවන අතරම අප තවමත් එහි ප්රතිපල වල පරිහානීය බලපෑම්වලින් තවමත් මිදෙන්නට උත්සාහ කරමින් සිටිමු. සාටකයින් විසින් පසුගිය ආසන්නතම දශක කීපය තුල ශ්රි ලංකාවට කරන ලද පරපතලම හානිය නම් මෙම සමාජ විඥ්ඥාණයට කරන ලද හානිය වේ.
එහි දිගුවක් ලෙස පසුගිය දිනවල සිදුවීම – ත්රිකුණාමලයේ වෙරළ සංරක්ෂණ අධිකාරියට අයත් ඉඩමක බුද්ධ ප්රතිමාවක් නීති විරෝධී ලෙස ස්ථානගත කිරීම – මහජන චිත්තවේගයන් ඇවිස්සීමට සහ දේශපාලන හැසිරීම් වලට බලපෑම් කිරීමට ආගමික සංකේත උපායමාර්ගිකව යොදවා ඇති ආකාරය නැවත වරක් හෙළිදරව් කර තිබේ.
කොළඹ 21 වන දින පැවැත්වෙන ප්රධාන විපක්ෂ රැලියකට දින කිහිපයකට පෙර මෙම ක්රියාව සිදු කළ වේලාව, හැඟීම් අවුස්සන්නට, බෙදීම් නාට්යකරණය කිරීමට සහ ජනතාව ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කළ උත්සාහයක් බව හෙළදරව් වී අවසන්ය. නමුත් මහජන ප්රතිචාරය ගැඹුරු සත්යයක් පෙන්නුම් කර ඇත: ශ්රී ලාංකික මහජනතාව මෙම නාට්යමය විකාර කෙරෙහි වැඩි වැඩියෙන් ඉවසීම නැති කර ගනිමින් සිටී. දශක ගණනාවක ආර්ථික දුෂ්කරතා, දූෂණය සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පසුව, පුරවැසියන් තම ආගම හැසිරවීම සඳහා මෙවලමක් ලෙස භාවිතා කරනු දැකීම ඔවුන් තව දුරටත් නොඉවසන බව සමාජ මාධ්ය ප්රතිචාර පෙන්වයි.
‘පූජනීයත්වය දේශපාලනීකරණය කිරීම’
සියවස් ගණනාවක් තිස්සේ, බුදුදහම ශ්රී ලාංකික සමාජයේ සංස්කෘතික කොඳු නාරටිය වී ඇති අතර, එය අනුකම්පාව, සිහිකල්පනාව සහ සදාචාරාත්මක හැසිරීම යන වටිනාකම් පිරිනමයි. එහෙත් මෙම ඉගැන්වීම් බොහෝ විට දේශපාලන ක්රියාකාරීන් විසින් යටපත් කරනු ලබන්නේ තමන්ව නීත්යානුකූල කර ගැනීම සඳහා තෝරා බේරා බෞද්ධ ප්රතිරූප භාවිතා කරන බැවිනි. මෙම උපක්රමය අලුත් දෙයක් නොවේ. නමුත් අලුත් දෙය නම් මහජන දැනුවත්භාවයේ මට්ටමයි.
අද වන විට, තරුණ හා මහලු ශ්රී ලාංකිකයින් වැඩි පිරිසක් මෙම රටාව හඳුනා ගනී:
දේශපාලන අර්බුදයක් මතුවෙයි
ආගමික සංකේතයක් හෝ සිදුවීමක් හදිසියේම වේදිකා ගත වේ.
දේශපාලන වේදිකාවල කහ පැහැති සිවුරු පැළඳගත් ඇතැම් පුද්ගලයින් පෙනී සිටිති.
පැරණි දූෂිත දේෂපාලකයන් නැවත බලයට ගෙන ් ඒමට උත්සාහ කරයි.
මේ සිදුවීම් ධර්මය ආරක්ෂා කිරීම හා සම්බන්ධ නැත. ඒවා දේශපාලන ඔක්සිජන් ජනනය කිරීම සඳහා ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත.
සිවුර දේශපාලන මෙවලමක් බවට පත් වූ විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ශ්රී ලංකා ඉතිහාසය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත – අධ්යාපනඥයින්, සමාජ ප්රතිසංස්කරණවාදීන්, උපදේශකයින් සහ ප්රජා යහපැවැත්ම ආරක්ෂා කරන්නන් ලෙස. නමුත් මෑත වසරවලදී, කනස්සල්ලට කරුණක් ඇති ප්රවණතාවක් මතු වී තිබේ: කහ සිවුර පැළඳ සිටින නමුත් සෘජු දේශපාලන නියෝජිතයන් ලෙස ක්රියා කරන පුද්ගලයින්.
ඔවුන්ගේ කතා බෞද්ධ ඉගැන්වීම් නොව දේශපාලන සටන් පාඨ ප්රතිරාවය කරයි. ඔවුන්ගේ ක්රියාවන් ශාසනයට නොව දේශපාලනඥයින්ට සේවය කරයි.
ඔවුන්ගේ රැලිවල සිටීමේ අරමුණ සදාචාරාත්මක මග පෙන්වීමක් නොව නීත්යානුකූලභාවයක් ඇති කිරීමයි.
ශ්රී ලාංකිකයන් දැන් මෙය පැහැදිලිව හඳුනාගෙන ඇත. කහ පැහැති සිවුරට යටින්, මහජනතාව බොහෝ විට පක්ෂග්රාහී පක්ෂපාතිත්වයේ නොවරදින සලකුණු දකී , ඒවා සංකේත, සන්ධාන, භාෂාව සහ දශක ගණනාවක් තිස්සේ බලයේ ආධිපත්යය දැරූ දේශපාලන පවුල්වලට බැඳී ඇති ජාලයන් වේ.
ආගමික අඛණ්ඩතාවයේ මෙම ඛාදනය බුද්ධාගම සහ ප්රජාතන්ත්රවාදය යන දෙකම අඩපණ කරයි.
‘සංඝ ක්රීඩාවලින් හෙම්බත් වූ සමාජයක්’
නීති විරෝධී ත්රිකුණාමල ප්රතිමාව තවත් එක් සිදුවීමක් පමණක් නොවේ; එය කැඩපතක් වේ. මහජන සහයෝගය තම උද්ඝෝෂණ වලට ලබා ගැනීමට ඇතැම් දේශපාලන ක්රියාකාරීන් බුද්ධාගම ආයුධයක් ලෙස භාවිතා කරන ආකාරය එයින් හෙළි වේ. නමුත් යමක් වෙනස් වී ඇත. ශ්රී ලාංකිකයන් දහස් ගණනක් බුද්ධාගම කෙරෙහි නොව, බුද්ධාගම හැසිරවීම කෙරෙහි කලකිරීමෙන්, කෝපයෙන් පසුවේ.
මහජනතාව පැහැදිලිවම එපා වී සිටින්නේ:
පන්සල් දේශපාලන මූලස්ථාන බවට පත් කිරීම
දේශපාලන ප්රකාශකයින් ලෙස භික්ෂූන් වහන්සේලා යොදා ගැනීම
රජය සතු හෝ ආරක්ෂිත ඉඩම්වල හෝ හංදියක් ගහක් ගලක් කඳුමුදුනක් ගානේ පිලිම තැබීම.
දූෂණය, වැරදි කළමනාකරණය සහ ආර්ථික බිඳවැටීමෙන් ජාතිය ගොඩ ගැනීමේ ක්රියාවළිය අතර අවධානය වෙනතකට යොමු කිරීම
මිනිසුන් දුක් විඳින විට පවා, සෙනඟ එක්රැස් කිරීම සඳහා ඇදහිල්ල සහ භක්තිය කුමනත්රණකාරී ලෙස යොදා ගැනීම
පැරණි චිනතනයන්ගේ නශ්ඨාවශේෂ අතරින් ලංකාව පරිණත වීමට උත්සාහ කරයි. ජනතාවට අවශ්ය වන්නේ ස්ථාවරත්වය, වගවීම, සාධාරණත්වය සහ ගෞරවය මිස අරාජික දේශපාඥයන්ගෙ පැවැත්මස සඳහා නිර්මාණය කරන ලද කණ්නාඩි නොවේ.
‘බුදුදහම සැබවින්ම නියෝජනය කරන දේ’
බුද්ධාගම අනිසි ලෙස භාවිතා කරන්නන්ගෙන් වෙන් කිරීම වැදගත් වේ.
ධර්මය ප්රවර්ධනය කරන්නේ:
අවිහිංසාව
අනුකම්පාව
සදාචාරාත්මක නායකත්වය
අවංකභාවය
ප්රඥාව
වගකීමක්
මෙම වටිනාකම් දේශපාලනික උපාමාරු හෝ භේදකාරී උපක්රම සමඟ සහජීවනයෙන් පැවතිය නොහැක. ආගම ආයුධයක් ලෙස භාවිතා කරන විට, එහි අධ්යාත්මික අරමුණ නැති වී යයි – සහ සමාජයට එහි සදාචාරාත්මක දිසාව අහිමි වේ. සැබෑ බෞද්ධ නායකත්වය සන්සුන්, නිහතමානී සහ ප්රතිපත්තිමය වශයෙන් පදනම් වූවකි – දේශපාලන අභිලාෂයන් විසින් මෙහෙයවනු නොලැබේ.
‘ඉදිරි මාවත’
ශ්රී ලංකාව තීරණාත්මක මොහොතක සිටී. මහජනතාව වෙන කවරදාටත් වඩා උගත්, සම්බන්ධිත සහ දේශපාලනිකව දැනුවත් ය. ආගම දේශපාලනය සමඟ මිශ්ර කිරීම, සංකේතාත්මක ක්රියාවන් සිදු කිරීම හෝ භික්ෂූන් වහන්සේලා දේශපාලන පලිහක් ලෙස භාවිතා කිරීම වැනි පැරණි උපාය මාර්ග නැවත පණ ගැන්වීමට ගන්නා උත්සාහයන් තවදුරටත් අපේක්ෂිත බලපෑම ඇති නොකරයි.
ඒ වෙනුවට, ඔවුන් දේශපාලන න්යාය පත්රයේ හිස් බව හෙළි කරයි.
ශ්රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් නැවත ගොඩනැගීමට නම්, බුද්ධාගම පක්ෂග්රාහී ගැටුමකට ඇද දැමීමෙන් ආරක්ෂා කළ යුතුය. ඇදහිල්ල රට සදාචාරාත්මකව මෙහෙයවිය යුතුය – මහජනතාව නොමඟ යැවීමට සූරාකෑමක් නොකළ යුතුය.
වගකීම පැවරෙන්නේ:
දේශපාලනඥයන්, ආගම ප්රචාරක මෙවලමක් ලෙස භාවිතා කිරීම නැවැත්වීමට.
ආගමික නායකයින්, සිවුරේ ගෞරවය ආරක්ෂා කිරීමට.
පුරවැසියන්, උපාමාරු ප්රතික්ෂේප කර අවංක පාලනයක් ඉල්ලා සිටීම.
බුදු දහම අවියක් නොවේ.
එය විමුක්ති මාර්ගයකි.
ශ්රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ එය එලෙසම තබා ගැනීම මත ය.
Anuruddha Lokuhapuarachchi මුහුණූ පොතිනි
සිදු වූයේ කුමක්ද?
ත්රිකුණාමල ගැටලුව ගැන ඔබ නොදන්න කතාව ගැන සබීර් මොහොමඩ් ලියූ කතාව බොහෝ දෙනා බෙදාගත් නමුත් අංශිකය. මේ සබීර් මෙහොමඩ් ලියූ කතාවය.
්මේ වෙලාවේ ගොඩක් දෙනෙක් දන්න කතාව තමයි,ත්රිකුණාමල දිස්ත්රික්කයේ ආරම්භ වූ ප්රථම දහම් පාසල වන මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්රිකුණාමල ප්රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකෙරුණා..
පසුව එදිනම (16) රාත්රියේදී එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සහ ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් අතර අවසානයේ දී පොලිසියම් එහි තැන්පත් කළ බුදු පිළිමය වරාය පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
එදින රාත්රියේදී සිදුවූ කලබලය අතරතුර බළන්ගොඩ කස්සප හිමි සහ ත්රිකුණාමලයේ කළ්යාණවංසතිස්ස හිමියන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පසුව අද(17) දහවල් 01 ට පමණ එම පිළිමය එම ස්ථානයටම නැවතත් වැඩම කරන ලදී..
ඊළඟට බොහෝ දෙනෙකු කියන්නෙ නැති සත්ය කරුණු කිහිපයක් (Facts) තියෙනවා
01. 1951 වර්ෂයේ සිට මෙම ස්ථානයේ දී විහාරස්ථානයක් තිබූ බවට සාක්ෂි සහ ලියකියවිලි තිබෙනවා.
02. මෙම ස්ථානයේ දී තිබූ විහාරස්ථානය ආරක්ෂක හේතුන් නිසා ටිකක් ඇතුලෙ තියෙන හමුදා කඳවුර අසලට අරන් ගිහින් තියෙනවා.
03. අතීතයේ තිබූ මෙම දහම් පාසලේ ඉගෙන ගත් දරුවන් අදටත් ත්රිකුණාමලේ ඉන්නවා.
04. සුනාමි ව්යසනයෙන් පසු එම ස්ථානයේ තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන තත්වයක් උඩ එම ප්රදේශය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා.
05. ඉන්පසු 2014 වර්ෂයේදී ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා විසින් පර්චස් 40ක ඉඩමක් ‘පූජා භූමි ඔප්පුවක්’ මගින් මෙම ඉඩම ලබා දී තිබෙනවා.
06. ඉඩමේ අයිතිය පන්සලට තිබුනට සංරක්ෂණය කරන්නේ – වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්. පන්සල විසින් එම ඉඩම වට කරලා ආරක්ෂාවට දැලක් දාලා තියෙනවා.
07. අද බුදු පිළිමය තැන්පත් කරපු තැනට අඩි පහක් වම් පැත්තෙ විශාල බෝ ගහක් සහ තවත් බුදුපිළිමයක් තියෙනවා. එම ස්ථානයේ කිසිදු බුදු පිළිමයක් නෑ කියන කතාව බොරුවක්. ඒ අවට පන්සල් දෙකකුත් තියෙනවා. ඒ පන්සල් දෙකටම බාරව ඉන්නේ ත්රිකුණාමලයේ කළ්යාණවංසතිස්ස හාමුදුරුවෝ.
මෙතන ප්රශ්නයට හේතුව ඇත්තටම දහම් පාසල නෙමෙයි. පන්සලට අයිති පර්චස් හතළිහක ඉඩමේ තියෙන කඩය (Photo 03, 04 – The Land)
“එක්සත් ජාතික පක්ෂයේ ත්රිකුණාමලය කොට්ඨාශ සංවිධායිකා දීපානි ලියනගේ මහත්මියගේ දුව සහ බෑනා කරගෙන යන මෙම වෙළඳසැලට විරුද්ධව ‘අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම’ කියන චෝදනාව යටතේ පොලිස් පැමිණිල්ලක්ද තිබූ බවත් පසුව එය ඉල්ලා අස්කර ගත් බවත් ගම්වාසින් පැවසුවා. ඇයට තිබූ චෝදනාව එවක ආණ්ඩුකාරවරයා වූ සෙන්තිල් තොණ්ඩමන් සමඟ එක්ව ඉඩම් ටික අල්ලා ගැනීමයි…”
කොහොම හරි ඒ කඩේ පවත්වාගෙන ගිය L Thilak Perera මහත්මයා අපට හමු වුණා. ඔහු මෙසේ පැවසුවා.
අපිට මේ ඉඩම ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයෙන් ‘විහාරස්ථාන සුභසාධක වෙළඳසැල’ විදිහට කරගෙන යන්න බද්දට දුන්න. ඇත්තටම විහාරස්ථානයට ආදායම් මාර්ග මුකුත් නැති නිසා තමයි මේ ඉඩම අපිට බද්දට දෙන්නෙ. ඒ වෙලාවේ කිසිම බලපත්රයක් හෝ අවසරයක් තිබුණෙ නෑ. අපි දන්න එකම දේ 2014 මහින්ද රාජපක්ෂ දීපු ඔප්පුව විතරයි. අපි ව්යාපාරය පටන් ගන්න කණු එහෙම හිටෙව්වා.
එහෙම තියෙනකොට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව – CCD සහ නගර සභාව ඇවිල්ලා අනවසර ඉදිකිරීමක් කියලා මේක නවත්තනවා. ඊට පස්සේ වෙළඳසැලක් හදන්න නම් අවශ්ය ආයතන ටික කියල ‘මේ තැන් වලට ගිහිල්ල Permission අරන් එන්න’ කියලා කියනවා.
මුලින්ම නිවාස සංවර්ධන අධිකාරියට යනවා. එතනින් කියනවා ආයතන හයකින් Approval ගත්තම අපි Permission දෙන්නම් කියලා. ඒ අය කියපු ආයතන තමයි,
– බෞද්ධ කටයුතු අමාත්යංශය
– වෙරළ සංරක්ෂණ…
– සමුද්රිය පරිසර…
– පරිසර අධිකාරිය..
– නගර සභාව…
– මාර්ග සංවර්ධන අධිකරිය…
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විසින් පසුව ‘CCCRN/ADC/6578’ නමින් Permit එකක් දුන්නා.
ඒ අතරතුර 2024, L Thilak Perera මහත්මයාට විරුද්ධව නගර සභාව ‘අනවසර ඉදිකිරීමක් කරනවා’ කියලා නඩුවක් දානවා. සීමාව ඉක්මවා ඔහු එම වෙළඳසැල පවත්වාගෙන යාම තමයි හේතුව.
“එම නඩුව තවමත් අධිකරණයේ තිබෙනවා”
ඉන්පසු 2025. 07. 18 වැනිදා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව මෙම වෙළඳසැලට 2023 දී ලබා දී තිබූ Permit එක Cancel කරනවා. ඒකට හේතුව ඔවුන් සීමාව ඉක්මවා ඉදිකිරීම් සිදු කර තිබීමයි. එම ලිපියේ වැඩිදුරටත් ‘වහාම මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්වන ලෙස’ සඳහන් කරලා තියෙනවා.
පසුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල්වරයා තමන්ට ඇති බලතල හරහා පොලිසියට මෙම වෙළඳසැල ඉවත් කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරනවා.
එම නියෝගයට අනුව ඉකුත් 04 වැනිදා පොලිසිය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව – CCD සමඟ මෙම ඉදිකිරීම අයින් කරන්න ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ විහාරයේ පාර්ශවය සහ CCD එකඟතාවයකට ඇවිත් දින හතකින් එය ඉවත් කරනවා හෝ වෙනත් යම් ක්රියාමාර්ගයක් ගන්නා බවට වරාය පොලිසියේදී පොරොන්දු වී තිබෙනවා.
පසුව මොවුන් පොලිසියට ගොස් පැමිණිල්ලක් දානවා – ‘කලින් නගර සභාව Thilak Perera මහත්මයාට විරුද්ධව 2024 දී පවරන ලද අනවසර ඉදිකිරීමේ නඩුවට අදාළව සාක්ෂියක් ලෙස තිබෙන්නේ මෙම කඩය හේතුවෙන් එය ඉවත් කළ නොහැකි’ බව.
එතකොට පොලිසිය කියලා තියෙනවා‍් ඒක අදාල නෑ.
විහාරයේ පාර්ශවය: හරි එහෙනම් අපිට දවස් හතක් දෙන්න ඒ ඇතුළෙ අපි අධිකරණයට ගිහිල්ල නඩුවක් දාන්නම්.
-පොලිසිය: හරි වැඩ කරන දවස් හතක් දෙන්නම්.
හරියටම ඒ කියපු දවස් 07 ඉවර වුණේ ගිය සිකුරාදා. ඊළඟට එන වැඩ කරන දවස අද. එතකොට එතනට බුදුපිළිමයක් ආවේ ඊයේ, ඒ කියන්නේ 16 ඉරිදා.
මේක ගැන එතන හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගෙන් ඇහුවා. එතකොට ඔහු මේක තවත් සරලව පැහැදිලි කරා.
“වෙරළ ආරක්ෂණ පනත යටතේ විවිධ සීමා තිබෙනවා. ඒ අනුව වෙළඳසැල් පවත්වාගෙන යාම සඳහා පුද්ගලයන්ට අවසර ලබාදීලා තියෙනවා. හැබැයි ඒ Agreement එකේම ‘මෙච්චර කාලයයි කරන්න පුලුවන්’ කියන එකත් කියලා තියෙනවා. ඒ කාලය ඉවර වුණාම Agreement එක එයා ආපහු Renue කරගන්න ඕන.
මධ්යම පරිසර අධිකාරිය, ප්රාදේශීය ලේකම්, UDA, UC ඇතුළු ආයතනවලින් වාර්තා ටිකත් ලබාගන්න ඕනෙ. හැබැයි ඒ වෙළඳ ආයතනයට දීපු වර්ග අඩි ප්රමාණයෙන් එහාට එයාලට යන්න බෑ. ඕක තමයි නීතිය.
මෙතන කඩේ තිබුණු ප්රශ්නය මේගොල්ලෝ ඒ දීලා තිබුණු වර්ග ප්රමාණයට වඩා එහා ගිහිල්ලා පොඩි පොඩි හට්ස් ගහලා කරගෙන ගිය. එතකොට CCD එකෙන් ඇවිල්ල ඒවා නැවැත්තුවා. ඒ ප්රශ්නය විසඳුනා.
ඊට පස්සේ ආයෙමත් Agreement එක Renue කරනකොට කලින් දීලා තිබුණු වර්ග අඩි 127, 400 ගානට ගියා. එතකොට ආයෙමත් ප්රශ්නයක් ආවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ Permit එක Cancel කරා. දින හතක් ඇතුළේ මේක අයින් කරන්න කියලා තහනම් නියෝගයක් ආවා.
පස්සේ පොලිසියට ඇවිල්ල කතා කරලා එකඟතාවයකට ආවා තව දින හතක් ඇතුළේ මේකට විසඳුමක් දෙන්නම් කියලා. ඒ දින හත ඉවර වුණේ ඉකුත් සිකුරාදා. ඒ අතර තමයි මේගොල්ලෝ මෙතන මේක හැදුවේ. ඒ වෙලාවේ වෙරළ සංරක්ෂණය අධිකාරිය ඇවිල්ල අපිට පැමිණිල්ලක් කරා මෙහෙම අනවසර ඉදිකිරීමක් හදල තියෙනව කියල.
වෙරළා සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඕනෑම වෙරළකින්ම ආගමික ස්ථානයක් හෝ වෙනත් ඕනෑම ඉදිකිරීමක් කරනවානම් නිසි අනුමතිය ලබාගත යුතුයි. නමුත් මෙහිදී එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නෑ. ඒකයි ඒ අය කිව්වේ මේක අයින් කරන්න කියලා..”
භූමිය කියන්නේ මනුස්සයෙක්ට ඉතාමත්ම සංවේදී කාරණාවක්. ත්රිකුණාමල දිස්ත්රික්කය කියන්නේ මෙවැනි ම් සම්බන්ධයෙන් වූ ගැටලු වලට ඉතාමත් ප්රසිද්ධ දිස්ත්රික්කයක්. පුරාවිද්යාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තියෙන ඉඩම් දහස් ගණන් මේ දිස්ත්රික්කය පුරාවටම තියෙනවා. එවැනි මොහොතක තමයි මේ සිද්ධිය වෙන්නේ.
හැමෝම තමන්ට අවශ්ය කෑල්ල විතරක් අරගෙන දුවනවා. මාධ්ය වාර්තා කරන්නෙත් ‘හිට් වෙන කෑල්ල’ විතරයි. මේ ප්රශ්නය මෙතනින් ඉවර වෙන එකක් නෙමෙයි. ඇතැම් විට මේකම විශාල ප්රශ්නයක ආරම්භයක් වෙන්නත් පුළුවන් !!
– Shabeer Mohamed මුහුණූ පොත
මෙම ස්ථානයේ සුනාමියට පෙර පන්සලක් තිබුණේ නැත. තිබුණේ පිළිමයක් පමණි. ඉරිදා දවසක මහ රෑ පන්සල ඉදිකිරීමට බලංගොඩ කස්සප නම් චීවරධාරියා ඉදිරිපත් වුයේ, ජූස් බාර් එක තහනම් වුවහොත් බඩම අල්ලා ගැනිමට බව ප්‍රදේශයේ තවත් අය මහුණූ පොතට ලිවූහ. සබීර් මොහොමඩ් කස්සප ගැන දැන සිට නැත.

බලංගොඩ කස්සප යනු කව්ද?
මේ හාදය ගෝල්ෆේස් අරගලය ඇතුලේ මාස ගණනාවක් හිටියා. ඒ හැම අවස්ථාවකම පෙනී හිටියේ වනවාසී බලන්ගොඩ කස්සප කියන අනන්යතාවයෙන්. අරගලය ඇතුලේ ගැඹුරු විශේෂයෙන්ම ජාතිවාදයට එරෙහි සංවාදවලදී මේ හාදයා මැද්දට පැනලා සම්පූර්ණයෙන්ම ඒ සංවාද දියකර හරින්න ජාතිවාදය දිහාවට අරගලය අදින්න උත්සහ කරපු අවස්ථා ගොඩාක් තිබ්බා.
කොහොම වුණත් මේ හාදයගෙ අනන්යතාවය එළිවෙන අපූරු සිද්ධියක් සිද්ධ වුණා. අරගලය ඇතුලේ සිදුවුණු උද්ඝෝෂණයක් අතරතුර ක් මේ හාදයාව අත්අඩංගුවට ගත්තා. පොලිසියේදී කට උත්තරේ දෙනකොටත් ලිපිනයක් කිව්වේ නෑ. කිව්වේ වනවාසි කියල.
කොටුව මහේස්ත්රාත්තුමා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වෙනත් නීතිඥයෙකු ඇප ගන්න ඉදිරිපත් වෙනවා කිව්වට ඉදිරිපත් උනේ නෑ. පස්සේ මම මූලික වෙලා ඇප ගත්තා. හැබැයි ඇපකාරයෝ දෙදෙනෙකු ශරීර ඇප ලෙස ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්රාත්තුමා නියම කරා. ඇපකාරයෝ දෙදෙනෙක් ඉන්නවා කියලා එනකන් මමත් බලාගෙන හිටියා.
කිව්වා වගේම ඇපකාරයෝ දෙන්නෙකුත් ආවා. හැබැයි ඒ ඇපකාරයෝ දන්නේ නෑ මේ හාදයා ඇත්ත අනන්යතාවය හංගගෙන වනවාසී කියන ලේබලය ගහගෙන අරගලේ ඇතුලේ හිටියා කියලා. ඇප දෙන්න ආපු දෙන්නා මම ගාවට ඇවිල්ලා කිව්වේ රතන හාමුදුරුවෝ තමයි එව්වේ ඇප තියන්න කියල.ඒ එක්කම වනවාසියා සාටක වාසියෙක් පිල්ලියක් කියලා හෙළිදරව් වුණා.
අරගලේ අල කරන තැන ඉඳන් මේ දක්වා කරන්නේ ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ රාජපක්ෂලගේ ව්යපෘතියක් වෙනුවෙන් වැඩ කරන එක. ඡන්ද වෙනුවෙන් පිළිම විවෘත කරපු ,කොත් විවෘත කරපු පිරිත් නූල් බැඳපු රාජපක්ෂලගේම ආගමික දෘෂ්ටිවාදය පෝෂණය කරපු ආණ්ඩුවට ත්රිකුණාමලය සිද්ධියේදී කස්සපලට යටවෙන්න සිදුවීම පුදුමයක් නෙවෙයි.
Nuwan Bopege මුහුණූ පොත
කොළඹ ඉඳලා ත්රිකුණාමලේ ගිහින් පංසල් හදන්න දහම්පාසල් දාන්න හදන කස්සප කියන අමු ජාතිවාදී තක්කඩි කහකඩයා කරමින් ඉන්නේ මේ රටේ යම් තරමකින් හරි නිවැරදි වෙමින් පවතින ජනතාවක් නැවත වටයකින් ගෝත්රිකවාදය දිසාවට තල්ලුකරන එක.
ජාතීන් අතර වෛරය පතුරවන්න පුළුවන් පහසුම මාර්ගය ආගම් අතර භේද ඇතිකිරීම කියලා මේ ආගමික උන්මත්තකයා දන්නවා. ඒකයි මූ මේකට බුදු පිළිමය පාවිච්චි කරන්නේ. පිළිම වලට පෙරළි පෙරළි වඳින ශ්රද්ධාව ඉහවහා ගිය ජනතාවක් ඉන්න රටක අල්ලන්න පුළුවන් ලේසිම නිළය මූ අල්ලනවා. පවතින තත්වය වගේම සහ මේ වගේ කල්ලතෝනි කහකඩයන්ගේ පජාත ත්රාඩ වැඩවලින් අවුස්සන්න කැසකවන ජාතිවාදය ලත් තැනම ලොප් කිරීම ආණ්ඬුව කරන්න ඕනා. මේ න්යාය පත්ර යට පවතින ගෝත්ර දේශපාලනය රටට හෙළිදරව් වෙන්න අවශ්යයි. සුදු අඳින එවුණුයි කහ අඳින එවුණුයි හැර රටට විශාල වශයෙන් කෙළෙව්ව සාමාන්ය මිනිහෙක් මේ රටේ දේශපාලන ඉතිහාසෙන් හම්බවෙන්නේ නෑ.
ඒ හන්දා සුදු රෙදි කහ රෙදි දේශපාලන ව්යාපාර දුටු තැන වහලා දාන්න වැඩකරන එකයි මේ ආණ්ඬුවත් සහ රටේ ජීවත්වෙන යන්තමින් හරි ඔළුවක් තියෙන මැදහත් ජනතාවත් කරන්න ඕන වැඩේ. ආනන්ද විජේපාල ඇමති පිළිමෙ තිබුණය කියන තැනට නැවත වඩම්මෝන එකකට වඩා අනීතික වැඩකදි ඊට විරුද්ධව නීති ප්රකාරව මැදිහත්වෙන පොලිස් නිළධාරීන් ගැන බලාගන්න ඕනා.
මුන් වගේ ත්රස්*තවාදී චීවරධාරීන් විසින් රට පුරා කරගෙන යන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය සහ පරිසර විනාශයත් සුළුපටු නෑ. බුදුරජාණන් වහන්සේගේ දහමටත් උන්වහන්සේටත් අපහාසක් නොවෙන්න නම් මේ වගේ එවුන්ගෙ සිවුර ගලවලා පු කට පයින් ගහලා එළවන්නෝනා. සාසනෙන් නෙරපන එක වගේ දේවල්නම් ළොවෙත් වෙන්නෑ.

ඔය කුඩය තියෙන්නේ ජාතිවාදයට උඩින්.
Jagath Chandana මුහුණූ පොත
ජූස් බාර් එක
මෙතන ඇත්ත කතාව මේක නෙවේ. මේ භූමිය පන්සලට ඇති අයිතියන්පිලිබද ගැටලුවක් නෑ. 2004 සුනාමියෙන් පසු මේ භූමිය භාවිතයෙන් ඉවත් වෙනවා. මෙතන ගැටලුව පැන නගින්නේ මේ භූමිය ආපන ශාලාවක් කිරීමට බදු දීමත් සමග. එය කිසිදු ආයතනයක අනුමැතියකින් තොරවයි මෙය සිදුවෙන්නේ. පසුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් CCCRN/ADC/6578 යටතේ තිලක් පෙරේරා යන අයට permit එකක් ලබා දෙනවා. නමුත් 2024 ණඩුවක් පවරනවා පොරොන්දු වූ ප්රමාණයට වඩා ප්රමාණයකින් විශාල කිරීම නිසා. පසුව 2025/07/18 මෙහි බලපත්රය අහෝසි කරනවා වර්ග අඩි 127 වෙනුවට වර්ග්ස් අඩි 400 ක් ඉදිකිරීම නිසා. ඒ අනුව මේ මස 4 වන දින මෙය කඩා ඉවත් කරන්න නියෝග කරනවා. පසුව පොලීසිය /පන්සල/ාඅපන ශාලාව අතර ඇති වූ එකගතාව මත මෙය ගිය සිකුරාදා වන තෙක් සුදුසු ක්රියාමාර්ග්ස්යක් ගැනීමට එකග වෙනවා. නමුත් හදිස්සියේම ඉරිදා දහම් පාසැලක් වෙනුවෙන් මුල්ගල තමා පිලිමයක් වැඩම කරනවා. දැන් කතාව පැහැදිලි ඇති නේ. මේකේ ලොකුම ගැටළුව පෙර අර්බුධ ගනනාවක් නිර්මාණය කල බලන්ගොඩ කස්සප මෙයට සහභාගී වීම හා කලහාකාරී ලෙස හැසිරීම. මේක නීතිමය ගැටලුවක් මිසක් ආගමික ගැටලුවක් නෙවේ. අපි මේ වගේ ගැට වලට අහුවෙලා රටක් විදිහට පිටිපස්සට ගිය ජාතියක්. ආයේ නොරැවටෙමු.


