ජායාරූපය: සාරා ජස්මින්
2019 අප්‍රේල් 20 වන දින ටාජ් සමුද්‍රා හෝටලයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් කෙනෙකු වන අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් සම්බන්ධයෙන් ලැබුණු තීරණාත්මක අනතුරු ඇඟවීමක් මත ක්‍රියා කිරීමට රාජ්‍ය බුද්ධි සේවය (SIS) අපොහොසත් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (09දා) පාර්ලිමේන්තුවට පැවසීය.
පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ දී හෙළි වූ පරිදි, 2015 සිට ජමීල් බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කරන ලද සැකකරුවෙකි. මේ පිළිබඳව ශ්‍රී ලංකා බ්‍රිෆ් විස්තරාත්මක ලිප පළ කර තිබේ.
අප්‍රේල් 20 වන දින සවස 4:52 ට හෝටලය. රාජ්‍ය බුද්ධි සේවය වෙත විද්‍යුත් තැපෑලක් යවා ජමීල් හෝටලයට ඇතුල්වීම පිළිබඳව දැනුම් දුන්න්ද නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එය නොසළකා හැර තිබේ. හෝටලය එසේ දැනුම් දුන්නේ ජමීල් ඒ වන විටත ත්‍රස්තවාදී නිරීක්ෂණ ලැයිස්තුවේ සිටි බව පරිඝනක ගතව තිබූ නිසා සහ අරලියගහ මන්දිරය අවට හෝටලවල නවාතැන් ගන්නා පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව නිිතිපතා රාජ්‍ය බුද්ධි සේවයට යැවිය යුතු වූ නිසාය.
සාමාන්‍යයෙන් සැක කටයුතු පුද්ගලයකුගේ නමක් ඒ අතර සදහන් වන විට ඉබේම ඒ පිළිබඳ අනතුරු හැඟවීමක් අදාල පරිගණකයන්හි සටහන් වේ. ඊට උදාහරණයක් නම් ගුවන් තොටුපළෙහි ගමන් බලපත්‍ර පරීක්ෂාවෙහි දී සැකකට යුතු පුද්ගලයින් එහි ඉබේම සටහන් වීමය.
එනමුත් ජමීල් ටාජු සමුද්‍ර හෝටලයෙහි නවාතැන් ගැනීම පිළිබඳන කිසිදු ක්‍රියාමාර්ගයක් රාජ්‍ය බුද්ධි සේවය ගෙන නොමැත. මෙම කරුණද මෙයට පෙර ජනමාධ්‍ය මගින් මතු කරන ලද ප්‍රශ්නයකි.
කුමන හෝ හේකුවක් නිසා ජමීල් ටාජ් සමුද්‍රයේ පිපිරීමක් සිදු කළේ නැත. පසුව ඔහු දෙහිවල ට්‍රොපිකල් ඉන් හිදී ඔහුගේ බෝම්බය පුපුරා ගොස් ඔහු මරණයට පත් විය..
එම අනතුරු ඇඟවීම නොසලකා හැරියේ මන්දැයි සහ රාජ්‍ය බුද්ධි සේවය තුළ මෙවැනි අවහිර කිරීම් කරන ලද්දේ හෝ ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ කවරතුද යන්න පිළිබඳව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව ද අමාත්‍ය විජේපාල පැවසීය.
තවද, පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මරණය තහවුරු කිරීම සඳහා බහුවිධ DNA පරීක්ෂණ පිළිබඳ තොරතුරු ද අමාත්‍යවරයා සදහන් කළේය.
“2019 අප්‍රේල් 24 වන දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මිය ගිය බවට වාර්තා වීමෙන් පසුව, ඇයගේ මරණය තහවුරු කිරීම සඳහා අවස්ථා දෙකකදී DNA වාර්තාවක් ඉල්ලා සිටියේය. අවස්ථා දෙකේදීම, ඇගේ සමීප ඥාතීන්ගේ සාම්පල සමඟ DNA නොගැලපුණි. මෙවර ඇගේ මවගේ සාම්පලයක් ඇතුළත් තුන්වන DNA පරීක්ෂණයක් කැඳවනු ලැබුවේ අමාත්‍ය සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළය.” යැයි අමාත්‍ය විජේපාල සඳහන් කළේය.
සාම්පල ලබා ගත් ආකාරය බරපතල සැකයන් මතු කර ඇති බවත්, බලධාරීන් දැනට ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳවද ශ්‍රී ලංකා බ්‍රිෆ් විස්තරාත්මක ලිපි කාලයක සිට පළකරමින් තිබී ඇත. අප විසින් මතු කරන ලද වැදගත්ම ප්‍රශ්නය නම් සරා ජස්මින් මිය ගිය බව තහවුරු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සහ රාජ්‍ය බුද්ධි සේවයට අවශ්‍ය වූයේ ඇයිද යන්නයි.
ඔහු තවදුරටත් කියා සිටියේ සිවනේසතුරෙයි වන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරුදින ප්‍රහාරය කල් තබා දැන සිටි බවට ප්‍රබල සැකයක් මතුව ඇති බවය. මෙම සැකය පදනම් වි ඇත්තේ දෘඩ සාක්ෂි මත නොව පිල්ලෙයාන් විසින් ලියා පළ කරන ලද පාස්කු ප්‍රහාරය නම් පොත බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගැනීමට ලැබී තිබේ.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේදීය.
මෙම විවාදයේ දී විපක්ෂ පාර්ලිමෙන්තු මංත්‍රීවරුන් වන මුජිබර් රහමන්, කාවින්ද ජයවර්ධන සහ ශානක්කියම් රාසපුත්‍රම් විසින් ද වැදගත් කරුණූ ගණනාවක් ඉදිරිබත් කරන ලදී. මෙ කරුණූ දැක්වීම් හමුවේ ඔවුන් රහස් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කරන බවට ජාජබ මංත්‍රීවරු තර්ජනය කළහ. විපක්ෂ මංත්‍රීවරුන් විසින් දක්වන ලද කරුණූ පසුව ලිපියකින් ඉදිරිපත් කරමු.
සුනන්ද දේශප්‍රිය.