Friday, May 30, 2025

දූෂණයේ ආර්ථිකය: දඩුවම් නැති බිලියන 100ක අපරාධ දෙකක්

ලංකාවේ දූෂණය ප්‍රශ්නයක් කියලා දැනගන්න මාතෘකාවක් අවශ්‍ය නැහැ. ඔබ එය දැකලා තියෙන්නේ සුළු දිරිගැන්වීමක් නොමැතිව ඔබේ ලිපිගොනුවට අත තියන්නේවත් නැති  සිනහවෙන් පිරුණු නිලධාරියෙකුගේ මේසය අසල. රෝහල් ගේට්ටුව අසලදී ඔබ එය මුමුණන හඬින් අසා ඇති. ඔබේ දරුවාගේ අනාගතය කුසලතා මත නොව සම්බන්ධතාවයක් මත රඳා පවතින විට ඔබට එය දැනී ඇති. මේ රටේ  තියෙන්නේ දූෂණයේ ආර්ථකයක්.

දූෂණයට බදු අය කළේ නම්, ශ්‍රී ලංකාව මේ වන විට රටේ ණය ගෙවා තිබෙන්න තිබුණා. මිල ඉහළ ගිය වූ ටෙන්ඩර්වල සිට අවතාර කොමිෂන් සභා දක්වා සෑම අවස්ථාවකදීම, අඩු මුදලකට වැඩිපුර ගෙවීමේ කලාව අප පරිපූර්ණ කර තිබෙනවා. දූෂණයට විරුද්ධ නොවීමේ මෙම මූසළකම කෙතරම් සාමාන්‍යකරණය වී ඇත්ද යත්, නීති රීති අනුගමනය කිරීම සමහර විට අවදානම් සහිත විකල්පයක් ලෙස හැඟෙන්නට පුළුවන්.

බලපත්‍රයක් අවශ්‍යද? මාස ගණනක් ඉන්න, නැතහොත් සිකුරාදා වන විට මගේ ගණන ගෙවා එය ලබා ගන්න. උසස්වීමක් අවශ්‍යද? ඔබේ මාමා ඇමතිවරයෙකු අදුණනවානේ. අපටත් සප් එකක් අරං දෙන්න. ව්‍යාපාර කිරීමට අවශ්‍යද? ඔබ ගෙවීමට සූදානම් වන්න.

නමුත් විහිළු, කෙටිමං සහ සදාකාලික වූ උපාය මාර්ග පිටුපස, දූෂණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇතුළතින් පිටතට ගලා යවනවා. එය ආයෝජන ආපසු හරවනවා, රාජ්‍ය වියදම් පුම්බා ගන්නවා, සේවාවන් අඩපණ කරනවා වාගේම එය ගෑවෙන සෑම ආයතනයක් කෙරෙහිම විශ්වාසය ඛාදනය කරනවා. මෙම සතියේ ‘‘Market Mine’’ ශ්‍රී ලංකාවේ දූෂණයේ ආර්ථික පිරිවැය පරීක්ෂා කරනවා  ඇති.

හදිසි සීනි බදු සංශෝධනය, බැඳුම්කර වංචාව ද  මහා දුෂණය.

බොහෝ අය දූෂණය ගැන සිතන විට, මේසයක් යටට ලිස්සා ගිය අල්ලසක් හෝ දේවල් වේගවත් කිරීම සඳහා කරන ලද කුඩා ගෙවීමක් ඔවුන් සිතනවා. එම එදිනෙදා හුවමාරු කිරීම් ගැටලුවේ කොටසක් වුවද, ඒවා මතුපිට පමණයි. ශ්‍රී ලංකාවේ දූෂණය බොහෝ ගැඹුරට දිව යන එකක්. මන්ද එය බොහෝ විට ප්‍රතිපත්ති තීරණ, ප්‍රසම්පාදන ගනුදෙනු සහ නියාමන හිඩැස්වලට බැඳී ඇති බැවින්. එය බිලියන ගණනින් තිරය පිටුපසට මාරු කරයි.

වෙරිටේ පර්යේෂණ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන් ද සන්ඩේ මෝනිං වෙත පැහැදිලි කර ඇති පරිදි, කුප්‍රකට සීනි බදු වංචාව සලකා බලමු. එහිදී ආනයන බදු එක රැයකින් රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළා. එය ආපසු හැරවීමට පෙර වසර තුනක් ගත වුණා. එහි ප්‍රතිඵලය වූයේ උග්‍ර මූල්‍ය ආතතියක් පැවති කාල පරිච්ඡේදයක් තුළ රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 80 ක විශ්මයජනක ලෙස අහිමි වීමයි.

මුදල් අමාත්‍යාංශය සතුව තිබූ අධික අභිමත බලය හේතුවෙන් මෙම ප්‍රතිඵලය සිදුවූ බව රාජකුලේන්ද්‍රන් මහතා පැවසයි. එමඟින් පාර්ලිමේන්තු පරීක්ෂාව මඟ හැරීමට තීරණය කිරීමට හැකි වුණා. “බදු අඩු කිරීමට බලය තිබුණේ මුදල් අමාත්‍යවරයාට පමණක් වන අතර එම ප්‍රතිපත්තිය 2020 ඔක්තෝබර් සිට 2023 නොවැම්බර් දක්වා ක්‍රියාත්මක වුණා.”

ඔහු මෙම සිදුවීම ව්‍යුහාත්මකව  කරන ලද මහ බැංකු බැඳුම්කර වංචා සන්දර්භය තුළ තබයි. එමඟින් භාණ්ඩාගාරයට තවත් රුපියල් බිලියන 20 ක් අහිමි වුණා. මෙම අපරාධ දෙක රුපියල් බිලියන 100 ක පාඩුවක් නියෝජනය කරනවා.  මෙම මුදල එය 2024 සඳහා රජයේ ප්‍රක්ෂේපිත පුද්ගලික ආදායම් බදු එකතු කිරීමට සමාන වීම අපරාධයේ තරම් පෙන්වා දෙනවා.

බැඳුම්කර වංචාව කරන්නට, පෝලිමක් පැන්නේ නැහැ. මහජනයාට පේන්න  කිසිදු ලියුම් කවරයක් හුවමාරු වුණෙත්  නැහැ. නමුත් හානිය ඕනෑම කුඩා මට්ටමේ ගෙවීමකට වඩා බෙහෙවින් විනාශකාරී වුණා. එය ආයෝජකයින්ගේ විශ්වාසය සොලවා, මූල්‍ය ආයතනවල විශ්වසනීයත්වය බිඳ දැමූවා. දිගු කාලීන මූල්‍ය ප්‍රතිවිපාකවලින් රට මත බරක් පැටවූවා.

“උපකල්පිතව, අප මෙම සිදුවීම් දෙක වළක්වා ගත්තා නම්, කිසිවෙකුට ශතයක්වත් ගෙවීමකින් තොරව 2024 සඳහා අපගේ ආදායම් බදු ඉලක්කය සපුරා ගත ගන්න තිබුණා,” රාජකුලේන්ද්‍රන් සඳහන් කරයි.

එනමුත් ප්‍රශ්ණය මෙයයි. මෙම බිලියන 100ක අපරාධයේ වගඋත්තරකරුවන් තවමත් ප්‍රභූවරුන් ලෙස රාජ්‍ය අරමුදල් වැය කරමින් වැජඹීමයි.

 

ද මෝනිං පුවත්පතෙහි පළවූ ලිපියක කරුණූ ඇසුරු කරන ලදී.

.

Archive

Latest news

Related news