ගීතිකා ධර්මසේන පේස් බුක් ලෝකය තුල මෙසේ ලියයි:
ෆේස්බුක් ලෝකය තුළ කසුන් පුස්සවෙල Kasun Pussewela ඇතුළු මාධ්යවේදීන් සහ ඔවුන්ට සහාය වෙමින් අදහස් දක්වන පිරිස Lakmali Hemachandra නීතිඥ ලක්මාලි හේමචන්ද්ර සහ වෛද්ය නජිත් ඉන්දික Najith Indika මන්ත්රීවරුන්ගෙන් ‘යුක්තිය’ ඉල්ලා සිටින ඉල්ලීමෙහි තවත් යමක් තිබෙයි. එනම් ඔවුන් අසන ප්රශ්නය ඔබ ඔබගේ බලය භාවිත නොකරන්නේ මන්ද යන්නයි.
ප්රශ්නය වී ඇත්තේ මේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු මෙන් සිය බලය යොදා නීතිපතිට කෝල් කර, විනිසුරුවරුන්ට කෝල් කර, පොලිස්පතිට කෝල් කර නිදහස් කළ යුත්තේ කව්රුන්දැයි, තබා ගත යුත්තේ කව්රුන්දැයි කියන්නේ නැති වීමය.
මන්ත්රීතුමිය, ලක්මාලි හේමචන්ද්ර, මන්ත්රීතුමා, නජිත් ඉන්දික මේ ඔබට ප්රහාර එල්ල කරමින් ඉල්ලා සිටින්නේ පිටිපස්සේ සිට මර්ධනය ගෙන එන්න කියාය.
ඔබ සංවාදයට එන සෑම විටම සමානාත්මතාවය පිළිබඳ පැරණි දේශපාලනයේ බල රේඛා බිඳ වැටෙයි. බොහෝ පිරිසකට එය දරා ගැනීමට නොහැකිය. ඒ නිසා මේ ඉල්ලීම් ඔබට පැහැදිලි කර කිව යුතුය:
“කරුණාකර පිටිපස්සේ සිට මර්ධනය ගෙනෙන්න.”
“2/3 බලය අත්විඳින්න! එය ක්රියාත්මක කරන්න!”
“ඔබ ලොක්කන් බව පෙන්වන්න”
“ඔබ පරිණත මර්ධකයින් බව පෙන්වන්න!
“පව සඳහා පරිණත වෙන්න”!
“පන්සල් යන ඝාතකයෙක් වෙන්න”!
“‘පින’ පිටුපස ඇති පවෙහි විශාලත්වය මේ පිරිසට පෙන්වන්න”!
*ලක්මාලි හේමචන්ද්ර, ඔබට අමතන සමහර ආමන්ත්රණ සඳහා පිස්තෝලයක් ඉනේ ගසාගෙන වැඩට බැස්සත් කම් නැත!
——-
ඇය මේ ප්‍රහාරය එල්ල කරන්නේ නීතිපති විසින් ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම පිළිබඳව සිවිල් සමාජ පිරිස් විසින් විසින් කරනු ලබන විරෝධතාවයන්ට ය. ඒ සඳහා ඇය සංකේතනාත්මකව තෝරා ගන්නේ කසුන් පුස්වෙලය.
ඇයගේ තර්කය අනුව නීතිපතිට විරුද්ධව ප්‍රකාශ කිරීම වරදකි. ඇයගේ තර්කය අනුව සරත් සිල්වා, මොහාන් පීරිස්, සංජේ රාජරත්නම් වැනි නීතිපතියන්ට ද අප නිහඩව සවන් දිය යුතුව තිබුණි. මන්ද යත් නීතිපති පාරිශුද්ධ නිසාය.
නමුත් ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය කීවේ මෙයයි. එනම් නීතිපති ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන් බවය.
මේ සම්බන්ධයෙන් පේස් බුක් ලෝකයේ සටහනක් තබන විජයානන්ද ජයවීර කියන්නේ මෙයයි:
ඒ හැර සාක්ෂි සඟවන, නොදෙන,විනාශකරන සහ විමර්ශන නොමග යවන සහ විමර්ශන පැහැර හරින වැනි යුක්තිය ඉටුවීමට කරන සියලු බාධා කිරීම් (obstruction of justice) බරපතළ සාපරාධී ක්රියා බවට පත්කරන සහ ඒ සම්බන්ධ වගවීම වඩා සංයුක්ත ලෙස පැහැදිළි කරන නව පනත් කෙටුම්පතක් සාකච්ඡා කොට සම්මත කර ගැනීමට ද ආණ්ඩුව ප්රමුඛත්වය දිය යුතුයි.
තවත් පේස් බුක් පෝස්ටුවකට අනුව ලංකාවෙ කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් කල, (සාමාජිකාවන් මිලියන දෙකක් විතර ඉන්න !) විමුක්ති ව්යාපාරයේ මහ ලේකම් Geethika Dharmasinghe ය. එය ඇත්ත නම් ඇය ඉදිරියට පැමිණ සිටන්නේ සිය සභාපතිනිය වෙනුවෙනි!
ගීතිකා ධර්මසිංහට විස්තරාත්මක පිළිතුරක් කසුන් පුස්සවෙල දී තිබේ. ලසන්ත ඝාතනය ගැන කසුන් පුස්සවෙල සහ තවත් බොහෝ දෙනෙකු යුක්තිය ඉල්ලා සිටි සමයේ ඇයගේ මැදිහක්වීම කුමක්දැයි දැන ගැනීමට නැත.
මේ කසුන් පුස්සවෙල ගේ පිළීතුරයි:
හිතවත් Geethika Dharmasinghe අක්කේ, ඔබ ඔබේ ඉඩෙහි පළ කර ඇති ප්රකාශයට මගේ ප්රශ්නාවලිය සහ පිළිතුරු දීර්ඝ බැවින් මෙහි පළ කරමි.
මම මර්දනයක් අවශ්ය බව ප්රකාශ කළ, ලියපු හෝ අනුමත කළ තැනක් මගෙ ජනමාධ්ය ඉතිහාසයෙ හෝ පෞද්ගලික ජීවිත ඉතිහාසයෙ හෝ පෙන්විය හැකිද?
ෆේස්බුක් ලෝකය යනු කුමක්ද?
ෆේස්බුක්හි සිටින්නේ ශ්රී ලංකාවේ හෝ ඉන් පිටත ඉන්න ශ්රී ලාංකික මිනිස්සු හෙවත් මහජනතාව නොවේද?
සමාජ මාධ්ය යනු පිළිගත් ජනමාධ්ය අවකාශයක් බව ඔබ නොදන්නේද?
ගරු පාර්ලිමේන්තු මන්ත්රිනි ලක්මාලි මගෙන් ප්රශ්න කරන්නේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් මගේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස සලකන යෑම් ඊම් නිදහස, භාෂණයේ නිදහස, කැමති වෘත්තීයක යෙදීමේ නිදහස නොවේද?
ලාල් වික්රමතුංග කියන්නෙ ලසන්තගේ සහෝදරයා. එතුම තමයි පෙරේදා නීතිපති හමුවෙන්න ගියේ ජනමාධ්ය සගයින් එක්ක. විරෝධය දැක්වුවන් අතරත් ඔහු හිටියා. ලසන්තගේ දියණිය ලිඛිතවම අගමැතිනියගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ නීතිපති ඉවත් කරන ලෙසයි. ඔවුන් දෙදෙනාව ඔබට, පාර්ලිමේන්තු මන්ත්රී නජිත් සහ ලක්මාලිට අනුව ඇඟේ අමාරුව- හදිසිය ඇති අයද?
ඔවුන් දෙදෙනාම ලසන්ත වෙනුවෙන් කළ ඉල්ලා සිටීම් දෙකම ආණ්ඩුව සතු පාර්ලිමේන්තුවේ ක්රියාදානයට සම්බන්ධ මහජන බලය පාවිච්චි කර කරන ලෙස කළ ඉල්ලීම් නොවේද?
නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්න යැයි ඉල්ලීමම ආණ්ඩුවේ බලය (ආණ්ඩුවේ බලය නිවැරැදිව අර්ථකථන කරගන්න) පාවිච්චි කරන ලෙස කළ ඉල්ලීමක් නොවේද?
එහිදී ඊට සමානව යුක්තියේ ගමන යුක්තියේම කියල තියෙන විදියට ඉෂ්ට වෙන බව පේන්න තියෙන්න ඕන කියන එම ඉල්ලීමටම සමාන ඉල්ලීම් විවිධ ආකාරයෙන් ඔබ පවසන ෆේස්බුක් ලෝකයත්, මාත්, මාධ්යවේදීන් හා සියළුම මාධ්ය සංවිධානත් ඉල්ලීම පමණක් වැරදි වන්නේ කෙසේද?
ලසන්තගේ ලේ ඥාතීන් දෙදෙනා හැර ලසන්තගේ ඉරුදින පුවත්පතේ හිටපු අවසන් ප්රවෘත්ති කතුවරය විදියටත්, අවුරුදු 10කට වඩා කාළයක් ලසන්තගෙ නඩුව සම්බන්ධයෙන් ලියපු පුද්ගලයෙක් විදියටත්, පුරවැසියෙක් විදියටත් එම ඉල්ලීමම කළ මම පමණක් ආණ්ඩුව අපහසුතාවයට කරන, හෝ වැරදිකරුවෙකු හෝ තදියම්කාරයෙක් වීමේ පදනම මොකක්ද ? ඒ බව ජනාධිපති මාධ්ය අධ්යක්ෂක, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන නජිත් ඉන්දිකත්, ලක්මාලි හේමචන්ද්රත් ප්රශ්න කිරීම යනු කුමක්ද?
ඔබගේ ප්රකාශයෙන් උපුටාගත් කොටස –
\\ “කරුණාකර පිටිපස්සේ සිට මර්ධනය ගෙනෙන්න.”
“2/3 බලය අත්විඳින්න! එය ක්රියාත්මක කරන්න!”
“ඔබ ලොක්කන් බව පෙන්වන්න”
“ඔබ පරිණත මර්ධකයින් බව පෙන්වන්න!
“පව සඳහා පරිණත වෙන්න”!
“පන්සල් යන ඝාතකයෙක් වෙන්න”!
“‘පින’ පිටුපස ඇති පවෙහි විශාලත්වය මේ පිරිසට පෙන්වන්න”!//
( මුළ් පෝස්ටුව – https://www.facebook.com/share/p/1GqYSJgudw/?mibextid=wwXIfr)
ඔබ ප්රකාශ කරන පරිදි ලාල් වික්රමතුංග , අහිම්සා වික්රමතුංග, මා ඇතුළු මාධ්ය සගයන් ද ෆේස්බුක් ලෝකයේ පුරවැසියනුත් ඔබ උඩ සඳහන් කළ මර්දනයන් ඉල්ලා ඇත! – (නැවත ස්ථිර කිරීම “ඔබ ප්රකාශ කරන පරිදි මර්දනයන් ඉල්ලා ඇත”)
එවැනි ඔබ කියනාකාරයේ මර්දනයක් අප ඉල්ලා ඇති ප්රකාශ, ලිවීම් ඔබට පෙන්විය හැකිද?
මම ලංකාවේ නොමැති නිසා ( මම නම් තාවකාලිකව) මන්ත්රී ලක්මාලිට සහ නජිත්ට අනුව මට යුක්තිය ඉල්ලා සිටිය නොහැකිය! අහිම්සාද ලංකාවේ නැත! එබැවින් මන්ත්රී ලක්මාලි සහ නජිත් මේ අසන්නේ අහිම්සාටද සිය පියා වෙනුවෙන් යුක්තිය පිටරටක සිට ඉල්ලා සිටිය නොහැකි බවද?
මා කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මන්ත්රීවරිය සොයා බලන බව ප්රකාශ කර ඇත. ඇය සොයා බලන බව කියන්නේ දැන් ඇය සිවිල් පුරවැසියෙකුගේ තත්ත්වයක සිට නොවේ. ඇය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක ලෙසය. එනම් ඒ ඇය පෙන්වන්නේ කුමන බලයක්ද?
මර්දනය ඉල්ලූ බව කියන්නේ ඔබය. මා නොවේ. මර්දනය දැනටම පෙන්නුවේද මා හෝ ෆේස්බුක් ලෝකය නොවේ මන්ත්රී ලක්මාලි සහ නජිත් ය.
ලක්මාලි මාව ප්රශ්න කළේ හාන්ස් විජේසූරිය සම්බන්ධයෙනි. හාන්ස් ලසන්ත සහ වසීම් ඝාතන නඩුවලට අදාල දුකථන අංක නොදුන් බව කීවේ මම නොවේ ශානි අබේසේකර නම් අප දන්නා විශිෂ්ට නිලධාරියාය. ඒ මට පමණක් කණට කොඳුරාද නොවේ. මීට අවුරුදු 7කටත් පෙර උසාවියේදීය. ඒ ගැන මා ලියා වසර 7කි. ශානි එය මටද තවත් මාධ්යවේදීන් ගණනාවකට කියූ අතර ඒව බොහෝමයක් පුවත්පත්වල ඔවුන් ලියා තිබේ. වර්තමානයේ මන්ත්රී ලක්මාලි, නජිත් සහ ඔබ කියන ෆේස්බුක් සමාජයේ ඇතැම් පිරිස්වලට අනුව එම හාන්ස් මේ ආණ්ඩුවට සහයෝගය දෙන නිසා ලබැඳියාවන් අතර ගැටුමක් නැත! මා අවුරුදු 7කට පෙර ප්රසිද්ධ මාධ්යයේ ලියූ දේවල් නම් වැරදි නම් හෝ බොරු ලියා ඇති නම් එදාද අදද හාන්ස්ට ඒවා අසත්ය බව ප්රකාශ කරන්න තිබුණා නොවේද? ඔහුට එකලම උසාවි යන්න තිබුණා නොවෙද?
( මන්ත්රී ලක්මාලි ප්රතිචාර දක්වා ඇති සටහන – https://www.facebook.com/share/p/15KPkLs54n/?mibextid=wwXIfr )
ශානිට අද වුවද එවැන්නක් අධිකරණයෙ හෝ මා සමග හෝ ජනමාධ්යවේදීන් සමඟ ප්රකාශ නොකළ බව කිව හැක! එහෙත් ලක්මාලි අසන්නේ හාන්ස් ලසන්තගේ පරීක්ෂණවලට බාධා කළාද යන්නය. පිළිතුර ඔව්! ඒක කිව්වෙ මම නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් ශානි අධිකරණයට කරුණු වාර්තා කරල. ඉතිං මන්ත්රී ලක්මාලි ප්රශ්න කරන්න ඕන මාව නෙමෙයි ශානිව හරි හාන්ස්ව හරි. එක්කො ඔවුන් දෙන්නම එකට ඉන්න ආණ්ඩුවෙන් හරි. මන්ත්රිනී ලක්මාලි මේ ප්රශ්න කිරීම් කරන්නෙ මම ලියපු ඒ ප්රකාශය සමග. ඒ ප්රකාශය තමයි ‘ඉතිහාසයෙ දෙපැත්තක හිටපු හාන්ස් සහ ශානි අද එකම ආණ්ඩුවක ගමනක් යනව. හැබැයි කොහොම හරි ඒ ගමන යුක්තිය දිශාවටම යන්න ඕන’ කියල. එහි ඇති වරද කුමක්ද?
( ලසන්ත ඝාතනය පිළිබඳ මීට වසර 7කට පෙර ලියූ ලිපි ත්රිත්වය – https://www.facebook.com/share/15eVccdbmA/?mibextid=wwXIfr )
ඒ වගෙම ලසන්තගෙ අධිකරණ පරීක්ෂණ පටන් ගත්තෙ ලසන්ත ඝාතනය කරපු දවසෙමයි. නමුත් පරීක්ෂණ සිදු වුණේ නෑ. ලඝු නඩු ගොනු වුණා. එච්චරයි! ඉන් පස්සෙ ආයෙම ලසන්ත පරීක්ෂණ වසීම් පරීක්ෂණ සියල්ල පටන් ගත්තෙ 2015දි. මෙතෙක් සාකච්ඡාවට ගන්න පුලුවන් තොරතුරු සියල්ලම හෙව්වෙ ශානි, තිසේර, නිශාන්ත ඇතුළු නිලධාරීන් පිරිස ගොඩක් වෙහෙස වෙලා ඒ කාලය ඇතුලත. මන්ත්රී නජිත් සහ ලක්මාලි ඒ සම්බන්ධයෙනුත් කියල තිබුණෙ අසත්යක් සහ අතිශයෝක්තියක්. ඒ මේ ආණ්ඩුවෙන් තමයි ලසන්ත පරීක්ෂණ පටන් ගත්තෙ කියල. දේශපාලනිකව නැවත සක්රීය කිරීමයි, පරීක්ෂණ පටන් ගත්තායි කීම දෙකක්. ඔබට අනුව ඔබ ප්රකාශ කරන්නේ දේශපාලන බලය යොදවා යුක්තිය ඉෂ්ට නොකළ යුතු බවක්. එහෙම නම් තෝරාගත් නඩු 13ක් හෝ ඒ ආසන්න ප්රමාණයක් නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කිරීමම දේශපාලනය බලය යෙදවීමක් නොවේද? යුක්තිය වෙනුවෙන් බල කිරීම ආණ්ඩුවට කරන මර්දනය ඉල්ලා සිටීමක් යැයි අභූත චෝදනාවක් කරන ඔබ අනෙක් අතට එම බලයම යොදවා තෝරාගත් පරීක්ෂණ කීපයක් පමණක් කිරීම අනුමත කරන්නේ මොන පදනමෙන්ද?
අනෙක් අතට ‘මාස හතරනෙ’ කියනව. ආණ්ඩුව ආරක්ෂා කරනව කියන්නෙ යුක්තිය සහ ලසන්තල ගැන මැතිවරණ වේදිකාවෙ මහජනතාවට වුණු පොරොන්දුව ඉෂ්ට කිරීම හා ඉෂ්ට කරන බව පෙන්වන එක මිසක් මේ පණිවිඩය කියන මට හෝ මහජනතාවට, මාධ්යවේදීන්ට ප්රහාර එල්ල කිරීමද? මාව ප්රශ්න කරන්න කලින් මුලින්ම ප්රශ්න කරන්න ඕන ඒ මහජන පොරොන්දුව ලංකාවෙ සහ ලෝකෙ පුරාම කිව්ව, ඒ පොරොන්දුව විශ්වාස කරල මමත් ඇතුළුව රටේ අති බහුතරයක් ජන්දය දුන්නු ජනාධිපතිවරයගෙන්. ඊට පස්සෙ ඒ පොරොන්දු මතම බලයට පත් වුණු ආණ්ඩුවෙන් නෙමෙයිද?
යහපාලනයෙන් පස්සෙ ආයෙම දින 52 ආව. ඊට පස්සෙ ගෝඨාභය ආව. අත්වල ලේ ගෑවුණු ඒ සියලුම පාලකයන් කළ දේවල් මුළු ලෝකයක්ම දන්නව. ඔය නීතිපති ඉවත් කරන්න කියන සැකකරුවන් තුන්දෙනා හොයන්න 2015 මුළ ඉඳන් දින 52 නීතිවිරෝධී ආණ්ඩුව වෙනකම් වෙහෙසුනේ ශානි ප්රමුඛ නිලධාරීන් කීපදෙනෙක්. නීතිපති සහ ආණ්ඩුව මේ කරමින් ඉන්න දේවල් සියල්ල හරි කියල අද ඔයාල කියනව නම් ඒ කියන්නෙ එදා ශානි වැරදියි කියන එක නෙමේද? ආණ්ඩුවට පීඩනයක් එද්දි තර්ක කර කර ප්රකාශ කරන්න හදන්නෙ මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙ ශානිගෙ යටතෙ අධීක්ෂණය වුණු අධිකරණයෙ තොරතුරු වැරදියි කියන එකද ?
නීතිපති කියන දේ අනුව එක්කො ශානිල අධිකරණයෙ කියපුව සහ අපි පත්තරවලට ලියපුව බොරු වෙන්න ඕන. නැත්තම් අපිට ඔය ප්රශ්නය අහන්න වෙන්නෙ නීතිපතිගෙනුයි. ගැටලුව තියෙන්නෙ අපි අහන ප්රශ්නවලට උත්තර දෙන්න නීතිපති නෛතිකව බැඳිල නැති වීම. නීතිපති උත්තර දෙන්න බැඳී ඉන්නෙ පාර්ලිමේන්තුවට විතරයි නම් ඒක කරන්න ඕන ආණ්ඩුව නෙමෙයිද?
ඒකයි මම මතු කළ කාරණය. නීතිපතිගෙන් මහජනතාව හෝ ෆේස්බුක් ලෝකයෙ මිනිස්සු හෝ ජනමාධ්ය ඇහුවම කියන්න විධි විධාන නැති නිසා මහජන ඡන්දයෙන් පත්වෙච්ච ආණ්ඩුව ඔහුව පාර්ලිමේන්තුව තුළින් අහන්න ඕන. ඔබ යෝජනා කරන්නෙ එතකොට කුමක්ද ඒ වෙනුවට? පෙරේදා අධිකරණ ඇමති කරපු ප්රකාශය වගේ මහජනතාව හෝ මාධ්යට කිසිවක් අදාල නැති ගාණට නීතිපති සහ නීතිඥ සංගමය කියන දේ බාර අරගෙන නිහඬ වීමද?
මහජනතාවට දුන්නු පොරොන්දුව අනුව ආණ්ඩුව මහජනතාව වෙනුවෙන් ඒ ප්රශ්නය නීතිපතිගෙන් අහන්නෙ නැත්තෙ ඇයි? ඔන්න ඕක මීට වඩා සරලව “ආණ්ඩුව මේ හෑල්ලු කරමින් සිටින්නේ යුක්තිය ඉෂ්ට කිරීම සහ ඉෂ්ට කිරීම පෙනෙන්නට තිබිය යුතුය යන නීතියේම සඳහන් යුක්තියේ ක්රියාදාමයයි! තවද ජනමාධ්යවේදීන්ට එරෙහි අපරාධ වැළලීමත්, ජනමාධ්ය සහ අධිකරණය හෙළිදරව් කරන ලද තොරතුරු හෑල්ලු කිරීමත්ය!” කියල කිව්වම තමයි මන්ත්රී නජිත් මගෙන් අහන්නෙ මම ලංකාවෙන් පිට ඉඳීම, එතුමා ඇඟ සහ ඔලුව දීල ඉන්න බව වගේ කාරණා. ඉතිං මම මේ අහන දේ වැරදිද? ලසන්තගෙ ලේ ඥාතීන්ටත්, මාධ්යටත්, පුරවැසියන්ටත්, මටත් ඒක නීතිපතිගෙන් ප්රශ්න කරන්න නෛතික විධිවිධාන නැති නම් අපි ආණ්ඩුවෙන් හැර කාගෙන්ද අහන්නෙ?
මන්ත්රී ලක්මාලි සහ නජිත් දිගින් දිගටම ප්රශ්න කළේ මම මේ මොහොතෙ එංගලන්තයේ සිටීම ගැන. ඒ අනුව යුක්තිය වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතිය ගැන. මම පහුගියදා එංගලන්තයේ නියෝජ්ය මහකොමසාරිවරියට බාර දුන්න ලිපිය බාර දෙන්නෙ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් විදියට. මට තියෙන්නෙ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ විදේශ ගමන් බලපත්රයක්. මම කිසිඳු වෙලාවක මේ රටෙන් හෝ වෙනත් රටකින් දේශපාලන රැකවරණ හෝ ඒ හා සමාන වීසාවක් ඉල්ලලත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඒ අනුව මම ලසන්තට යුක්තිය ඉල්ලා ලිපිය බාර දෙන්නෙ එංගලන්තයේ රජයේ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ස්වෛරී භූමියක් විදියට සලකන මහ කොමසාරිස් කාර්යාලය ඇතුළත භූමියේ ඉඳගෙන. එතකොට මම මන්ත්රීවරුන් දෙපළ ප්රකාශ කරන විදියට වෙනත් රටක සිට යුක්තිය ඉල්ලීම කරන්න මට තියෙන අයිතිය ප්රශ්න කරන්නේ මොන පදනමකින් ද?
නියෝජ්ය මහ කොමසාරිස්වරිය උක්ත කරුණ ශ්රී ලාංකික පුරවැසියෙක් ලෙස මාද, මේ මොහොතේ මට එවැන්නක් බාර දීමට සිටින නෛතික රාජ්ය නිලධාරීවරිය ඇය වශයෙන්ද එම ලිපිය පිළිගැනීම හරහා සිදු විය. එසේ නම් නජිත් සහ ලක්මාලි යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනා ප්රශ්න කරන කාරණය අනුව රාජතාන්ත්රික සේවය යනු කුමක්ද?
( එම අවස්ථාවේ ජායාරූප – https://www.facebook.com/share/p/15hthruokR/?mibextid=wwXIfr )
ඒ වගේම රාජපක්ෂ දූෂිත කාටලය විසින් හංවඩු ගහපු එන්ජීඕ, වෙනත් රටක සරණාගත බාවය බලාගෙන කරන ක්රියා, විදේශ මුදල් ලබා ගැනීම, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වැනි චෝදනා මේත් සමගම ගෙන ඒමට ඇති සාක්ෂි හෝ තොරතුරු මොනවද?
රාජ්ය බලය, ආණ්ඩු බලය, සියලුම සෙවීමේ යාන්ත්රණ ඇත්තේ මමත් ජන්දය දුන්න මේ ආණ්ඩුවට. උඩ සඳහන් ඕනෑම තොරතුරක් සෙවීමට මම ඕනෑම සහයෝගයක් දෙන්න සූදානම්. යම් රාජ්ය නොවන සංවිධානයකට සේවය කළා හෝ කරමින් ඉන්නව නම් හෝ එවැන්නකින් යම් මුදලක් හෝ වරප්රසාදයජ් අරගෙන තියෙනව නම් එවැන්නක් සොයා බලන්න. ( එකම වරෙක රුපියල් 1500ක් ලැබුණ දරිද්රතා විශ්ලේෂණය කේන්ද්රයෙන් ගාල්ලෙ ඉඳන් කොළඹ ආව කියන දුර පදනම මත. ඒකත් ඔවුන්ගේ විගණනයට ගැටලුවක් වෙන නිසා මට බාරගත යුතු බව ප්රකාශ කළ නිසා ගත්ත මුදලක්)
ඒ වගෙම 2019දි පළමු සමුළුවෙ ගොඩ නගමු ශ්රී ලංකාව කියන වාර්තා වැඩ සටහනේ මේ ආණ්ඩුව ගොඩ නගන බවට ප්රතිඥා දුන්න වැඩ පිළිවෙලේ යුක්තිය ඉෂ්ට කිරීම සහ රාජ්ය ත්රස්තවාදය ගැන සඳහන් කරන්නෙ මම . ඒ මුළු වාර්තා වැඩ සටහනම පටිගත කලේ මගේ බිරිඳ. එතකොට මේ ආණ්ඩුවේ මහජන පොරොන්දුව වෙනුවෙන් , යුක්තිය සහ රාජ්ය ත්රස්තවාදය ගැන පෙනී හිටපු, පහුගිය සැප්තැම්බර් ජනාධිපති මැතිවරණයෙදි වර්තමාන ජනාධිපතිගෙ යුක්තිය ඉෂ්ට කිරීමේ පොරොන්දුව විශ්වාස කරල ජන්දය ප්රකාශ කරපු මගෙන් මේ මන්ත්රීවරුන් ප්රශ්න කරන්නෙ මොකක්ද? ඔබ ප්රශ්න කරන්නෙ කුමක්ද? සරලව මම ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ යුක්තිය ඉෂ්ට කරන්න කියල. මොකද මාධ්යකරුවෙක් විදියටත් පුරවැසියෙක් විදියටත් මේ ආණ්ඩුවෙ ප්රතිපත්ති වෙනුවෙන් මහජනතාව ඉස්ස්සරහ පෙනී ඉඳල ජන්දයත් ප්රකාශ කරපු කෙනෙක් විදියට මට යුක්තිය අවශ්යයි. දැන් මේ මන්ත්රී දෙපළ කියන විදියට තවත් කාළයකුත් , ඔබ කියන විදියට යුක්තිය ඉෂ්ට නොවීමකුත් වෙනව නම් බලය ගන්න කළින් ඇයි නිසි අධ්යනයක් නොකර ලසන්ත ඇතුළු යුක්තිය සම්බන්ධයෙන් සත්ය අපහසුතාවයන් ගැන නොකිව්වෙ?
( ගොඩ නගමු ශ්රී ලංකාව වාර්තා වැඩසටහන – https://www.facebook.com/share/v/b2aGVksMazJJczYF/?mibextid=UalRPS)
ඇත්ත! එක රැයින් මාසෙන් හෝ මාස 4න් බෑ. ඒක මේ මන්ත්රීවරුන් දෙපළ හෝ ඔබ කියන්න අවුරුදු ගාණකට කලින් ඉඳන් මේ ජනාධිපතිවරයා එක්කම අපි කතා කරල තියෙනව. ඒවයෙ සංකීර්ණ බව ඉතාම දැඩියි. ප්රායෝගික තත්ත්වය පෙනි පෙනී දැන දැන ආණ්ඩුවට හෝ ජනාධිපතිට ඉබාගාතේ ගහන්න අවශ්යතාවක් නැහැ. පරාජිත දේශපාලන කඳවුරුවලට මේක තලුමරන්න පුලුවන් රණ්ඩුවක් බව පෙන්නන උත්සාහ කළාට මම දන්න සහ මම හිතන විදියට ජනමාධ්ය සමාජයත්, ඔබ කියන ෆේස්බුක් ලෝකෙටත් ඉන් පරිබාහිර මහජනතාවටත් මෙවෙලෙ ආණ්ඩුවෙ මේ හැසිරීම ගැටලුවක්. ඒක සාධාරණ ගැටලුවක්. මේ මන්ත්රීවරුන් දෙන්නට සහ ඔබට අනුව ඒක එක එක විකාර අදහස්වලින් ගහන එකක් වුණාට මහජනතාව බලය දුන්නෙ මෙහෙම කුකුසක් මත බලන් ඉන්න නෙමෙයි. මේ අද දවසෙත් මම අහන්නෙ මොකක්ද ආණ්ඩුව අරගෙන තියෙන පියවර මේ සම්බන්ධයෙන් ? නිශ්චිත පිළිතුරක් නොදී ඒ වෙනුවට මම ලංකාවෙ නැති එකයි, නීතිපති ප්රශ්න කරන්න බෑ කියන එකයි, නීතිඥ සංගමයෙ ප්රකාශයටයි මුවා වෙලා තර්ක කරනව. නීතිපති අගවිනිසුරුවරු ප්රශ්න කරල ගෙදර යැව්ව ජනමාධ්ය ඉතිහාසයක් ලංකාවෙ තියෙනව.
( රාවය එවක නීතිපති සමඟ කළ සටන පිළිබඳ අදහස – https://www.facebook.com/share/p/1ArCkKXhab/?mibextid=wwXIfr )
මැතිවරණ වේදිකාවල, පොරොන්දුවල තියෙන ඒව කිව්ව ඒව අද ප්රායෝගික තලයෙදි වෙනස් වුණාට ඉතිහාසයේ මම ලියපුවගෙ සහ මගෙ පෙනී සිටීම ගැන මට මහජන වගකීමක් තියෙනව. මම මහජනතාවට වග කියනව. ඒක මම ජනාධිපති, ආණ්ඩු තියා වෙන කිසිවක් නිසා ආපස්සට ගන්නෙ නෑ. ගන්නත් මට බැහැ.
යහපාලනයෙ මැද හරියෙදි මෛත්රීපාල සිරිසේන ශානිව ගෙන්නම ‘තමුසෙ ‘ කියල බැන්නෙ ‘බුද්ධි අංශ හිරේ දාල මාව නැති කරන්නද හදන්නෙ’ කියල. ඒ රාජපක්ෂලගෙ කැම්පේන් එද්දි රාජ්ය ආරක්ෂාව අනතුරේ කියල. මේව දන්නෙ නැත්තම් එක්කො ඉතිහාසයෙ පත්තර අරන් බලන්න වෙනව. අඩුම ගානෙ ශානිගෙන් බැරි නම් මේ නඩු සම්බන්ධයෙන් දන්න දැන උගත් ආණ්ඩුවෙම ඉන්න කෙනෙක්ගෙන් හරි අහන්න වෙනව. ශානිල වෙනුවෙන් එදා ලක්මාලිල නජිත් පෙනී නොහිටියට ඔයා ඔය උඩ කියන ජනමාධ්ය සමාජයත් ෆේස්බුක් ලෝකයත් පෙනී හිටිය. ශානි කියන ගෞරවනීය නිලධාරිය අමාරුවෙන් හොයල හොයල නැහුන යුක්තියෙ ගමන වෙනුවෙන් රංජන්ල වගේ මිනිස්සුන්ටත් බැගෑපත් වෙලා ඉල්ලීම් කරන්න වුණා. රාජපක්ෂ කාටලය ඒවටත් ගහල ඒ මනුස්සයව වැට්ටුව. මේ දේවල් ලිව්වම ඒව පළ කරන්න යහපාලනයෙදි විරුද්ධ වුණ ලේක්හවුස් හිටපු සභාපති ක්රිෂාන්ත කුරේ අද ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනේත් ඉන්නව. එවක මගේ හිටපු ප්රවෘත්ති කර්තෘවරය ශාලික විමලසේන මට මාසෙකට කලිනුත්, ඉන් පස්සෙ නියෝජ්ය කර්තෘවරය විදියට ඉල්ලා අස් වුණේ ඔය වාරණය එක්ක සහ ගෝඨාභයගෙ වියත්මගට ගහන්න මගෙ ලිවීම් පාවිච්චි කරන්න රජයේ ඇජෙන්ඩාවක තිබීමත් කියන කාරණය නිසා. වෘත්තීය ප්රතිපත්තිය වඩා වටින නිසා ඉල්ලා අස් වුණා. ඒ වගේ යුක්තිය පිළිබඳ කාරණා ලිවීම දේශපාලන තනතුර මත පාලනය කරපු උදවිය අද මේ ආණ්ඩුව ඇතුළට ආවම භෞතිස්ම වීමයි, ආණ්ඩුවේ පොරොන්දු ගැන මහජන අභිලාශයන් ගැන ඇහුවම අපි ද්රෝහීන් වීමයි කුමක්ද?
( ඉල්ලා අස්වීමේ ලිපිය – https://www.facebook.com/share/15n7LmGK4b/?mibextid=wwXIfr )
එදා ඒ යුක්තිය හොයාගෙන ගිය ඒ ඒ විශිෂ්ට නිලධාරියට, යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න බව සහ පෙනී ඉඳීවි කියල අදටත් මේ මොහොතෙත් විශ්වාස කරන මහජනතාවට, ඒ මහජනතාව තෝරා පත් කරගත්ත ජනාධිපතිට මගේ ගෞරවය තියෙනව. ඒ වගෙම හැමදාම ඔයාටත්, නජිත් සහ ලක්මාලිටත් ඔවුන් පෙනී හිටපු ප්රගතිශීලී හැම දේකටමත් මට ගෞරවය තියෙනව. ඒක නැති වෙන්නෙ නෑ. ඒ බව ඔයා මේ එක්කම ගරු මන්ත්රීනි ලක්මාලි හේමචන්ද්රට සහ ගරු මන්ත්රී නජිත්ට කියන්න. ඒ එක්කම මේකත් කියන්න ඕන. ෆ්ලැට් කරන ඩෝසර් කරන පන්නයේ තගරි මහජනතාවවත් මමවත් සතේකට මායිම් කරන්නෙ නෑ. ඒ යුගය පහු වෙලා මහජනතාව අපිට වඩා ඉස්සරහට ගිහින් ඉන්නෙ. එක විටම පිරිච්ච වී කරලක් වගෙ වෙනව වගෙම උසට වැවුණු උණ ගහක් විදියටත් අපි දේශපාලනයෙදි වගෙම ජනමාධ්යයෙත් ඉන්න අවශ්ය වෙනව. අපිට කිසිම අයිතියක් නෑ මහජනතාවට ඔවුන්ගේ බලාපොරොත්තු වලට, විශේෂයෙන්ම යුක්තිය අහිමි සමාජයක යුක්තිය ඉල්ලන මිනිස්සුන්ට ෆැලැට් කිරීමේ පරණ න්යායන් දාන්න. නීතිපති ඇතුළු අධිකරණයට, ව්යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට, විධායකය හෙවත් ජනාධිපතිවරයාට සියලුම බලයන් දෙන්නෙ මහජනතාව. බදු ගෙවන්නෙ මහජනතාව. නීතිපති හෝ ඉන් ඉහළ පහළ කිසිවක්, විධායක ව්යවස්ථාදායකය හෝ ජනමාධ්ය කියාගන්න අපටත් මහජනතාවගෙ බලය ඉස්සරහ ප්රශ්න වීමට ලක් වෙන්න වෙනව. මිනිස්සු ඒක ඉක්මනින් තීරණය කරනව. ඊටත් කලින් අපරාධවල ලේ තැවරුණු පිසාචයින් වැඩ පටන් ගන්නව.
හොඳම උදාහරණය ඊයෙ වෙද්දි පොහොට්ටුවෙන් නීතිපති ගැන ප්රකාශ කරන්නෙ ආණ්ඩුව දරන මතයමයි. එතකොට ඒ දේශපාලන කඳවුරු දෙකම එකක්ද? දෙකක්ද? කොතනින්ද ආණ්ඩුව වෙනස් වෙන්නෙ?
මම නජිත්ටවත් ලක්මාලිටවත් පෞද්ගලිකව කිසිවක් පළ කරල නැහැ. මහජනතාව එහෙමත් නැති නම් ඔබ කියල තියෙන විදියේ ෆේස්බුක් ලෝකය සහ ජනමාධ්ය සමාජය ඔවුන් දකින දැක්ක විදියට ප්රතිචාර දක්වලා තියෙනව. ඒක මගේ පාලනයෙන් තොර අවකාශයක් සහ මහජන මතයක් . පළමුව ලක්මාලිටත් දෙවනුව නජිත්ටත් ඔවුන් ප්රකාශ කරපුවට පිළිතුරු දීම විතරයි මම කළේ.
ඔවුන් දෙන්නම දේශපාලනයෙදි හොඳ ඉදිරිගමනක් යන්න ඕන අය. ඒත් මම විශ්වාස කරන යුක්තිය ඇතුළෙ ‘ දෙව්ලොවම කඩා වැටුණත් යුක්තිය ඉටු විය යුතුය’ කියන තැන මම ඉන්නව. ඒක කෙනෙකුගෙන් කෙනෙකුට අනුව යුතෝපියාවක් වගෙ වුණත් මට ආපහු හැරෙන්න බෑ. ඒත් අපි ඉස්සර වගෙම ඉක්මනින් මහ පාරෙ මිනිස්සු වෙනුවෙන් හමු වෙන්න ඕන.මම ඉක්මණින් එනව. ආදරෙයි! ජය!
කැමති නම් උත්තර දෙන්න. නොදුන්නත් ගැටලුවක් නෑ. මගෙන් තවදුරටත් දීර්ඝ පිළිතුරු නොලැබේවි. ( මම රැගෙන නාව නිසා ලසන්ත සහ උඩ මතු කළ කාරණා ගැන තව කොතෙකුත් ඇතත් පුවත්පත් ලිපිවල ජායාරූප සොයාගන්න අපහසුයි) ස්තුතියි!
විවේචකයින්ට පහර දීම ගැන විවෘතවම ජාජබයට සහය දුන් ලේඛක චූලාන්නද සමරනායක මෙසේ පේස් බුක් ලෝකයේ ලියා ඇත:
ලසන්ත ඝාතන සිදුවීම සහ නීතිපති විසින් දරනු ලබනා ස්ථාවරය සමගින් ආණ්ඩුව සහ ලසන්තගේ ඝාතනය පිළිබඳ යුක්තිය ඉල්ලන පිරිස් අතර වාග් සංග්රාම හටගෙන තිබේ.
ඒ සඳහා පිළිතුරු බඳින්නට ඉදිරියට එන ජාජබ පාර්ශවය ස්වකීය පිළිතුරු අතර අපි මෙහේ රටේ ප්රශ්න විසඳන්න හදනවා උඹල මොනවද කළේ වැනි ප්රශ්ණ නගනු පෙනේ. විශේෂයෙන්ම කසුන් පුස්සෙවෙල එහිදී ප්රහාරයට ලක්වනුද පෙනේ.
ආණ්ඩුව මිතුරු විවේචන ඉවසා සිටින්නට නොහැකි තත්වයකට පත්වෙමින් සිටින ආකාරය කනගාටුදායකය. ආණ්ඩුව පැත්තෙන් ඇති බරපතලම අඩුව වනුයේ මැතිවරණයට පෙර තිබූ මාධ්ය කුසලතා අහිමිව යාමයි. ආණ්ඩුවට වඩා අනෙක් පාර්ශවය බලවත් ය. එහෙත් ඒ පාර්ශව බලයද හිමිව තිබූ මැතිවරණයට පෙර සමයේ ඊට කදිමට මුහුණ දුන් ජාජබය දැන් මාධ්ය අතින් පසුබා ඇති අයුර ඔවුන්ගේ කල්පනාවට ලක්විය යුතුය.
ආණ්ඩුව දැන් අසීරු ගැටයක සිරව සිටී. එහි ප්රතිඥාව ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමයි. එහිදී ශිරාණි බණ්ඩාරනායක ඉවත් කල සිදුවීම පන්නයේ වැඩ කිරීමට ජාජබයට නොහැකිය.
අනෙක් අතින් ජනතාව අපේක්ෂා කරන්නේ ජාජබය පොරොන්දුවූ පරිදි ඉක්මණින් වැඩ කරනු දකින්නටය.
එහෙත් ඒ සඳහා පළමුව කල යුත්තේ ඇවැසි ව්යුහාත්මක වෙනස්කම් සිදුකර අවශ්ය ශක්තිමත් පදනම් දැමීමය.
ආණ්ඩුව මේ මාස කිහිපය තුල එය වේගයෙන් ළඟා කරගත යුතුය. මුල් කාලයේදී ආණ්ඩුව ඊට අසමත් වන්නේනම් ඉදිරිය අවිනිශ්චිත වනු ඇත.
ජාජබ යේ බලකාරයන් දැන් කළයුත්තේ තමන්ට මිතුරු විවේචන එල්ල කරන්නන් ගර්හාවට ලක්කිරීම හෝ සතුරු ගොඩට දැමීම නොව තමන්ට ජනතාව දුන් ප්රමාණවත් බලය යොදවා යලි කිසිදු ආයතනයකට පීලි පනින්නට නොහැකිවන ලෙස පදනම් ශක්තිමත් කිරීමයි.
දක්ෂ ගොවියා නියරේ ඇති කක්කුටු ගුල් වසනවා මිස කක්කුට්ටන්ට කෙලවන්නට නියර මකා නොදමයි. එහෙත් පාගොයියා එසේ නැත. ආණ්ඩුව භාරගත යුත්තේ පාගොයි භූමිකාව නොව ගොවි භූමිකාවයි. එසේ නොකළොත් වී වපුරන්නට සැරසෙන විට කෙතේ ආරක්ෂාවට නියරක් ඉතිරි නොවනු ඇත.